Latest Entries »

සුන්දර නුවර එළිය සහ හෝර්ටන් තැන්න

නුවරඑළිය ගැන කතා කරන විට ඉබේටම වාගේ සිහියට නැගෙන්නේ සුන්දර දිය ඇලි, ගස්කොලන්, සුන්දර කදු පන්ති, මීදුම වැනි මනස කරදරකාරී ලෝකයෙන් මොහොතකට මුදා හරින දර්ශන පෙලකි. සමහර විට අප කුඩා කාලයේ පාසල් කරන විට නුවරඑළිය පිළිබද රචනාද ලිව්වා ඔබ අප සෑම දෙනාටම මතක ඇතුවා නිසැකය. ඒ නුවරඑළිය යනු කුඩා කල සිටම අප සිත්ගත් ප්‍රදේශයක් වීමමය. කුඩා කළ කුඩා ජර්සියක් හැද පැළදගෙන සීතලේ පාර තොටේ ගමන් කිරීමට කැමැත්තක් දැක්වූ බව කුඩා කළ නුවරඑළියේ ඔබ සංචාරය කර ඇත්නම් මතක ඇතුවා නිසැකය. අපි කුඩා කාලයේ සිටම නුවරඑළිය වැනි පළාත් වල සංචාරය කිරීමට දැඩි අශාවක් දැක්වූවෙමු. අද ද නුවරඑළිය ගැන සිහිපත් කරන විට ඒ හැගීම තමන්ගේ ඇගට කාවැදී අවසන්ය. පහත රට සිටින අපට එතරම්ම එවන් පළාත ඇති අසිරිය කියා නිම කළ නොහැක. ඉන් අප ලබන වින්දනය අන් කිසිවකින් අප ලබන සතුටකට සම කළ නොහැක.
නුවර එළිය ගැන කථා කරන විට අපහට සිහිගැන්වෙන තවත් ස්ථානයකි හොර්ට්න් තැන්න. හොර්ට්න් තැන්නට දැන් දැන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී ඇත. මෙයද ශ්‍රීලංකාවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් සුන්දර ස්ථානයකි. වර්තමානයේ සංචාරකයන් හෝර්ටන් තැන්නට පැමිණෙන්නේ හුදෙක් දවසක පාගමනක් ගොස් නැවත හැරීයාමට නොවේ. වර්තමානයේ හෝර්ටන් තැන්න තුල සංචාරකයන් සදහා විවිධ වූ ක්‍රියාකාරකම් කිරීමට පහසු කම් සපයා දී තිබේ.
දැන් දැන් හොර්ටන් තැන්නේ සංචාරය කරන සංචාරකයන් සදහා කදවුරු බැදීම‍ට ස්ථාන නිර්මාණය කර දී තිබේ. මෙය අද දින හොර්ට්න් තැන්නට ප්‍රභල සංචාරක ආකර්ශණයක් වී පවතී. හොර්ට්න් තැන්නේ රාත්‍රීන් කිහිපයක් ගතකරීමට ඔබටත් කැමැත්තක් තිබෙනවාද? එසේ නම් ඔබ හට අවශ්‍ය පහසුකම් දැන් එහි නිර්මාණයවී පවතී. හෝර්ට්න් තැන්නේ රාත්‍රීන් කිහිපයක් කදවුරු බැදීම සංචාරක ඔබ සැම දෙනාටම තවත් එක් සුන්දර අත් දැකීමක් වනු ඇත. කදවුරු බැදීම සදහා ස්ථාන තුනක් තිබේ. එක කදවුරු බිමක් දින දෙකක් වැනි කාලයක් සදහා වෙන් කර ගැනීමට වැය වන්නේ රුපියල් පන්දහසක් වැනි මුදලකි. මීට අමතරව එය අදාල වන්නේ පහලොස් දෙනෙකුගෙන් සමන්විත සංචාරක නඩයකටය. ඉතින් ඔබත් සුන්දර නුවරඑළිය සහ හොර්ට්න් තැන්නේ දින කිහිපයක් ගත කිරීමට කැමති නම් දැන් ඒ සදහා ඉඩකඩඩ වෙන්ව පවතී.

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL