Latest Entries »

ඊයේ මරු පහරකින් බේරුනෙමි


බිත්තියේ ලස්සන ලාම්පුවක් සවිකිරීමට ඉනිමග තබා ඩ්‍රිල් එකක්, ස්කුරුප්පු නියනක්, උල්සහිත අඩුවක් ගෙන ඉහලට නැග්ගෙමි. බිත්තිය ඩ්‍රිල් කර ඇන දැමීමට ගුල් දෙකක් සකසා අළුත් ලාම්පුවේ හෝල්ඩරයට වයර්ද අමුනා සකස් කර ඩ්‍රිල් එකත් රැගෙන නැවත පහලට බැස්සෙමි. පසුව හේත්තු කර තිබු ඉනිමග කැරකෙන විදුලි පංකාවේ වැදෙන්නට නොදී අස් කරන්නට ගියෙමි. ඉනිමග උඩ මා තබා ගොස් තිබූ දෑ සියල්ලම බිම වැටුනි. වාසනාවක මහත තබා තිබු ස්කුරුප්පු නියනේ අල්ලන කොටස වැටුනේ හරියටම මගේ නාසය උඩය. බැරි වෙලාවක වත් තුඩ සහිත අඩුව ඒ ආකාරයට වැටුනි නම් ජීවිතෙත් හමාරය. එම නිසා කරන වැඩය නිරන්තර සිහියෙන් කරන්න. අනතුරක් අත වනන්නේ කිනම් මොහොතක දැයි සිතිය වත් නොහැක.

The Flower


පිපි සුවද මල
බඹරු වෙත ඇදෙන මල
නෙලා ගන් දෝතින්ම
අන් සතු නොවන්නට

Now I have the flower with me
Who dares to challenge me

හිස් අහස වෙතටයි

හිස් අහස බ්ලොග් එකේ ලොවට හොරෙන් සිදුකළ මගේ කසාදය ලිපිය හා බැදේ,


අන්න එහෙම තමා සදරු. ඔය මොන දේටත් වඩා වටින්නෙ හිතේ සතුටයි. මිනිස්සුන්ගෙ හිත් ඇතුලට සතුට අරගෙන එන්න කරන්න තියෙන්නෙ හරිම පොඩි දේවල් කිහිපයක් විතරයි. සතුට කියන එක කාටවත් දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න ගන්න කොට හිතාන හිටියෙ සිංහලෙන් බ්ලොග් ලියන්නෙ මේ ලංකාවෙ මම ම විතරක් වෙන්න ඇති කියල. ඒව කියවන්නත් කවුරුවත් නැහැ. ඔහේ පාළුවෙන් තනිකමෙන් ලියල දැම්ම. හරියට මේ පාළු විශ්වයේ එක තැනක තනිවෙලා ඉන්න අපේ පෘථිවිය වගේ. එයා වගේ තව කවුරුවත් ඉන්නවද කියල දන්නෙවත් නැහැ. ඒත් මගේම වාසනාවට කොහොම හරි මගේම SLIIT එකේ මගේ සීනියර් අක්ක කෙනෙක් කවියක් තමන්ගෙ බ්ලොග් එකක ලියනව මම දැක්ක. අන්න එදා තමා ජීවිතේ පළවෙනි පාරට මේ විශ්වයේ මම තනි වෙලා නැහැ කියල තේරුම් ගත්තෙ. ඊට පස්සෙ උඹට වගේම මටත් බ්ලොග් ලිවීම සතුටක් උනා. කවුරුවත් කමෙන්ට් කරේ නැති උනාට, බ්ලොග් රීඩර් එකක ඉන්න නිසා කියවල හරි යනව ඇතියි කියල දන්න නිසා.

ඉතින් පහුවෙන කොට මම මගේ හිත ඇතුලෙ හැංගිලා කවදාවත් එලියට දාන්නෙ නැහැයි කියල "උඹ වගේම" හිතාගෙන හිටපු හැගීම් බ්ලොග් එකේ ලියල මේ හිස් අවකාශෙ පාකරල ඇරිය. මගේ හිතත් ප්‍රශ්න වලින් එන්න එන්නම මිදෙන්න පටන් ගත්ත. දැන්තමා තේරෙන්නෙ ප්‍රශ්න හිතේ තියන් ඉන්නවට වඩා කාට හරි කියලදාල හිත නිදහස් කර ගන්න එකේ පහසුව. දැන් නම් බ්ලොග් ලිවිල්ල අත්හරින්න බැහැ. කමෙන්ට් එකක් ලියන්න ගිහින් මම ගැන ලියවුනාද මන්ද. කමක් නැහැ. අන්තිමට සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත මුල්ම පරපුරේ අය වශයෙන් අපේ නම් ඉතිහාස පොතේ ලියවේවි. අපි ඒ ගැන හිතුවද? ඒක කොච්චර වැදගත්ද. අපි ඒ ගැන කොච්චර සතුටු වෙන්න ඕනෙද. අපි වයසට ගියාම අපේ පොඩි උන් මේ මගේ තාත්තගෙ බ්ලොග් එක, මේ මගේ සීයගෙ බ්ලොග් එක කියල කියාවි. ඉතින් අර්තයක් නැතිව ඔහේ ගලා ගිය අපේ ජීවිත වලට නැවතත් අළුත් අර්තයක් ලැබිල තියෙනව නේද මටත් වඩා උඔට? ඉතින් කොච්චර සතුටක් උඹට දැනෙනව ඇත්ද, ඒ ලබාගත් සතුට ආයෙත් මොන දේ කරල හරි අර ගන්න පුළුවන්ද?

දිව්‍යාංගනාවී

"මට හොද කෙනෙක් මේ භවේදි හමු නොවුනොතින්, මං කොහොම හරි පිං කරල දිව්‍යලෝකෙ යනව. එහෙදි දිව්‍යාංගනාවියක්ව කසාද බදිනව" 


ඒ කිව්වෙ මට මගේ හොදම මිත්‍රයෙක් හුගක් ඉස්සර කාලෙක කියපු කතාවක්. මේ රූපෙ දැක්කහම මට නැවත සිහියට නැගුන. ඔහුට වෙච්චි සිදුවීම් ගැන හිතද්දි, ඒ කාලෙ හැටියට ඔහු ඔහුගෙ හිත හදාගත්ත අකාරය ඉතාමත්ම විශිෂ්ටයි කියල මට නම් දැන් හිතෙනව. ඒත් ඉතින් මිනිහට වෙච්ච සීන් මතක් වෙන කොට තාමත් හිනා යනව. මිනිහට නම් ඒ ගැන කොහොම දැනෙනවද දන්නෙ නැහැ. ෂුවර් එකටම දැන්නම් මිනිහටත් හිනායනව ඇති.

ඒ දිව්‍යාංගනාවි ඔය රූපෙ අන්තිමය වගේ උනොත් කොහොමද?

මගේ රට අද එකම මගුල් සක්වලක්...

ඩෝං පටෝස්
ඩෝං පටෝස්
ඩෝං පටෝස්

ඔන්න මම බ්ලොග් අවකාෂයේත් අවුරුද්දට රතිඤ්ඤා පිපිරෙව්වා. එහෙනම් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔය හැමෝගෙම හිත්වල කරදර භාදක අඩුවෙලා, සමගිය සාමය ඇතිවේවා! අපේ රට සතුටෙන් සාමයෙන් පිරී ඉතිරේවා!
වැස්ස
මම බැළුව ඇයි පරක්කු කියල

2011/04/02

අපේ ජීවිතේ තුල ලැබුනු දේ වලට වඩා නොලැබුන දේ හරිම වැඩියි. ජයග්‍රහන වලට වඩා පරාජයන් බොහෝමයි.

ඒ පරාජයන්, ජයග්‍රහනයන්, ලැබුන දේ, නොලැබුනු දේ, සිතට දුකක් හෝ සතුටක් ස්වභාවයෙන්ම අපට උරුම කර දෙන්නට ඇති. ඒත් වඩා වැදගත් වෙන්නෙ අපි තාමත් ජීවත් වෙනවයි කියන එකනෙ?

සෑම දුක් කදුලක්ම විශ්මය ජනක ලෙස සතුටු කදුලකට හැරවේවි. සෑම පරාජයක්ම තවත් එක් නැවුම් ජයග්‍රහනයකින් අමතකව යාවි.

ඉදින් වේදනාවත් තාවකාලික නොවේද? එහෙවු "තාවකාලික වේදනාවක්" ගෙන දුන් "සියළු පරාජයන්" ආශීර්වාදයක්ම කොට ගෙන.

විවෘත්ත වූ මනසකින් නැවතත් අතීතය දෙස හැරී බලමු.

එවිට තමන්ගේ දුර්වල පරාජයන් මතින් ගොඩ නැගුනු ඊටත් වඩා බොහෝ ශක්තිමත් වර්තමානය සිහි කැදවෙනු ඇත. ඒ වර්තමානය ගැන සිතා “ඔබ” සතුටුවෙනු නොඅනුමානයි.

එසේ සතුටුවන ඔබ හට මගෙන් සුභ පැතුම්!