Latest Entries »

මට දැන් කම්මැලියි දෙයියනේ...

නිවාඩු ලැබිල දැන් මාසෙකුත් පනින්න ඔන්න මෙන්න. ජනවාරි වෙනකම් නිවාඩු. ඊලග සිමාසිකයට තියෙන reference පොත් ටික senior යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත. දවස් තුනක නිවාඩුවට මාතර ආච්චිලගෙ ගෙදරට ගිහින් ආව. උදේට නැගිටල අර ගත්තු පොත් කියවනව. දවල් දොලහට කෑම කනව. ඊට පස්සෙ නිදා ගන්නව. තුනට විතර නැගිටල ආයෙම පොත් කියවනව. පහට විතර තාත්තගෙ උදව්වට කඩේට යනව. හතහමාරට ගෙදර එනව. මූන හෝදගෙන කෑම කනව. හතයි හතලිස් පහට අරුණි ශපීරෝගෙ blog එක කියවනව. ඊට පස්සෙ කතන්දරගෙ blog එක කියවනව. ඊට පස්සෙ අහුවෙන අහුවෙන blog කියවනව. ඊට පස්සෙ අම්මගෙ ITN රන් දෙපැය ඉවර වෙනකම් නිදා ගන්නව. ඊටපස්සෙ ආයෙමත් නැගිටිනව. ආයෙ පොත් කියවනව. mp3 player එක කන්දෙකේ ගහගෙන නිදා ගන්නව. මට දැන් කම්මැලියි දෙයියනේ...

3 comments:

  1. කාලය අපතේ හරින්න එපා. පුලුවන් තරම් පොත් කියවන්න ඒ අතර විනෝද වෙන්න නාට්‍යක් එහෙම බලන්න යන්න. නෑදෑ ගෙදරක එහෙම යන්න. ඔය මාසය ගෙවිල යාවි.

    ReplyDelete
  2. ඉතින් අනේ රන් දෙපැයට සෙට් වෙන්නකො..නිකන්ම කාලේ ගෙවිල යයි..:D

    ReplyDelete
  3. @සිත්රූ සිහින
    මම ඒ ටිකත් කරල බැලුව. හරිගියෙ නැහැ.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL