පෘථිවිය:
සුන්දර තනි තරුවක් ඇත පායා
හිස් අහසක් එය මා වෙත කීවා
රැයකදි සීතල මදනල ගාවා
ඒ තනි තරුවට මේ ලෙස කීවා
තරුවක් කුමකට දැන් පෑයුවේ
දිදුලන අහසක ඇයි පෑයුවේ
හනිකට විපරම් කර බලමින්නේ
ඉතින් තරුවෙ නුඹෙ නම කුමකින්නේ
තරුව:
ෆා ය මගේ නම
තරුවක් නොවෙ මම
අහසේ දිදුලන
ඔබ හට සිතගිය
පෘථිවිය:
තරුවක් නොවෙනම්
එලියක් කොහින්ද
වෛවර්නෙන් නුඹ
දිලිසෙයි මා වෙත
තරුව:
වර්ණය මගෙ නොව ඔබගෙන් ගත්තෙමි
අදුරට මම තව ටිකකින් යන්නෙමි
කාලය මගෙ තව කෙටිය කියන්නෙමි
ඔබ හට සුසුමක් වී මම යන්නෙමි
පෘථිවිය:
දිදුලන තරු වැල් බොහො පවතින්නේ
නුඹගේ එනමුදු වෙනසකි ඇත්තේ
කියන් තරුවේ නුඹ කොයි සිට ආවේ
ඇයි තරුවේ නුඹ ආපසු යන්නේ
තරුව:
වල්ගා තරුවකි එක තැන නොහිදිමි
ඔබගේ සිරුරෙන් උනුසුම් වන්නෙමි
නැවතත් මිදිලා හැරදා යන්නෙමි
නුඹේ සොදුරු සිත හදුනා ගත්තෙමි
Latest Entries »
Subscribe to:
Posts (Atom)