Latest Entries »

තවත් වසරකින්

ජීවිතේ ගැන තනිව තීරණ ගන්නෙමි
අම්ම තාත්තා මා උපදේශකයන් පමණි

ඉන් ඉදිරියට
දිගටම මමය
දිගටම මමය

ජීවත් වෙන්නට පුංචි ජොබ් කටුවක් තියේවි
මැරිල යන තෙක් පාඩුවේ සිටින්නෙමි

ඉතින්
ලොකුවෙන්නට සිහින මැවු ඒ පුංචි කොල්ලා
මමය ඒ මමය

ජීවිතය ඉල්ලා ගොළුව සිටියා

"ජබොස්" සද්දයක් ඇහුන නිසා මම විගහට දුවගෙන ගියා ලිද තියෙන දිහාවට. දෙයියනේ එහා ගෙදර රෙක්සි අපේ ගෙදර ලිදේ වැටිල. ඌ ලිද ඇතුලෙ පීනගන්න බැරුව දගලනව.

අපේ ලිං බැම්ම හරිම පොඩියි. අද උදේ පාන්දර වැහැපු හින්ද කට ලගට වෙනකම් වතුර. ඌ කකුල් ගගහ පීනන්න බලනව, ඒත් ගිලෙනව. මේ වෙනකොට රෙක්සි ලිදේ වැටුන ආරංචිය අම්ම එහා ගෙදරට කියල. එහා ගෙදර පොඩි දුව අඩාගෙන අපේ ගෙවල් දිහාවට දුවගෙන ආව.

"අනේ රෙක්සී.... මගේ රෙක්සී...."

ලිදේ බැම්ම උස නැතිවූන නිසාත්, වතුර කට ලගට වෙනකම් පිරිල තිබුනු නිසාත් උගේම වාසනාවට මට අත්දෙක දාලා ඌව ගොඩ අරගන්න හැකිවුනා ඉක්මනටම.

ජීවිත වැඩි හරියක් බේරල අපේ රටේ වැඩිම ප්‍රමාණයක් කුසල් කරගන්නෙ ඉස්පිරිතාල වල දොස්තර මහත්වරු. ඒත් මම වගේ කෙනෙකුට ජීවිතයක් බේරන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අද මට ඒ වගේ ලොකු කුසල කර්මයක් කර ගන්න ලැබුන එක ගැන හරි සතුටුයි.


කැඩපතක් අසල සිටි

අභිරහස් ක්ලෝනයක්
කවුරුදැයි මා නොදත්
සිනහවීලා මා දෙසත්
කියෙව්වා නන් ගොඩක්

I always wonder
who is in front of me



නිමල් සහ බයිසිකලය

ඈට ගමේ ඇත්තන් කියන්නේ බයිසිකලය කියාය. ඔහුගේ නම නිමල්ය. අර අඹ යාළුවෝ එකේ එන නිමල් වගේය. මගේ මාමාය. ඉන්නේ උඩරටය, කරන්නේ ද මාළු බිස්නස්ය. එනමුත් පන්සිල් වල පළමු සිල් පදය හැර අනිත් සිල්පද හතරම හොදින් රකියි. දැනට දින කිහිපයකට පෙර එළඹුණු වෙසක් පෝයදා ඔහුගේ පවුලේ අයත් සමග මමත් කතරගම යෑමට වෑන් රථයට නැග ගත්තෙමි. මා ද අම්බලන්ගොඩ සිට පෙර දිනයේදී මාමලාත් සමග මාතර මාගේ මිත්තනියගේ නිවසට පැමිණ සිටියෙමි.

කතරගමට පිටත්වන අතරතුරදීය අපට ඈ හමුවූවේ. සිටියේද හොදින් පිසදමා අලුතෙන් තීන්තද ආලේප කර මාතර කතරගම ප්‍රධාන පාරට මුහුණලා සකස් කර තිබු බුදු මැදුරක් අසලය. සාම්ප්‍රදානුකූලව කතරගම පිටත්වීමට පෙර මාමා එම බුදු මැදුරේ පිං පෙට්ටියට පඩුරක් දැමීම සිදු කරන්නාමවූ දෙයකි. එහි සැපත් වූ මොහොතේම අපට අසන්නට ලැබුණේ කන පොපියවන කතන්දරයකි. සමහර විට "දවසේ වැරැද්ද" ද විය හැක.

"මෙයා තාමත් අනංගයා වගෙයි"

කොහේවත් සිටි බයිසිකලය මාගේ මාමාට කතා කළ හැටි එසේය. වාහනය තුළ නැන්දාද සිටියාය. "ඕකි මට අහුවුනොතින් ඉතිරි කරන්නෑ" යන සිතුවිල්ල ඈට පහළ නොවුණි නම් පුදුම විය යුතු නැත. වාහනය තුල සිටි අයට නම් ෆන් එක නිම්හිම් නැතිය. මාමාද කාගෙන ගොස් පඩුර පෙට්ටියට දමා ආපසු අවේය. සමහර විටෙක අපට නම් හැට පැන්න චාටර් කෑල්ලෙක් දැකින්නට ලැබුණ අවසන් අවස්ථාවද එයම විය හැක.

කොහොමින් කොහොම හරි වෙසක්දා අපව සවාරියක් රැගෙන ගිය මාමාට මාගේ ස්තූතිය. නැවත මා හට එවැනි සුන්දර වෙසක් දිනයක් ගතකිරීමට ලැබෙනු ඇතයි යන්න මගේ පැතුමය.

~සැමට සුභ වෙසගක් පතමි~

මරණය පෙනි පෙනී ඇස් කන් වසා සිටිනා මම


මරණ මංචකයේදීත් අපටම ඉලන්දාරියෙකු වූ අපේම
~දිලුම්~


නිවනට යන ගමනේ මිතුරන් විලසින්
පතනෙමි ඔබමා හමුවනා ලෙසින්
සසරද කෙටි කර ගනිමු අප සැම එකම සිතින්
නොහඩමි නොවැලපෙමි මා ඔබ වෙනුවෙන්


එදයි අදයි

එදා

හෙට විභාගෙ නේද
කෝ පාඩම්
අනේ මන්ද කවද හැදේවිද

අද

හෙට වැඩ කරන්න
නිදා ගන්න
වැඩිය මහන්සි වෙන්න එපා




සදාකාලිකවම මගේ සිතුවිලි අතර ගමන් ගන්නා සිතුවමක්
මෙම අදහස කුඩා කලදීම කියාදුන්
ගුරුතුමා
නිෂාන්ත සර් 
ඔබට මගේ ආචාරය
!!!


http://joemartinfitness.files.wordpress.com/2010/11/never-give-up1.gif

තරුවක කතාව අර්තගැන්වීම

මේ අදුරු අභ්‍යවකාෂයේ සැරිසරන වල්ගාතරුවක් හදිසියේම පෘථිවි කක්ෂයට ඇතුල්වෙයි. අභ්‍යවකාෂයේ සැරිසැරූ දීර්ඝ කාලය තුල එය මිදී සිතක් පපුවක් නැති අයිස්ගොඩක් බවට පත්වී ගොසිනි.
හදිසියේම පෘථිවි කක්ෂයට ඇතුල්වීම තුලින් නැවතත් උණුසුම් වෙයි, ප්‍රාණවත් වෙයි. 
එසේ උණුසුම්වීම හේතුවෙන් අපූරු දීප්තිමත් භාවයක් එයට ඇතිවේ. මේ පාළු අවකාෂයේ තනිකම විද හොදින් හුරුපුරුදු පෘථිවියට ඔහුගේ ප්‍රාණයෙන් උණුසුම් වන බොහෝ ලක්ෂන ඒ තාරකාවට සිත බැදේ. නමුදු ඇය ඇත්ත වශයෙන්ම තාරකාවක් නොවේ. නමුදු තාරකාවක් මෙන් ලක්ෂනය, හැඩය.

එම ලක්ෂන පෘථිවියෙන් උණුසුම ලබන තෙක් පමණක් බව ඇය දනී. තාරකාව, තමන්ට රිසිසේ පෘථිවියෙන් උණුසුම් වෙයි. තවත් කල්ප කාලාන්තරයකට ඇයට පෘථිවිතලය මෙන් ග්‍රහලොවක් මුන ගැසෙනාතාක්  උණුසුමක පහසක් නම් විදින්නට ලැබෙන්නේ නැත. ඉතින් එම තරුව නැවතත් පෘථිවියට තනිකමම ඉතිරි කර යන්නට යයි. තවත් ඈත ග්‍රහලොවක් සොයා ගමන් කරයි. අහෝ පෘථිවිය නුඹට ආදරයක පහසක් විදින්නට ලැබෙන්නේ කවදාද?

මෙය කවි වලින් සැදුම්ලත් දෙබසකි. ප්‍රථම කවි පද දෙක පෘථිවිය කතා කරන ආකාරයටද ඉන්පසු කවියක් හැර කවියක් පිළිවෙලින් තරුව හා පෘථිවිය අතර ඇතිවෙන දෙබස දිගහැරේ. තරුවක කතාව කවි පෙල කියවීමට දී ඇති මාර්ගය හරහා යන්න. 

තාමත් අවුරුදු


අවුරුදු කාලය
ගෙවී ගොස් අවසන් වූවත්
මට නම් තාමත්
අවුරුදු
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL