Latest Entries »

2011/04/02

අපේ ජීවිතේ තුල ලැබුනු දේ වලට වඩා නොලැබුන දේ හරිම වැඩියි. ජයග්‍රහන වලට වඩා පරාජයන් බොහෝමයි.

ඒ පරාජයන්, ජයග්‍රහනයන්, ලැබුන දේ, නොලැබුනු දේ, සිතට දුකක් හෝ සතුටක් ස්වභාවයෙන්ම අපට උරුම කර දෙන්නට ඇති. ඒත් වඩා වැදගත් වෙන්නෙ අපි තාමත් ජීවත් වෙනවයි කියන එකනෙ?

සෑම දුක් කදුලක්ම විශ්මය ජනක ලෙස සතුටු කදුලකට හැරවේවි. සෑම පරාජයක්ම තවත් එක් නැවුම් ජයග්‍රහනයකින් අමතකව යාවි.

ඉදින් වේදනාවත් තාවකාලික නොවේද? එහෙවු "තාවකාලික වේදනාවක්" ගෙන දුන් "සියළු පරාජයන්" ආශීර්වාදයක්ම කොට ගෙන.

විවෘත්ත වූ මනසකින් නැවතත් අතීතය දෙස හැරී බලමු.

එවිට තමන්ගේ දුර්වල පරාජයන් මතින් ගොඩ නැගුනු ඊටත් වඩා බොහෝ ශක්තිමත් වර්තමානය සිහි කැදවෙනු ඇත. ඒ වර්තමානය ගැන සිතා “ඔබ” සතුටුවෙනු නොඅනුමානයි.

එසේ සතුටුවන ඔබ හට මගෙන් සුභ පැතුම්!


3 comments:

  1. ඉට් ඉස් ටූ කොම්ප්ලිකටෙඩ්...

    ReplyDelete
  2. උඹේ කොමෙන්ටුවත් කොම්ප්ලිකටෙඩ්...

    ReplyDelete
  3. අයියේ, font size එක ලොකු කරල ටයිප් කරා නම් කියවන්න ලේසියි....

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL