Latest Entries »



නුඹ ගැන
සිහින මවන්නට 
අවසරයි

මගේ කාලය

අද සදුද. හොද දවසක්. මට දැන් ගිය අවුරුද්දෙ මේ කාලේ මතක් වෙනව. හරිම සැහැල්ලුවෙන් අළුත් යාළුවොත් එක්ක SLIIT එකට ඇවිල්ල mid term test එක එහෙම ලියල EE වලට එහෙම ලකුණු 13 ක් ලැබිල මගේ schol එකට මොනව වේවිද කියල හිත හිත හිටිය කාලෙ තමා. ඒ දවස්වල සිකුරාදා වැඩ ඉවරවෙලා කෙල්ලත් බලාගෙන ගෙදර දුවපු හැටි මට තාමත් මතකයි. දැන් හුගක් දේවල් වෙනස් වෙලා. ඒ කිව්වේ ඒ කාලෙ හිටපු අදුන ගන්නවත් බැරිව, කතා කරන්නෙවත් නැතිව, හිටි යාළුවො දැන් මගේ හොදම මිත්‍රයො වෙලා. හරිම පුදුමයි. ඒත් ඇත්තයි.

ඇත්තටම මම හරි වාසනාවන්තයි A\L ඉවර කරල වෙනින් මොහොකටවත් එහෙම ගියා නම් විශේෂයෙන්ම CINEC ගිහිල්ල නැව් නැග්ග නම් අද මට මෙච්චර සතුටක් ලබන්න වෙන්නෙ නැහැ. ඒ දවස් වල ඉගෙන ගනිපු එකම programing language එක, මම ජීවිතේ පළවෙනි පාරට ඉගෙන ගනිපු programing language එක, master කරන්න මම දගලපු දැගලිල්ල. SLIIT එකේ lab අස්සෙ විදපු දුක. ඒකාලෙ මම ගත කරපු ජීවිතය මට තාම මතකයි. හරිම සුන්දරයි. ඒ මදිවට පුස්ථකාලෙ පුටු රත්කිරීමට cup ගහපු හැටිත් මට හොද හැටි මතකයි. අද මම SLIIT එකේ දෙවෙනි අවුරුද්දෙ, තව දවස් කිහිපයකින් ඒ වාරෙත් ඉවර වෙනව final exam එක ලිව්වට පස්සෙ දිග නිවාඩුවක් ලැබෙනව. ඉතින් ඒ නිවාඩුවෙදි මගේ යාළුවො දාල යන්න දුකයි. Facebook හිටියට අපි හැමෝම එකට එකතු වෙලා කතා කරන එක, හිනා වෙන එක, ගහ මරා ගන්න එක, කෑගහන එක, පිස්සු නටන එක ආයෙමත් ටික කාලෙකට නවත්තන්න වේවි.

මට මෙහෙම ලිපියක් ලියන්න හිතුනෙ ඇයි කියල මම දන්නෙ නැහැ. එහෙම වුනේ දැන් මගේ හිතේ, මේ මොහොතෙ තියෙන නිදහස් මානසිකත්වය වෙන්න ඇති. හරිම සතුටුයි. දැන් දවස් කිහිපයක ඉදල මගේ හිතට පුදුම සතුටක් ඇතිවෙලා. ඇයි මෙච්චර සතුටක් දැනෙන්නේ? ඒකට හේතුව මට තේරෙන්නෑ. හැමදාම දැන් මේ විදියට තියෙනව නම් කොච්චර ලස්සනද? කොච්චර සුව පහසුද? කොච්චර අනර්ඝද?

අපේ ජීවිත තව ටික කාලෙකින් කොහොම වෙනස් වේවිද කියල කියන්න මම නම් දන්නෙ නැහැ. සමහරක් විට තව පැයකින්, සමහර විට ඊලග තත්පරේදි මම මැරිල යන්න පුළුවන්. ජීවිතේ ඒ තරමටම වෙනස්වෙන සුළුයි. හරියට ක්‍රිෂාන්ත්ට සිද්ධ උනා වගේ. ඒත් තාමත් මම ජීවත්වෙනවනේ? ඔව් මම තාමත් ජීවත් වෙනව. මම මැරෙන කම් අරන් යන මේ ජීවිතේ. හරි ලස්සනයි සතුටෙන් සාමයෙන් ගෙවිල යනව. හැම දෙයක්ම හොදින් සිදුවේවා! දැනට නවතින්නම්. බුදු සරණයි!

නැවත හමුවෙමු



කවියකි ඔබ
හදවත සලනා
සිතුවිලි නුඹගේ
හදවත පෙලනා
නැවත නොඑන්නට
කොයිද ගිහිල්ලා
සසරේ කෙදිනක
අප හමුවෙමුදා

අප ගත කරන ජීවිතය වනාහි කල්පයක් වැනි සංසාරයේ එක් තත්පරයක් පමණි
ලියෝ තෝල්ස්තෝයි

ලියොන්කාගේ ලෝකය


ඉහත රූප පෙල වනාහි මීට වසර ගණනකට පෙර මා සිදු කළ යුතුව තිබුනු මතක සටහනක ආවර්ජනයකි. ඒ දැනට වසර හතරකට පමන පෙර මා මගේ පාසල් සහෘදයින් සමග එකට රගපෑ අවසන් වේදිකා නාට්‍යයි. එය නමින් "ලියොන්කාගේ ලෝකය" වෙයි. මීට වසර ගණනකට පෙර මා හට හමුවු ඒ මිතුරු මිතුරියන් අද කිනම් අන්තවල සිටිනවා ඇත්ද? එය මම නොදනිමි. එනමුදු මේ රූප පෙල දකින වාරයක් වාරයක් පාසා ඔවුන් හට මාවද, මා හට ඔවුන්වද මතක් වෙනු ඇතුවා නිසැකය. පාසල් ජීවිතය වනාහි කෙතරම් සුන්දරද? ඒ ගැන අපිට වගක්වත් නොතිබුන හැටි?

බහුතරයක් ළමුන් වනාහි ඉගෙනීමෙහිම ඇලී ගැලී සිටිති. ඔවුන් පාසලෙන් පිටවන විට තම ජීවිතයට එකතු කර ගත් දෙයක් නම් නැත. පාසලේ බාහිර ක්‍රියාකාරකම් තුලින් මා ජීවිතයට ලබා ගත්තේ එකම එක දෙයකි. එනම් හුදෙක් සහතික පත්‍රයක්ම පමනක් නොවේ, සමාජයේ මිනිසුන් හා ගැටෙන ආකාරය පිළිබද මනා දැනුමක් මා එ තුලින් ඉගෙන ගත්තෙමි.

ඉතින් අවසන අප රගපෑ "ලියොන්කාගේ ලෝකය" නාට්‍ය සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය දිනා ගති. එම ජයග්‍රහනයට පිට දුන් ගෝතමද සිල්වා කාරියවසම් ගුරුමහතා සහ ඔහුගේ දෙමව්පියන් මම අද සිහිපත් කරන්නේ හදපිරි සතුටෙනි. ගෝතම සර් ඔබ සැමදා අනන්තයි.

හැඩකාරී...



මේ ඉන්නේ මගේ යාළුවෙකුගෙ නංගි පැටික්කි. දැක්කහම මට ආදරයක් ඇති වුනා. හරිම පුදුමාකාරයි. ඈ හරි ලස්සනයි. මේක facebook එකේ ලිව්වොතින් ඒක කියවන අය මම ගැන මොනව හිතයිද කියල දන්නෙ නැති නිසා blog එකේ ලිව්වා. අපේ පොඩි කාලෙ අපට මතක නැහැ. මේ නංගියටත් එහෙමම වෙයි. ඒ උනාට ඈ කුඩා කල සිට රැකවරනය ලබා දුන් අයට ඈ මෙතරම් හැඩකාරියක් යයි කවදත් මතකෙ තියේවි.