Latest Entries »

මට දැන් කම්මැලියි දෙයියනේ...

නිවාඩු ලැබිල දැන් මාසෙකුත් පනින්න ඔන්න මෙන්න. ජනවාරි වෙනකම් නිවාඩු. ඊලග සිමාසිකයට තියෙන reference පොත් ටික senior යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත. දවස් තුනක නිවාඩුවට මාතර ආච්චිලගෙ ගෙදරට ගිහින් ආව. උදේට නැගිටල අර ගත්තු පොත් කියවනව. දවල් දොලහට කෑම කනව. ඊට පස්සෙ නිදා ගන්නව. තුනට විතර නැගිටල ආයෙම පොත් කියවනව. පහට විතර තාත්තගෙ උදව්වට කඩේට යනව. හතහමාරට ගෙදර එනව. මූන හෝදගෙන කෑම කනව. හතයි හතලිස් පහට අරුණි ශපීරෝගෙ blog එක කියවනව. ඊට පස්සෙ කතන්දරගෙ blog එක කියවනව. ඊට පස්සෙ අහුවෙන අහුවෙන blog කියවනව. ඊට පස්සෙ අම්මගෙ ITN රන් දෙපැය ඉවර වෙනකම් නිදා ගන්නව. ඊටපස්සෙ ආයෙමත් නැගිටිනව. ආයෙ පොත් කියවනව. mp3 player එක කන්දෙකේ ගහගෙන නිදා ගන්නව. මට දැන් කම්මැලියි දෙයියනේ...

මෙට්‍රො ජීවිතේ

අවුරුදු දෙකක් ගෙවපු SLIIT එකේ Metro Campus ජීවිතය තව ටික දවසකින් ගෙවිල ඉවර වෙලා යනව. හිතට ලොකු දුකක් ඇති වුණා. එක සැරේටම. සමහර විට මම හුගක් ආදරේ කරපු ස්ථානයක් දාල යන නිසා වෙන්න ඇති. හුගක් අය දන්නෙ SLIIT කිව්වහම මාලඹේ කැම්පස් එක ගැන විතරයි. නමුත් SLIIT Metro කැම්පස් එක තමයි මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ 1999වෙ මට මතක විදියට. ඇත්තටම Metro Campus එක කියන්නෙ ලොකුම ලොකු තට්ටු 18 ක් විතර තියෙන ගොඩනැගිල්ලක්. කොල්ලුපිටියෙ Liberty සිනමා ශාලව ගාවට ගිහින් ඔළුව උස්සල බැලුවොතින් අළුපාටට තියෙන උසම ගොඩනැගිල්ල කිව්වෙ Bank Of Ceylon Merchant Tower එක පෙනේවි. එක ඇතුළෙ තමයි අපේ Metro Campus එක තියන්නෙ. මාලඹේ තරම් අක්කර ගාණනක වපසරියක් නැති නිසා මේකෙ ඇතුළෙ ඉන්න හැමෝම වගේ අපි අදුරනව. ඉතින් ඒ හින්ද මොන ප්‍රශ්නෙකදි උණත් අපේ අය එකතුයි

ලබන අවුරුද්දෙ මාලඹේ කැම්පස් එකට යන්න වෙනව මොකද තුන්වෙනි අවුරුද්දෙ ඉදන් අපට ඉන්න වෙන්න එතන නිසා. කොළඹ ජීවිතේ මට අල්ලන්නෙ නැති උනත්. අවුරුදු දෙකක් ගෙවිල ගිහින් දැනුනෙවත් නැහැමාලඹේ කොහොම වේවිද දන්නෙ නැහැ. අළුත් පරිසරයක්, හරිම විවෘත්තයි, හුගක් නිදහස් කියල තමයි එහෙ අය නම් කියන්නෙ. ඒත් ඉතින් ඔය නිදහස ඉතින් අපට නම් ලබන්න වෙයිද කියල නම් සැකයි. මොකද උපාධිය අවුරුදු තුනෙන් ඉවර කරන්න තමයි අදහස් කරන් ඉන්නෙ. නමුත් හතරවෙනි අවුරුද්දට යන්නත් සුදුසුකම් තියෙනව. බලමු.

Metro
ජීවිතේ මම හුගක් ආදරේ කරපු දවස් ගෙවිල ගියේ පළවෙනි වසරෙ දෙවනි සිමාසිකයෙ ඉගෙන ගන්න කොට. මම මෙහි ආපු අලුත නිසාත් හුගක් අය වෙද්දිත් අදුනගෙන නොසිටි නිසාත් මතකයන් හරිම නැවුම්, හරිම සුන්දරයි. ආයෙමත් කාලෙට යන්න හිතෙනව. ඔන්න ඔය කාලෙදි තමයි අපට assignment කියල දෙයක් තියෙනවයි කියල අහන්න ලැබුණු පළවෙනි වතාව. අතරිනුත් අපි DBMS වලට කරපු assignment දවස් ටික තමා එහි මගේ මතකෙ තියෙන සුන්දරම කාල වකවානුව.

ඔය කම්පියුටර් අංශෙ ඉන්න අය නම් දන්නවත් ඇති DBMS වල concepts ටිකක් ඉගෙන ගන්න කොට දිරවගන්න ටිකක් අපහසුයි කියල. ඉතින් ඒවත් එක්ක assignment එකක් ආවහම රසේ වැඩියි. දවස් තමයි මගේ SLIIT ජීවිතේ වැඩිපුරම Metro එක ඇතුළෙ කාලය ගත කරපු දින ටික. උදේ ආවම රෑ අටත් පහුවෙලා security එකෙන් එළියට දානකම් ඉදල තමයි ගෙදර ගියේ. කාලෙ හරිම රසවත්. Metro කැම්පස් එකේ කවදත් තියෙන අදුරු පරිසරයට මම ප්‍රියකරා. අනේ මන්ද මොකද කියල. ඒත් එහෙමම සිද්ධවුණා.  

ඉතින් ලබන අවුරුද්දෙ මාලඹේට යන්න බස් තුනක යන්න වෙනව. කොල්ලුපිටියට නම් මට ඕනෙ උනේ එක බස් එකයි. ඉතින් Metro ජීවිතේ ගැන හිතල බලනකොට කාටවත් කියන්න බැරි හරිම ජොලි සිදුවීම් තිබුණෙ නැතිවාමත් නෙවෙයි. දැනට තියෙන සීමා මායිම් ගත්තහම කතා පහු වෙලා කිව්වෙ උපාධිය ගත්තට පස්සෙ කියන්න තියාගෙන ඉන්න කතා මල්ලට දාගෙන ඉන්නව. ඒව තරම් රසවත්. හැබැයි දැනට කියන්න බැහැ. ඉතින් මට දැන් ඉස්සර වගේ සිකුරාදට කොල්ලුපිටියෙ කැම්පස් එක ගාවින් කෙළින්ම ගෙදර එන්න බස් එකට නගින් වෙන එකක් නැහැ. ඒත් රෑ වෙලා Metro කැම්පස් එක ගාවින් බස් එකක නැගල එන්න මම තාමත් ප්‍රිය කරනව

මේව මගේ පිස්සු සිතුවිලි

කියවන ඔය අයගෙ කාලෙ කාල දැම්මනම් මට සමාවෙන්න. සමහර වෙලාවට මම මගේ පාසලටත් වඩා මෙට්‍රොකැම්පස් එකට ආදරෙයි කියලත් හිතෙනව. අපි කවද මැරෙයිද කියල කියන්න බැහැ. ඉතින් අද දැන් මේ මොහොතෙ මගේ හිතට ආපු සිතුවිලි ටික blog අවකාසෙ පාකරල ඇරිය. මට දැන් හරිම සැහැල්ලුවක් දැනෙනව.

 

පොඩි කොල්ලෙකුගෙ ආසාව

එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පොඩි කුකුසක් නොතිබුණාමත් නෙවෙයි. මොකද මේක ඉතින් හරියට කර ගත්තෙ නැතිවුණොත් එහෙම අයෙම මාස ගාණනක් බලාගෙන ඉන්න වගේ වෙන්න පුළුවන් හින්ද. 

උදේ පාන්දර හරියටම මම උඩින් කියපු වෙලාව වෙද්දි අජිත් අයිය වාහනෙත් අරගෙන පරණ පාරෙ අපි එකතු වෙන්න කියපු තැනට ආව. හරි කට්ටියම ලෑස්තියි දැන් යන්න තමයි තියෙන්නෙ. අජිත් අයිය වෑන් එකට අපේ කට්ටිය සේරම ටික නග්ගගෙන පිටත් උණා. ගිහින් සෙලාන් බැංකුව ලගින් වාහනේ නතර කරල ඇහුව කවුද එන්නෙ කියල. හොදයි උදේ පාන්දරම මම අපේ ලර්නර්ස් වෑන් එක පදවන්න මම භාර ගත්ත. 

එදා තමයි මම මගේ ඩ්‍රයිවින් ට්‍රයල් එකට යන දවස. සති ගාණක් පුරුදුවෙලා ඔන්න එදා තමයි මගේ අතටත් අර හැම කොල්ලෙක්ගෙම ජීවිතේ බලාපොරොත්තුවක් කියන ඩ්‍රයිවින් ලයිසන් එක අතට ලැබෙන්නෙ. 

අපට යන්න වෙලා තිබුණෙ බූස්සෙ තුනී ලෑලි සංස්ථාවට. මේ තැන දැකල තියෙන අය නම් දන්නවත් ඇති. මේ තැන හදල තියෙන්නෙ මුහුදට සමාන්තරව යන ගාලුපාරෙන් එහා පැත්තෙ. හරිම දර්ශනීය ස්ථානයක්. ඒවගේම මේ ලෑලි සංස්ථාවට අයිති ගොඩනැගිලි සෑහෙන දුරකට පැතිරිලා යනව. නමුත් ලංකාවෙ බොහොමයක් රාජයේ ආයතනවල ගොඩනැගිලි වලට වෙලා තියෙනව වගේ මෙහි තියෙන ගොඩනැගිලි වලින් බොහෝ ප්‍රමාණයක් කිසිම පලකට නොගෙන අතහැර දාල තමයි තියෙන්නෙ. මෙහෙම අතඇරල දාල තියෙන ගොඩනැගිල්ලක් හරියට ගත්තොතින් indoor cricket සෙල්ලම් කරන්න හදල තියෙන ගොඩනැගිල්ලකටත් වඩා විශාලයි. 

උදේ හත විතර වෙද්දි අපි ආව අපේ තැනට. මුලින්ම ඉතින් අපි එතනට එනකොටත් සමහර අය ඇවිත් හිටිය. හුගක් අය මෝටර් සයිකල් එහෙමත් දාල තිබුණ හින්ද කටිටියක් ඒවගෙන් ඇවිල්ල තිබුණ. අනේ ඉතින් මට නම් මෝටර් බයික් පුරුදුම නැති නිසා. මම දැම්මෙ ඔය පොඩි වාහන ඒ කිව්වෙ කාර් වෑන් විතරයි. 

ඉතින් කොහොම හරි උදෙන්ම තැනට ඇවිල්ලත් අපි කෙරුවෙ පුරුදුවෙන එක. රිවස් එක ගහන විධිය තමා අමාරුම. ඒකත් අරගන්න තිබුණෙ එල් අකුරෙ හැඩේටනෙ. ඉතින් ඔය එල් අකුර හදල තිබුණෙ ඔය පාරෙ වංගුවල එහෙම තියල තියෙන අර තැබිලි පාට කෝන් තියල තමා. එල් අකුරෙ හැඩේට අර අංශක 90 ගන්න ගිහල්ල තමා හුගක් අය ඇන ගන්නෙ. සමහරු ඉතින් කෝන් එක උඩ වගේම ඒවගේ වෙලාවට ඔළුවට ටොකුත් ඇන ගන්නව අජිත් අයියගෙන්. ඉතින් ඔය වගේ ගුටිත් කාගෙන සෑහෙන අමාරුවෙන් තමා මේ ඩ්‍රයිවින් කෙරුවාවත් ඉගෙන ගත්තෙ.