Latest Entries »

නෙතු සිහින දකින

කට්ටිය කවදහරි දැකල තියෙනවද දන්නෙ නැහැ මගේ blog එකේ පහලින්ම Emotion Music කියල image එකක් දාල තියෙනව. ඇත්තටම ඒක click කරාම ඒ අයගෙ website එකට යන විදියට තමා ඒක හදල තිබුනෙ. ඒත් දැන් ඒ website එක ඇත්තෙ නැහැ ඒත් ඒකෙ කට්ටිය තාම ඉන්න නිසා මම ඒක තියාගෙන හිටිය කවද හරි ලංකාවෙ මේ logo එක දැක්කොතින් යාන්තමට හරි මේ වගේ දෙයක් මම කොහෙදි හරි දැකල තියෙනව වගේ සිතුවිල්ලක් ඔය අයගෙ හිතේ පහලවේවි කියල හිතුන නිසා.

ඉතින් මම අද facebook එකේ සැරිසරද්දි හම්බවුනා පොඩි වීඩියෝ කෑල්ලක්. ඒක පළ කරල තිබුනෙ මාස අටක‍ට විතර කලින්. හැබැයි බැලින්නම් තිබුනෙ. Emotion Music group එක හොර රහසෙ කරපු music video එකක්. මම කලින් සින්දුව අහල තිබුනට visual එකක් තියෙනව කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඒත් මේ අය ඇත්තටම එහෙම දෙයක් කරල. කියල වැඩැක් නැහැ. ඔන්න මම ඒක බ්ලොග් අවකාශේ පලකළා.

මේ සින්දුවෙ නම “නෙතු සිහින දකින”

සින්දුව ලියල තියෙන්නෙ අනුෂ්ක ඉදුනිල් මල්ලි, කියන්නෙත් එයාම තමයි. දැන් ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මේකෙ music දෙන්නෙ දැන් මාස කිහිපයකට කලින් අපේ සිංහල බ්ලොග් අවකාසෙට අඩිය තියපු Super Mario. මේක facebook එකේ share කරල තිබුනෙ චාමිකගෙ බ්ලොග් එක ලියන චාමික මල්ලි. අර හිස් අහසෙ සදරුව කියනව වගේ මේ කොල්ලට තියෙන්නෙ digital voice එකක්. මම එහෙම කිව්වෙ මම ඉස්කොලෙ යනකාලෙ ඉදලම මිනිහගෙ හඩ අහල තියෙන නිසා. කට්ටිය අහලම බලන්නකො මේ සින්දුව කොච්චර ගතිද කියල.


සින්දුව Download කරගන්න.

A Painted House

ටික දවසක නිවාඩුවක් මට ලැබුන නිසා කියවන්න කියල හිතා ගෙන මම පොත් දෙකක් පුස්තකාලෙන් අරගෙන ආව. එකක් කේ.ජයතිලක මහත්මයගෙ ඔබ සියළු දෙනාම දන්න රතු රොස මල කියන කෙටිකතා පොත, අනෙක ජෝන් ග්‍රිෂැම් කියන ඇමරිකානු ලේකඛයගෙ A Painted House කියන නවකතා පොත.

ඒ පොත් දෙක අතරෙන් මගේ හිත තදින්ම ඇද ගත්ත පොත උනේ A Painted House කියන පොතයි. ජෝන් ග්‍රිෂැම් කියන ලේඛකයගෙ ජීවිත අත් දැකීම් පාදක කරගෙන තමයි ඔහු මේ පොත ලියල තියෙන්නෙ.

හතලිස් ගණන් වල ග්‍රාමීය ඇමරිකාවෙ, කවදාවත් තීන්ත නොගාපු ගෙදරක තම ආච්චි, සීය සහ දෙමාපියන් සමග ජීවත් වෙන ලූක් චැන්ඩ්ලර් කියන අවුරුදු හතක ළමය වටේ තමයි මේ කතාව දිග හැරෙන්නෙ.

චැන්ඩ්ලර් පවුලෙ ජීවිකාව උනේ කාලාන්තරයක් තිස්සෙ ඔවුන් බදු අරගෙන හිටුපු අක්කර අසූවක් විතර ලොකු ඉඩමෙ කොට්න් (Cotton) වගා කරල ඒව විකුණල ජීවත් වෙන එක. ඔවුන් ඒ වගා කරපු කොට්න් නෙලා ගන්න කාලෙ වෙන කොට එක එක මිනිස්සු කුලියට අරගෙන තමා වැඩ කෙරුවෙ. සමහර මිනිස්සු මැක්සිකොවෙන්, සමහර මිනිස්සු ඇමරික‍ාවෙම වෙනත් නගර වලින්. ඔවු‍න්ගෙ ජීවිත වල කරදර භාදක බොහොමයි. නමුත් ලූක් කෙදිනකවත් ඔවුන්ගෙ දෙමවුපියන් මෙන් කොට්න් වවන්නට සිහින නොදකියි.

මෙහෙම කොට්න් නෙලමින් සතිගණන් ගෙවිල යද්දි සිදුවන ඇතැම් සිදුවීම් නිසා ලූක් ‍කියන දරුව ගොවිපොලේ ඉන්න ලොකුම රහස් රකින්නා බවට පත්වෙනව. ඒ අතරින් සමහර රහස් ඔවුන්ගෙ ගොවිපොල පමණක් නොව තම පවුල් සාමාජිකයන්ගෙ ජීවිත වලටද කෙලින්ම බලපාන දේවල් වෙනව. ඔවුන් සති හයක් අනාගතය ගැන සුභ සිහින දකිමින් එක දිගට කොට්න් නෙලනව.

මෙහෙම සතිගණන් ගෙවිල යද්දි අවුරුදු හතක් වයස ළමයෙකුගෙ ජීවිතය තුල ඇතිවෙන ආදරය, සතුට, වේදනාව, තරහව, ලැජ්ජාව, භය කියන මේ හැගීම් හැම දෙයක්ම ඉතාමත් චමත්කාරජනක ලෙස ඉදිරිපත් කරන්න ජෝන් ග්‍රිෂාම් කියන රචකයා සමත් වෙලා තියෙනව.

ඉතින් කියවන අවසානෙට ලං වුනාම දුක හිතුන. ඒ, ආයෙමත් කවදහරි මේ වගේ පොතක් කියවන්න ලැබේවිද කියල නොදන්න නිසා. එම පොත ලොකෙ වැඩිපුරම අලෙවි වෙච්ච පොතක් විදියට වාර්තා ගත වෙලත් තියෙනව. ඒකෙන් චිත්‍රපටයක් හැදිලත් තියෙනව. ඉතින් ඔය අය ඒ දෙකෙන් එකක් හරි මම කියපු දේ අහල රස විදීවියි කියල මම හිතනව. පහලින් දාල තියෙන්නෙ ඒ චිත්‍රපටයෙ එන කොටසක්. ගත්තෙ You Tube එකෙන්.

Additional characters

  • The remainder of the Spruill family—consisting of the parents, Leon and Lucy, who fear Hank, and their two nephews, Bo and Dale.
  • Pop and Pearl Watson—owners of the local store, a meeting place for the community.
  • Miguel—leader of the Mexicans who work for the Chandlers.
  • Reverend/Brother Akers—the fiery minister of the Black Oak Baptist Church.
  • Jimmy Dale—An uncle of Luke's, who works at a Buick plant in Michigan and offers to help his cousin Jesse find employment if he and his family relocate north.
  • Stacy—Jimmy Dale's snobbish "Yankee" bride, who is horrified by the Chandlers' living conditions and becomes the butt of Luke's practical joke as retaliation for her arrogant attitude.
  • Stick Powers—Black Oak's lazy overweight sheriff, who asserts his authority when necessary but would prefer to catnap in his car parked in the shade.
  • The Latcher family—A family of poor sharecroppers, whose daughter Libby gives birth to a child she claims is fathered by Ricky Chandler.
  • Dewayne—Luke's best friend.
  • Ricky Chandler—Luke's nineteen year-old uncle who is fighting in the Korean War. He is never seen and referenced only in letters and flashbacks.
Thanks to Wikipedia.

හික්කඩුව

ඇත්තටම හික්කඩුව මුහුදෙ නාපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට හික්කඩුව මුළු ලංකාව වටේත් ලෝකෙ වටේමත් ප්‍රසිද්ධයි. ඉතින් ඊයෙ මමත් මගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක ගියා හික්කඩුවෙ මූදෙ ටිකක් නාල එන්න. ඉතින් ඒත් එක්කම හික්කඩුව කියන්නෙ මොනවගේ තැනක්ද කියල ඔය අයටත් පෙන්වන්න පින්තූර ටිකකුත් අරගෙන ආව.

කට්ටිය ගාල්ල-මාතර පැත්තට වෙන්න කොහේ හරි සවාරියක් එහෙම යනව නම් හික්කඩු‍වෙ බැහැල මූදෙ නාල යන්න නම් අමතක කරන්න එපා. අපේ ගමේ ඒ කිව්වෙ අම්බලන්ගොඩ ඉදල නම් හික්කඩුවට තියෙන්නෙ කි.මී. 10 ක විතර දුරක්. කොළඹ ඉදගෙන නම් කි.මී 90 ක් විතර දුර තියෙනව. හික්කඩුව තියෙන තැන දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් ඔය පහල තියෙන සිතියමෙන් බලාගන්න.


ප්‍රධාන වශයෙන් හික්කඩුව කියන්නෙ සංචාරක පුරවරයක්. ලොකූ පොඩි හෝටල් වලින් හික්කඩුව පිරිල තියෙනව. ඇත්තටම හික්කඩුව ලංකාවෙත් ඒ වගේම ලෝකෙ වටේමත් ප්‍රසිද්ධ වෙන්න හේතුව කොරල්පරයි. ඉතින් ලංකාවට එන විදෙස් සංචාරකයගෙන් බහුතරයක් හික්කඩුවට එනවමයි. සුනාමිය නිසා නම් දැන් බොහෝ කොරල්පර විනාසවෙලා. ඊට අමතරව කොරල්පර නැරඹීමට මිනිසුන් ගෙන යන බොට්ටු වල හැපිල කැඩිලත් ඒව විනාස වෙනව. ඒත් ඉතින් තාමත් කිහිපයක් ඉතිරිවෙලා තියෙනව.


ඔය අයට කොරල්පර බලන්න යන්න කැමති නම් රුපියල් දෙදහස් පන්සීයකට විතර බොට්ටුවකට ගෙවල යන්න පුළුවන්. ඔය ඉහතින් දාල තියෙන රූප වල වගේ බෝට්ටුතමා තියෙන්නෙ. ඒ බෝට්ටුවල පතුලට වීදුරුවක් එහෙම දාල කොරල් බලන්න පුළුවන් විදියට සකස් කරල තියෙන්නෙ.

ඉතින් ඔය අය මගේ රූප ටික බලල සතුටු උනා කියල හිතනව. (Full Screen දැම්ම නම් වඩා හොදට බලන්න තිබුනා.)

සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි

හික්කඩුවෙ කොරල් විනාස උනේ සුනාමියෙන් නෙවෙයි, 1997 අවුරුද්දෙ ලංකාවෙ මුහුදට ආපු ELMINOW (එල්මිනොව්) කියන විස ජල ප්‍රවාහයක් (Hotwater) නිසා තමයි කොරල් මැරුනෙ, අපි පේරාදෙණිය කැම්පස් එකේ සාගර විද්‍යාව පිළිබද මහාචාර්‍ය සූකී ඒකරත්න සමග එකතුවෙලා වැලිගම ප්‍රදේෂයෙන් හා ඒ අවට නොගැඹුරු මුහුදෙන් ජීවය ඇති ගල්මල් කොටස් කඩාගෙන (ඒවට හානියක් නොවෙන ලෙස) ඒව කෘතිමව වගා කරල 2001/2002 වර්ෂවල හිටවල තමයි ඔය තත්වයට ගෙනාවෙ.

මම වැඩ කළේ  හික්කඩුව International Diving School එකේ.

යන්න සුන්දරත්වය විදින්න වැල්ලෙ පාසටහන් හැරෙන්න කිසිවක් ඉතිරි කර නොඑන්න.

Amila

ඔබේ සුසුම මටද දැනුනා

මීට ටික දිනකට කලින් මට දකින්නට සහ අසන්නට ලැබුන සංවාදයකින් හිත හොදටම රිදුන. එදා මම ටවුමෙ කඩේට ගියා බඩු වගයක් ගන්න. එතනට මට කලින් තවත් කෙනෙක් ඇවිත් හිටිය. මුලින්ම බඩු ගත්තෙ ඔහුයි. ඔහු ඉල්ළුවේ අර වයස අවුරුදු එකත් තුනත් අතර ළමයින්ට දෙන පීඩියාප්‍රෝ කියන පිටි පැකට් එක. ඉතින් මුදලාලි ඔහුට එය ගෙනත් දුන්න. එහි මිල රුපියල් හාරසිය පනහක්. සෑහෙන ලොකු ගණනක්. පස්සෙ ඔහු ඇහුව මීට වඩා පොඩි පැකට් තියෙනවද කියල. මුදලාලි කිව්ව නැහැ කියල. පස්සෙ කරන්න දෙයක් නැති කමට චීස් කෑලි දෙකක් අරගෙන ඔහු ඉවත්ව ගියා. පස්සෙ මම චීස් කෑල්ලක මිල අහල බැලුව. ඒක රුපියල් විසිනමයයි. ඒකත් සෑහෙන ගණන්.

සමහර විට මම මේ ලියපු ටික ඔය අයට නොතේරෙන්න පුළුවන්. කමක් නැහැ. අපි හැමෝම ඉපදෙනව මැරෙනව. තව අපි ලොකු ලොකු දේවල් ප්‍රාර්ථනා කරනව. ආයෙමත් සංසාරෙ ගමන් කරනව. අම්මල තාත්තල තමන්ගෙ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම, ඔවුන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් දක්වන දයාව, අනුකම්පාව, කොච්චර විශාලද? සමහර විට ඒ තාත්තට එතනින් එහාට කරන්න දෙයක් නැති වෙන්න‍ ඇති. මෙතනින් එහාට මට ලියන්න බැහැ.

23 AM

නොකියවූ කතාවක්
එය මිත්‍යා කතාවක්
‍නොහදුනන කාලයක
නොහදුනන මිනිසුන් අතර
වල්මත්ව හැසිරෙන
පෙර නුදුටු සත්වයෙක් ගැන...

ගිනි ගත් ලියුම | A Burning Note

යාළුවද
යාළුවගෙ යාළුවද
තෝරා දෙන්නට
කෙනකුන් සිටිත්ද

Modern Warfare
Or
Modern Love Affair
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL