Latest Entries »

සුනාමිය නිමාවිය

සුනාමිය ඇවිල්ල හෙටට හරියටම අවුරුදු අටක්. ඒත් මට නම් ඒ සිදුවීම අද ඊයෙ සිද්දවුන දෙයක් වගේ තමයි දැනෙන්නෙ. අම්බලන්ගොඩ තියෙන්නෙ මුහුදට කිට්ටුවෙන්. ඉතින් අම්බලන්ගොඩත් සුනාමියෙන් අන්ප්‍රදේශ තරම් නොවුනත් හානියක් සිද්ද වුනා. මිනිස්සු පන පිටින් වැලලුනා. අම්ම තාත්තට දුවා දරුවන් අහිමිවුනා, දුවා දරුවන්ට අම්ම තාත්ත අහිමිවුනා, තවත් සමහරුන්ට තමන් හරි හම්බ කරගත්ත ගේදොර ඉඩකඩම් අහිමි වුනා.

අවුරුදු අටකට පස්සෙ ඒ ගැන හිතනකොට මට නම් හරිම පුදුම හිතෙනව. සුනාමිය නිසා නැත්තටම නැතිවෙලා ගිය රේල් පාර හදන්න අවුරුදු හතරක් විතර යාවි කියල තමයි ඒ දවස් වල කිව්වෙ. ඒත් ඒක මාස තුනක් වගේ කෙටි කාලෙකින් හැදුන. අපේ මිනිස්සු එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ. 2009 යුද්දෙ නැවතුනාට පස්සෙ අද මේ මුහුදු බඩ පලාත් හරිම දියුණුයි. සංචාරක ව්‍යාපාෙර ආරම්භ වෙලා එදා නොදැකපු සශ්‍රීකත්වයක් මම අද අපේ ගමේ දකිනව.

පහත දැක්වෙන වීඩියෝව 2005 අවුරුද්දෙ සමස්ත ලංකා නාට්‍ය තරගවාලියෙදි අපේ ඉස්කෝලෙන්, ඒ කිව්වෙ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ඉදිරිපත් කරපු නාට්‍යක්. ඒ තරගාවලියෙන් සමස්ථ ලංකා තුන්වෙනි තැන දිනාගන්න අපට පුළුවන් වුනා. එයට මටත් සම්බන්දවෙන්න ලැබීම ගැන අද මම සතුටුවෙනව. මේ නාට්‍ය ලිව්වෙ ඒ කාළෙ අප විද්‍යාලයේ ආචාර්්‍යවරයෙක්ව හිටිය නිතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් ගුරුමහතා. පස්සෙ මේ නාට්‍ය ITN නාලිකාවෙන් ප්‍රදර්ශනය කළා බදාද හවස ගිය "ළහිරු මඩල" වැඩ සටහනේන්. ඉතින් ඔය හැමෝටම බලන්න එම වීඩියෝව මම youtube එකට ඇතුලත් කළා. ආයෙමත් එන සුනාමියකට මුහුන දෙන්න අපි ලෑස්තියි කියල මම දන්නව.
හෙට පැරෑලියේ සුනාමි ස්මාරකය ලගට පුළුවන් නම් ඇවිත් යන්න එන්න. එදාට වඩා අද ඒ පරිසරය හරිම නිස්කලංකයි.

3 comments:

  1. ඇත්තටම සුනාමිය සුළි සුළං, භූමි කම්පා, නාය යෑම්, ගංවතුර තර්ජන, උතුරු නැගෙනහිර යුද්ධය යන සෑම විපතකට ලංකාවේ අපි මුහුණු දුන්නා. ඒ සිදුවිම් වලින් කොච්චරක් නම් පිඩාවට පත්වෙන්නට ඇතිද? බොහොම නිර්මානාත්මක නාට්‍යක් මෙයත්...

    ReplyDelete
  2. අවුරුදු 8 ක් කියන්නෙ ලොකු කාලයක් වුනත් මට මේ අවාසනාවන්ත සිදුවීම අද ඊයෙ වගේ. මමත් එදා ඉරිද ගාල්ල ටවුන් එකට යන්න හිටියෙ බවුත් එකක් ගන්න. මොන හේතුවකට හරි අම්ම යන්න ඉඩදුන්නෙ නෑ!

    මේවගේ විපතක් කිසිම රටක ඇතිවෙන්න එපා!

    ReplyDelete
  3. සුනාමියේ මතක අපි අතරෙත් තාම තියෙනවා. අපේ ගම බලපිටිය. ගොඩ දෙනෙක්ට ජීවිත මෙන්ම දේපළ ද අහිමි උනා. ඒ හැම දෙනාටම නිවන් සුව! පතනවා.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL