Latest Entries »

සුනාමිය නිමාවිය


නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට

මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.

ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.

ආවර්ජනා අර්තගැන්වීම...

මෙය කවි වලින් සැදුම් ලත් දෙබසකි එහි පෙම්වතුන් දෙදෙනෙකි. පේලි හතරක් පිරිමි පාර්ෂවයටත්, තවත් පේලි හතරක් ගැහැණු පාර්ෂවයටත් අයත්ය. මෙය කෙනෙකුගේ යටිසිතේ, සිහිනයකදී මෙන් ඇතිවූ දෙබසක් ලෙසද සැලකිය හැක.

දැන් අර්තකතනය සලකමු......


යම් කිසි නොදන්නා ස්ථානයකදී ඔවුන්ගේ ප්‍රතම හමුව සිදුවේ.

දෙදෙනා එකිනෙකා දැක ගන්නේද පළමු වතාවටය.

දුටු පමණින් දෙදෙනාහට ආදරයක් ඇතිවේ.

මෙය ජන්මාන්තරගත ප්‍රේමයකි.

දෙබස අරඹන්නේ පිරිමි පාර්ෂවෙයනි.

ඔහු ඇගෙන් විමසයි.
ඔබ කව්ද?

ඇය තම ජන්මාන්තරගත පෙම්වතා හොදින් හදුනයි.
ඈ පතා ආ පෙම්වතා ඔහු බව පවසයි.

පෙම්වතාටද එසේ සිතුනත් ඔහු හදවතේ යම් භාදාකාරී හැගීමක් පවතී.
ඔහුට එම හැගීම තේරුම් ගත නොහැක.

ඔහු, පෙර භවයක, ඇයගෙන් වෙන්ව සිටියාක් මෙන් දැනේ.
ඔහු ඒ ගැන ඇගෙන් ප්‍රෂ්ණ කරයි.

ඇය එම මතකය අවදිකරන්නට අකමැතිය.
එය අදුරුය.

පෙම්වතාහට ප්‍රෂ්ණය දැනගැනුමට අවශ්‍යව ඇත.
ඔහු එම අදුරට හේතුව විමසා සිටී.

"අදුරු මතකයන්"
ඔවුන් දෙදෙන වෙන් කළ බව ඇය කියා සිටී.

මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.

සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක.

ආවර්ජනා

කව්දෝ නුඹේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ

පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ

නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ

හිතවත,
අදුර අප වෙන් කළේ

මා ඔබෙන්
පෙර භවේ

අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ

අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ

ඔබට සුභ නත්තලක්


ඔබට සහ ඔබගේ ආදරණීයන්ට, සාමය සතුට සහ සෞභාග්‍ය පිරි සුභ නත්තලක් පතමි.

අපි සිංහ______ලේ

සිංහල භාෂාව යනු ලෝකයේ වේගයෙන්ම නැතිවී යන භාෂාවක් යයි කිව්වොත් මා සමග බොහෝ අය අමනාප නොවේවි. ඇත්ත කතාව නම් ඒකය. අප කතා කරන භාෂාව සිංහල, අපේ මව් භාෂාව සිංහල, අප ඉපදුනේ, හැදී වැඩුනේ, සිංහලේය. ඉතින් එවන් සිංහලයක් අනාගතයේදී අපට ඉතිරිවේද?

නැත.

අපගේ භාෂාව වේගයෙන් මේ පෘතිවි තලයෙන් අතුරුදන් වෙමින් පවතී.

කල්පයක් වැනි සංසාරයේ තත්පරයක් බදු මේ ජීවිතයෙන් පසු අප මනුසත් භාවයක් ලබනා දිනකදී අප භාසාව නැතිවී ගොස් තිබේවි.

නමුත් මෙවන් භාෂාවක් තිබුනා යයි කෙනෙක් සොයා ගත්තා යයි කියමු. එසේ නම් එය දිරා පත් වූ පොතක් හෝ පත්තරයක් සොයා ගැනීමෙන් නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයට ආභරණයක් බදු වූ අන්තර්ජාලය පීරීමෙන් ඔහු එය සොයා ගනීවි.

අප භාෂාව සංරක්ෂණය විය යුතු භාෂාවකි.

එය එදා මෙදා තුල ලොව පහල වූ සර්ව සම්පූර්ණත්වයට ආසන්නවූ, විවිධ උච්චාරණයන්ගෙන් හැසිරවිය හැකි ලොව එකම භාෂවයි.

අප භාෂාව සංරක්ෂණය විය යුතු යයි මම ඉහත කීවෙමි. නමුදු එයට සුදුසු කතිකාවතක් හෝ පෙනෙන තෙක්මානයකවත් නැත. එවන් වූ යුගයක අප භාෂාව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීම සහ යුතුකමය.

නමුත් මහා කුණාටුවක් අවසන රිදී ඉරක් පායා ඇත.

සිංහලේ තරුණයන්, සිංහලෙන්, අන්තර්ජාලය නම් කුනාටු සපිරි සාගරයේ ගමන් කිරීම ආරම්භකොට ඇත.

ඔවුන්ගේ ධෛර්‍ය හා ශක්තිය මෙම කුණාටුවලට මෙල්ල කළ නොහැක.

අද අප තබනා මේ කුඩා පියවර අනාගතයේ අප භාෂාව ලොවට ඉතිරි කරනු ඇත. අවුරුදු දහස් ගණනකට පසුව හෝ අනාගත විද්වතුන් අප භාෂාව පර්යේෂණයට ලක් කරනු ඇත. මෙවන් භාෂාවක් නිර්මාණය වූ භූමිය නැතිවූ ඇට්ලැන්ටාව මෙන් සොයනු ඇත.

ඔව්න්ට එය සොයා ගෑනීම පහසු නොවනු ඇත. නුමුදු අපගේ මෙම ලිවුම ඔවුන්හට පහසුවක් වනු ඇත.

එසේ නම් සිංහලේ පෞඩ ඉතිහාසයට සිංහල බ්ලොග් කරුවන් ලෙසට අපද එකතුවී නැතැයි කියන්නේ කව්රුන්ද?

හූනියම පිටුපස විද්‍යාව


හූනියම්. බොහෝ දෙනාට ඇසු පමණින් භිය උපදවන සිතුවිලි ඇති කරන වචනයක් බව සැබෑය. ඒ එම වචනය අප නිතරම අසන්නේ කෙනෙකුට විපතක් හෝ නස්පැත්තියක් යන දෙකෙන් එකක් සිදුවූ විට පමණි. නමුදු හූනියම් යනු එසේ කෙනෙකුට වින කිරීමට යොදාගන්නා වචයක් නොවේ. මම අසා දැන ගත් පරිදි හොද දේ සිද්ධ කිරීම සදහාද හූනියම යන වචනයම භාවිත වේ. පහත දැක්වෙන හූනියම කියවන්න.

ඕං හ්‍රීං ශ්‍රී ඝනේෂාය නමඃ
ඕං වන්ද කමලනී හර හර
ශ්‍රී නාරංයන නමඃ
ඕං ඒං සර්වනේ සිද්ධි භගවතී නමඃ
ඕං ඕං මාර දේව පුත්‍ර අසුර නාරායනය නමඃ
ඕං කාමුක්තෝලි ගරුඩද්වජමුඛාය නමඃ
ඕං ශ්‍රී අවර ගිති පේසු පේසු වල්ලි අම්මා
ගිනි ගිනියේ නමඃ
නමෝ ජය ජය ජය නමඃ

ඔබ විශ්වාස කරනවාද මේ හූනියම ලියා ඇත්තේ මතක ආවර්ජන ශක්තිය (recollection power) වර්ධනය කිරීමට බව? ඔව් එය සත්‍යකි. මෙයද හූනියමකි. නමුත් මෙය තමන් හට ආවර්ජන ශක්තිය වැඩි කර ගැනීමට යොදාගන්නා හූනියමකි.

දැන් අප මොහොතක් නැවතී වසර පනහකට පමණ පෙර අතීතයට යමු. තොවිල් ගැන ඔබ අසා ඇතුවාට කිසිම සැකයක් නැත. නොවිලය යනුද හූනියමේම ශාකාවකි(derivative).

ඔබේ අච්චි හෝ සීයා තොවිල් ගැන කියා පුරසාරම් දොඩා ඇතුවාට සැකයක් නැත.

එක් අතක යකෂයා ආවේස වූ ගැහැනියකි. ඇයට කිසිදු වෙදකමක් ඵල දෙන්නේ නැත. යකෂයා ඇයට ආවේස වේ. තොවිලයක් නැටුවා පමණි ඇය සුවපත් විය. මෙසේ සිදුවූයේ ඇයි?

නැවත වර්තමානයට පැමිණෙමු. සමහරක් විට නූතන ඉංග්‍රීසි වෛද්‍යවරුන්පවා යම් කිසි විටක තොවිලයක් නැටීම අනුමත කරයි. මෙසේ කියන්නේ ඇයි? නූතන විද්‍යාවට දෙයක් මග හැරුණාවත්ද?

මෙයට සරලම පිළිතුර නැත යන්නයි.

හූනියමෙන් හෝ තොවිලයකින් වේවා ප්‍රතිකාර කරන්නේ මිනිස් සිතටයි.

මා ඉහත සදහන් කළ හූනියමේ වචන පෙළ අධ්‍යනය කරන්න. එහි කියවීමට අපහසු අකුරු ඇති බව පෙනී යාවි. ඔබ එක සැරයක් එය කියවා බලන්න. පළමු සැරයට කට තැපැලවෙන්නේ නැතිව එය කියවා ගෑනීමට ඔබට අපහසු වේවි. එය මෙවැනි දේවල් වල ලකෂණයකි.

හොදයි ඇයි හූනියමකට මෙතරම් භර අකුරු යොදා ඇත්තේ?

මා පෙර සදහන් කළ හූනියම ආවර්ජන ශක්තිය වැඩි කිරීමට යොදාගන්නා එකක් බව කීවෙමි. එනම් අප මේ හූනියම "මතුරන්නේ", මා හට මතක ශක්තිය වැඩි වෙවා, යන සිතුවිල්ලක් ද සමගයි. එනම් මහා භර අකුරු තොගයක් තුල එක් සිතුවිල්ලක් රජ කරයි. එනම් මගේ මතක ශක්තිය වර්ධණය වේවා යන්නයි.

මා මදකට තාකෂණික පැත්තට දැන් යොමු වෙන්නම්. Blog කියවන අය බොහෝ දෙනා තවමක් පරිගණක ක්ෂේත්‍රයේ බැවින් මා මේ කියන දෙය තේරුම් යාවි. අන් අය මේ කියන ටික මෙහෝතකට අමතක කරන්න.

ඔබ සමහරක් දන්නවා ඇති පරිගණක දත්ත පද්ධති (data bases). එම දත්ත පද්ධතියකින් යම් තොරතුරක් ලබා ගැනීමට ඔබ කුවරියක් ලියයි. එනම් ඒ කුවරිය පරිගණක දත්ත පද්ධතිය පීරා අවශ්‍ය result එක ඔබට ලබාදෙයි.

හූනියමෙන් සිදුවන්නේද? මේ ටිකමය. මතකය නැමති දත්ත ගබඩාව ඔබ කුවරි (query) කරයි. අප පරිගණකයට ලියනා කුවරිය මෙන් අපේ හිතට ලබාදෙන්නේ හූනියමයි. හූනියම ලස්සනට අවශ්‍ය දත්ත අප වෙත ලබා දේ. මේ උදාහරණයේදී නම් අමතකවූ මතකය ලබාදේ.

මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ හූනියම ලිවීමට භාවිතා කර ඇති අකෂර වින්‍යාසයයි. එම භර අකුරු යොදා ඇත්තේද ඉහත මා සදහන් කළ කාර්යයන් පහසු කිරීමටය. එනම් සිතට පණිවිඩයක් දීමටය.

හොදයි. ඒක මේච්චර සරල දෙයක් නම් ඇයි දොස්තරලත් මේක අනුමත කරන්නේ?

සරලම පිළිතුර නම් ලෙඩා සනීප කර ගැනීමය. ලෙඩක් සුවපත් වීම යනු ශරීරය මෙන්ම මානසද සුවපත් වීමය. සමහර විට කෙතරම් බෙහෙත් කළද ලෙඩය සුවපත් නොවිය හැකිය, mental factor එකටද බෙහෙත් කළ යුතුය. ඉතින් ලෙඩා තොවිල් හෙම විෂ්වාස කරයි නම් ලෙඩය නිට්ටාවටම සුව කර ගැනීමට ලෙඩාගේ මානසික පරතරය අනුව වෛද්‍ය වරයා තොවිලයක්ද තම වාර්තාවට පිටින් (බොහෝ වෙලාවට කටවහරෙන්) නිර්දේශ කරණු ලබයි. ඇත්තටම ද්‍යෛවරයා සිදුකරන්නේ මිත්‍යදෘෂ්ටික දෙයක් ලෙස පෙනුනත් එය එසේ වන්නේම නැත.

හොදයි මම එහෙනම් තවත් හූනියමකින්ම ලිපිය අවසන් කරන්නම්.

මෙය වෂී ගුරුකමකි. මෙය පාඩම් කර ගැනීම බොහෝ දෙනාට නුවණට හුරුය.

ඕං නමඃ ශිවාය ශ්‍රී හ්‍රීං
හිරනස ගර්හා රාවනා
ගෝවින්ද ගනේෂ ස්කන්ධ නමඃ
සමර්තාර්ථ සිද්ධි ඒස්වාහක්

ප.ලි : මෙහි `හ්‍රීං` ශබ්ද කරන්නේ "රීං" යනුවෙනි.


ඉහත පළ කල ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න blog අඩවියෙනි.

මව්බිමේ සරසවි දූ පුතුන් වෙත සෙනෙහසින් ලියමි | ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ආ හසුන

ශ්‍රී ලංකාවේ සරසවිවල ඉගෙනුම ලබන සියලුම දූ පුතුන් වෙත මේ ලිපිය ලියා එවන මම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන නැන්දා කෙනෙක්‌. පසුගිය කාලයේ සරසවි අරගල උග්‍රව තිබියදී ඔබ අමතන්නට සිතුවත්, ඒ අදහස කල් දැමුවේ කෝප ආවේගයෙන් දැවෙන තරුණ හදවත් තරමක්‌ සිසිල් වීමට කාලය දිය යුතු නිසයි. මම මේ ලිපියෙන් "පුතාලා" කියා අමතන්නෙ දූලා පුතාලා දෙගොල්ලන්ටම.

මම මේ ලිපිය ලියන්නෙ ලෝකයේ ධනවත් රටක සිට ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න හා අරගල දිහා බලමින්. හැබැයි මම බලන්නෙ ධනවාදී ආකල්පයකින් නෙමෙයි. යථාර්ථවාදී ආකල්පයකින්. ඒ නිසා ආවේගශීලී මනසකින් නොව, මදක්‌ හෝ සන්සුන් කරගත් මනසකින් මේ ලිපිය කියවන මෙන් මම ඉල්ලා සිටිනවා.

මුලින්ම මම පුංචි සිදුවීමකින් කතාව පටන් ගන්නම්. පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සංචාරක සමාගමක්‌ මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා සවාරියකට මමත් එක්‌වුණා. ඒ, යුද්ධය නිසා කාලයක්‌ අපට තහනම් වී තිබුණු පෞරාණික ස්‌ථාන කීපයක්‌ දැක බලා ගැනීමේ අදහසින්. සංචාරය නිමව අපි කොළඹට පැමිණියේ 2009 අගෝස්‌තු 11 වැනිදා. එදා කොළඹ නගරයේ පැවැත්වුණ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක්‌. අපට රැකියා දියව්" කියා රජයට බලකරමින් පදික වේදිකාවේ කරන උද්ඝෝෂණයක්‌.

අපේ කණ්‌ඩායමේ සුද්දන්ට දැනගන්න අවශ්‍ය වුණා සිය ගණනක්‌ තරුණ පිරිස්‌ රැස්‌වෙලා මොකක්‌ද මේ කරන්නෙ කියලා. මම කාරණේ පැහැදිලි කළහම මොකක්‌ද දන්නවද සුද්දොa කිව්වේ.

ඔය වැඩේ අපේ රටේ පටන්ගත්තොත් ඔක්‌කොම මිනිස්‌සුන්ට ඉන්න වෙන්නේ පාරේ. මෙහෙම කිව්වේ බංගලිදේශයේ හෝ ඉතියෝපියාවේ මිනිස්‌සු නෙමෙයි. බොහො දෙනා පාරාදීසයක්‌ යෑයි කියන ඔස්‌ටේ්‍රලියාවේ පුරවැසියො. මෙහිම ඉපිද හැදී වැඩී ඇත්ත ඇති හැටියට දකින මිනිස්‌සු. හුඟක්‌ ධනවත් රටවල යථාර්ථය තමයි ඒ.

උපාධියට - රැකියාවට කියා සංකල්පයක්‌ මේ රටවල නැහැ. අමාරුවෙන් රැකියාවකට ගියත්, විශ්‍රාම යනතුරු ඒ රැකියාවෙ රැඳී ඉන්න ලැබෙයි කියන විශ්වාසෙකුත් නැහැ. මේ රටවල රැකියා අහිමිවීමේ අවදානමත් හුඟක්‌ම වැඩියි. රැකියා ඉල්ලමින් පාරට බහිනවනම්, ඕස්ට්‍රේලියාවේ හැම මිනිහෙකුටම පාරෙ ඉන්න වෙන බවට අර සුද්දා අනතුරු ඇඟෙව්වෙ ඒකයි.

ලෝකයේ ධනවත් රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලැබෙනව කියලද පුතාලා හිතන්නෙ? එහෙම ලැබෙන්නෙ ඉතාම ඉහළ සමත්කම් පෙන්වා ශිෂ්‍යත්ව දිනාගත් අතළොස්‌සකට පමණයි. අනෙක්‌ හැම ශිෂ්‍යයෙක්‌ම මුදල් ගෙවා ඉගෙනගත යුතුයි. රැකියාවක්‌ ලැබුණු පසු ගෙවීමේ ක්‍රමයට ඔවුන්ට ශිෂ්‍යාධාර ලැබෙනවා. නමුත් ඒ මුදල අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් නැහැ. මේ රටවල හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ම අර්ධකාලීන රැකියාවල නිරත වෙන්නෙ ඒ නිසා.

ලංකාවෙ විතරක්‌ නෙමෙයි, ලෝකෙ හැම රටකම සරසවි ජීවිතය කටුකයි. එංගලන්තයෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගාස්‌තු තුන් ගුණයකින් වැඩිකිරීමට එරෙහිව මහා ශිෂ්‍ය විරෝධතාවන් දියත්වුණු හැටි පුතාලා පසුගිය දිනවල රූපවාහිනියෙන් දකින්න ඇතිනෙ. ඒ දකිනකොටවත් ඔයගොල්ලන්ට හිතුනෙ නැද්ද ගාස්‌තු නොගෙවා සරසවි අධ්‍යාපනයක්‌ ලැබීම වාසනාවක්‌ කියල? ඒ දුර්ලභ වාසනාවෙන් මීට වඩා ප්‍රතිඵල ලැබිය යුතුයි කියල?

පසුගිය කාලයේ මෙල්බර්න් නුවර මගේ සේවා ස්‌ථානයට ඇමරිකානු උපදේශිකාවකගේ සේවය ලබාගත්තා. එකී තනතුරට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද ඇති කිසිවකු ඕස්ට්‍රේලියාවේ සොයාගන්නට බැරිවීම නිසයි ඇමරිකාවෙන් මේ කාන්තාව "ආනයනය" කරන්නට සිදුවුණේ. අද අපේ කාර්යමණ්‌ඩලය සමග සුහද වන විට අපට දැනගන්නට ලැබුණා ඇය දණහිස්‌ ආබාධයකට නොකඩවා ප්‍රතිකාර ලබන්නියක්‌ බව. මේ ආබාධයේ සුලමුල කියද්දී තමයි ඇගේ ශිෂ්‍ය ජීවිතයේ කටුක අද්දැකීම් අපට දැනගන්නට ලැබුණෙ.

මෙතැන් සිට අපි ඇය මේරි කියා හඳුන්වමු. තමන්ගෙ උසස්‌ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයන්නට මේරි වයස අවුරුදු දාසයේ සිට පුරා පහළොස්‌ වසරක්‌ කම්හලක සේවය කළාලු. ටින් මාළු කම්හලක ශීත කාමරයෙහි ඇය දිගමට සේවය කර තිබෙන්නෙ. සම් මස්‌ විනිවිද යන කටුක සීතලෙන් පීඩා විඳිමින්, රාත්තල් 50 ක්‌ බරැති මාළු බඳුන් ඔසවා එහා මෙහා කිරීමයි ඇගේ රැකියාව. පුතාලා පොඩ්ඩක්‌ හිතන්න. දාසය හැවිරිදි සියුමැලි තරුණියකට ඒ තරම් කටුක රැකියාවක යෙදෙන්නට වීම මොනතරම් අසාධාරණද?

ඉතින් මේරිගේ දණහිස්‌ ආබාධය ඇතිවුණේ මේ අසාධාරණයට එරෙහිව පෙළපාලි ගොස්‌ පොලිසියෙන් ගුටිකාලහෙම නොවෙයි. උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාගැනීමේ අභිලාෂය මුදුන්පත් කරගැනීමට ඒ අසාධාරණය සමග පහළොස්‌ වසරක්‌ ඔට්‌ටුවීම නිසා. සරසවි අධ්‍යාපනයට අවශ්‍ය මූලික මුදල් සොයා ගැනීමට ඇය මුල් වසර දෙක එම කම්හලේ පූර්ණ කාලීනව සේවය කළා. එසේ ඉතිරිකරගත් මුදලින් සරසවියට ඇතුළු වූ මේරි ඊළඟට වසර ගණනාවක්‌ ගතකර ඇත්තේ අර්ධකාලීනව සරසවි අධ්‍යාපනය ලබමින් හා අර්ධකාලීනව කම්හලේ සේවය කරමින්.

අපේ දුප්පත් ලංකාවේ සරසවි සිසුන්ට පූර්ණකාලීනව අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව තිබුණත්, ධනවත් රටවල බොහෝ සිසුන්ට ඒ වාසනාව නැහැ. ඔවුන් සරසවියත් රැකියා ස්‌ථානයත් අතර දුව පනිමින් මහා යුද්ධයක්‌ කරමිනුයි අධ්‍යාපනය ලබන්නෙ. ඔවුන්ට දේශපාලනයේ යෙදෙන්න අවකාශ නැත්තෙ ඒ නිසා.

අර්ධකාලීනව අධ්‍යාපනය ලැබූ මේරිට සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන්නට අවුරුදු හයක්‌ ගතවෙලා. ඉන් පළමු පෙළ සාමාර්ථයක්‌ ලැබූ ඇයට ආචාර්ය උපාධිය හදාරන්නට අවස්‌ථාව ලැබී තිබෙනවා. ඉතින් ඔබ හිතාවි ඇයට ඒ සඳහා ශිෂ්‍යත්වයක්‌ ලැබෙන්න ඇති කියලා.

නෑ. ශිෂ්‍යත්ව ලැබෙන්නෙ හරිම සීමිත පිරිසකට. මට ලැබුණෙ දීමනාවක්‌ විතරයි. එයින් සරසවි ගාස්‌තු ගෙවලා මගේ වියදම හොයාගන්න මම දිගටම ශීත කාමරේ වැඩ කළා. මේරි කියන්නෙ සැහැල්ලුවෙන්. ඇගේ පර්යේෂණ කටයුතු වලට දුර බැහැර යන්නට සිදුවූ නිසා ඇය එවර රාත්‍රී සේවය තෝරාගෙන. රාත්‍රිය කම්හලේ ශීත කාමරයේත්, දවාල ක්‍ෂේත්‍ර පර්යේෂණ වලත් නිරතවෙමිනුයි මේරි ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල තියෙන්නේ.

ඉන් පස්‌සෙත් අවුරුදු දෙකක්‌ මම එතන වැඩ කළා. ආචාර්ය උපාධියක්‌ තිබුණු පළියට රස්‌සාවක්‌ හම්බවෙන්න නෑනෙ.

අප්‍රමාණ දුක්‌ කන්දරාවක්‌ විඳපු මේ ගැහැණිය අද අතීතය දිහා හැරී බලන්නෙ උපේක්‍ෂා සහගතව. ඈ නිසි රැකියාවකට ගියාට පස්‌සෙ අගේ ගමන නවත්වන්න කාටවත් හැකිවෙලා නෑ. අන්තිමේ ඈ නතරවුණේ ඇමරිකාවට පමණක්‌ නොවෙයි බටහිර ලෝකයේ වෙනත් රටවලටත් නැතුවම බැරි තැනැත්තියක්‌ වෙලා.

ශීත කාමරයේ පහළොස්‌ වසරක්‌ බර වැඩ කිරීම නිසා තමන්ට උරුම වුණු ශාරීරික ආබාධය දිහා වුණත් ඇය බලන්නෙ මැදිහත් සිතින්. ඒ කම්හල මගේ ශ්‍රමය සූරා කෑවා, මාව ලෙඩෙක්‌ කළා කියලා ඇය ඔවුන්ට වෛර කරන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකිවෙන විදියට සේවා මුර ලබාදීම ගැන ඈ සිහිපත් කරන්නෙ කෘතවේදීව.

මේරිගේ කතාවෙන් අපේ සරසවි දූ පුතුන්ට පමණක්‌ නොවෙයි පොදුවේ ශ්‍රී ලාංකික අප කාටත් උගත හැකි පාඩමක්‌ තිබෙනවා. ජීවිතය කියන්නෙ පිරුණු බඳුනක්‌ නොවෙයි. මේ අඩක්‌ පිරුණු බඳුනේ හිස්‌ අඩ දෙස බලා සුසුම් හෙළනවාට වඩා පිරුණු අඩින් උපරිම ප්‍රයෝජන ගන්නයි අපි හිතට ගත යුතු.

නන්දා මාලනීගෙ ගීයකින් කියනවා වගේ ඔයගොල්ලන්ව තොටිල්ලේ තියා "බාලොලී- ලොලී" කියන්න නොවෙයි මම උත්සාහ කරන්නේ. කෑගසා නොඉල්ලුවොත් ලැබෙන්නෙ නැති බවට මාත් එකඟයි. ඒත් අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන කෑගසමින් සිටියාය කියා ඔබට ලැබෙන දෙයක්‌ නැති බවත් ඔබ තේරුම් ගත යුතුයි. ඔබේ අධ්‍යාපනය අඩාල වුණොත්, එහි පාඩුව මහින්දටවත්, රනිල්ටවත්, සෝමවංශටවත් නොමෙයි ඔබටමයි. ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක්‌ විඳින ඔබේ මව්පියන්ටයි.

අසූව දශකයෙදී මම කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉංගිරිය දිසා රෝහලේ සේවය කළා. මා රාත්‍රී සේවයේ යෙදී සිටි දිනයක එක්‌ අම්මා කෙනෙක්‌ පුංචි කොලුපැටියකු රෝහලට ගෙනාවා. අවුරුදු දෙකක්‌ තරම් වූ ඒ දරුවා මොකක්‌දොa දඟකාර කමක්‌ කරන්නට ගොස්‌ කකුලේ මහපටැඟිල්ලක නියපොත්ත තලාගෙන. රෝහලක දරුණු තුවාලකරුවන් දකින අපිට එය ඉතා සුළු තුවාලයක්‌. ඒත් එදා මුළු රැයම ඒ පුංචි එකා වේදනාවෙන් කෙඳිරි ගෑවා. දරුවෙක්‌ වේදනාවෙන් ඉඳිද්දී අම්මා කෙනෙකුට නිදාගන්න බැහැ. ඒ අම්මා මුළු රැයම නොනිදා පහන් කළේ දරුවා උරහිස මත හොවාගෙන රෝහල් කොරිඩෝවේ සක්‌මන් කරමින්.

තරුණ දූ පුතුන් නොසැලකිලිමත්කම නිසා අනතුරු සිදුකරගන්නා විට, ප්‍රේමය, විප්ලවය හෝ වෙනත් හේතු නිසා ජීවිත හානි කරගන්නා හැටි දකින විට මට සිහියට නැගෙන්නේ ඒ අම්මාව. දරුවෙකුගෙ නියපොත්තක්‌ වෙනුවෙන් රැයක්‌ නොනිදා පහන් කරන මවකට දරුවෙකුගෙ ජීවිතයක්‌ මොන තරම් වටිනවාද? ඔබ මේ තරම් දුරක්‌ ගෙනෙන්නට ඇය මොන දුකක්‌ විඳින්නට ඇත්ද? ඇගේ ජීවිතයට ඇති එකම බලාපොරොත්තුව ඔබ ආ කාරිය කරගෙන යහතින් ගමරට බලා ඒවි කියන එකයි. ඒ බලාපොරොත්තුව කඩ කරන එක අසාධාරණයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද? ඇය චීත්ත පොටින් හෝ ගවුම් වාටියෙන් පිසින කඳුළ සතුටු කඳුළක්‌ හෝ දුක්‌ කඳුළක්‌ කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ බව රත්තරන් පුතාලා අමතක කරන්න එපා.

සරසවි ජීවිතයේ බොහෝ අඩුපාඩු, කම්කටොළු තියනවා තමයි. ඔබ නොයෙකුත් අසාධාරණකම් වලට මුහුණ දෙන බවත් ඇත්ත. ඒත් එහෙම වෙන්නෙ සරසවි වල විතරක්‌ නොවෙයි. ලෝකයේ හැම තැනම ධනවාදී, සමාජවාදී හැම රටකම කොටින්ම කියතොත් සත්ව ලෝකයේ පවා අසාධාරණය පවතිනවා. මේ කොතැනත් පොඩි එකා ලොකු එකාගේ ගොදුරක්‌. අපේ රටේ සර්ව සාධාරණ සමාජයක්‌ ගොඩනැගෙන්නට දෙවතාවක්‌ම කළ උත්සාහ වලදී මොකද වුණේ? යහපත් ෙච්තනාවෙන් ඊට සහයෝගය දුන් තරුණ තරුණියන් රටට අහිමිවීම පමණයි. ඉන් පාඩු සිදුවුණේ ඒ දරුවන්ගේ දෙමාපියන්ට මිසක්‌ සටන මෙහෙයවූ නායකයන්ට නොවෙයි.

නායකයින්ගෙන් සමහරු පිටරට වලට පැනගත්තා. සමහරු ඝාතනය වුණත්, ඔවුන්ගේ දරු පවුල් වලට ආරක්‍ෂාව සැලසුණා විෙ-වීරගේ දරු පවුලට නාවික හමුදා ආරක්‍ෂාව සැපයුනා. ඒ දියණියක්‌ මෑතකදී විවාහ වුණ බවකුත් මම පුවත්පත් වල කියෙව්වා. ගමනායකගෙ දරු පවුල එංගලන්තයේ ආරක්‍ෂාව පැතුවා. ඔහුගේ දියණිය අද එහි වෛද්‍යවරියක්‌.

සටන මෙහෙයවූ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ පවුල් වල අයගේ තත්ත්වය එසේ වෙද්දී, සටනට යන ගමේ කොල්ලන්ට ගල්කටස්‌ තුවක්‌කුවක්‌ හදා දුන් කම්හල් බාස්‌ට මොකද වුණේ? "ප්‍රා" සංවිධානයෙන් ඇවිත් බාස්‌ට වෙඩි තියා පැල් කොටේට ගිනි තිබ්බාම ඒ දරු පවුල සීසීකඩ ගියා. ඔවුන්ටත් එංගලන්තයෙ දේශපාලන රැකවරණ ලැබෙන්න ඇති කියා ඔබ හිතනවද?

සටන් වලත්, දේශපාලනයෙත් හැටි එහෙමයි දරුවනේ. නායකයන්ට වරදින්නේ නැහැ. ඉතිහාසය පුරා හැමදාමත් වැරදුණේ පොඩි එවුන්ට. තරුණ හිත්වල ඇති මානව හිතවාදී ගුණය, තරුණ ලේ වල උණුවන ගතිය. ඒ වගේම තරුණ ජවය වැරදි විදිහට යොදාගන්න මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්නයි ඔබ බුද්ධිමත් විය යුතු. ඔබේ අරමුණු යහපත් බව ඇත්ත. ඒත් යහපත් අරමුණක්‌ උදෙසා ඔබ අයහපත් මාර්ගයක යවන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම්, ඒ අයගෙන් ප්‍රවේසම් වන්න.

වෛද්‍යවරයකු වීමේ පෞද්ගලික අරමුණ පසෙක තබා සාධාරණ සමාජයක්‌ ගොඩනැගීමේ පොදු අරමුණ වෙනුවෙන් කැපවූ ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඔබ දන්නවා නේද? ඔහුට හිමිවුණේ පරාළ ඇණෘ අහිමි වුණේ ජීවිතය. එහෙත් මානව දයාවෙන් හෙබි ඒ අහිංසක දරුවා විප්ලවය වෙනුවෙන් පත්‍රිකා බෙදන්නට පොළඹවා ඔහු දැතේ මිට මොළවාගෙන සිටි වාසනාව ඔහුට අහිමි කළ නායකයන් සමහරක්‌ තවමත් ජීවතුන් අතර, තවත් සමහරුන්ගේ දරුවන් අද වෛද්‍යවරු. ඔහුගේ ඝාතනය සම්බන්ධව උසාවියෙන් දඬුවම් ලැබූ අය අද ඇමැතිවරු. අන්තිමට බලනවිට වැරදුණේ කාටද?

ත්‍රිමාවිතාන ජීවත්ව සිටියා නම්, ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙක්‌. රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක්‌ කරන ජීවකයෙක්‌. වාසනාවන්ත බිරිඳක්‌ හා සුරතල් දරු පැටවුන් ඉන්නා ආදරණීය පියෙක්‌. තරුණ ජීවිතයක්‌ අඳුරට වැටෙන විට නැති වන්නේ මේ හැම දෙයක්‌ම. ඔබට අනාගතයක්‌ නැති බව කියමින් ඔබ නැති භංග කිරීමට අර අඳින දේශපාලකයන්ගෙන් ඔබ ප්‍රවේසම් විය යුතු ඒ නිසයි.

මේ කටුක සත්‍යය තේරුම් ගැනීමට ඔබ සියලු දෙනාට ශක්‌තිය, ධෛර්යය හා බුද්ධිය ලැබේවායි මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදහන ආගමේ නාමයෙන් ඔබ සැමට යහපතක්‌ම වේවා!

ශ්‍රියානි පෙරේරා

Source : http://www.divaina.com/2010/12/12/feature12.html

Hoping For a Better Tomorrow

I came across this kid who sells patties to support his family near a supermarket, Mirihana. He's in grade 5. Everyday after school he sells patties till late night. His father is a labourer and he has two sisters.

Made me think how unfair life is. Some get everything handed to them. Some have to fight for it. And maybe that makes them better humans.

දුක සතුට දුක ඝන අදුර


වේදනාව පොදුවූ දිනෙක
අප අතරේ පාව ගොසින් 
සතුටක් ලෙස යළි ඉපදේ