Latest Entries »

මෙට්‍රො ජීවිතේ

අවුරුදු දෙකක් ගෙවපු SLIIT එකේ Metro Campus ජීවිතය තව ටික දවසකින් ගෙවිල ඉවර වෙලා යනව. හිතට ලොකු දුකක් ඇති වුණා. එක සැරේටම. සමහර විට මම හුගක් ආදරේ කරපු ස්ථානයක් දාල යන නිසා වෙන්න ඇති. හුගක් අය දන්නෙ SLIIT කිව්වහම මාලඹේ කැම්පස් එක ගැන විතරයි. නමුත් SLIIT Metro කැම්පස් එක තමයි මුලින්ම ආරම්භ කරල තියෙන්නෙ 1999වෙ මට මතක විදියට. ඇත්තටම Metro Campus එක කියන්නෙ ලොකුම ලොකු තට්ටු 18 ක් විතර තියෙන ගොඩනැගිල්ලක්. කොල්ලුපිටියෙ Liberty සිනමා ශාලව ගාවට ගිහින් ඔළුව උස්සල බැලුවොතින් අළුපාටට තියෙන උසම ගොඩනැගිල්ල කිව්වෙ Bank Of Ceylon Merchant Tower එක පෙනේවි. එක ඇතුළෙ තමයි අපේ Metro Campus එක තියන්නෙ. මාලඹේ තරම් අක්කර ගාණනක වපසරියක් නැති නිසා මේකෙ ඇතුළෙ ඉන්න හැමෝම වගේ අපි අදුරනව. ඉතින් ඒ හින්ද මොන ප්‍රශ්නෙකදි උණත් අපේ අය එකතුයි

ලබන අවුරුද්දෙ මාලඹේ කැම්පස් එකට යන්න වෙනව මොකද තුන්වෙනි අවුරුද්දෙ ඉදන් අපට ඉන්න වෙන්න එතන නිසා. කොළඹ ජීවිතේ මට අල්ලන්නෙ නැති උනත්. අවුරුදු දෙකක් ගෙවිල ගිහින් දැනුනෙවත් නැහැමාලඹේ කොහොම වේවිද දන්නෙ නැහැ. අළුත් පරිසරයක්, හරිම විවෘත්තයි, හුගක් නිදහස් කියල තමයි එහෙ අය නම් කියන්නෙ. ඒත් ඉතින් ඔය නිදහස ඉතින් අපට නම් ලබන්න වෙයිද කියල නම් සැකයි. මොකද උපාධිය අවුරුදු තුනෙන් ඉවර කරන්න තමයි අදහස් කරන් ඉන්නෙ. නමුත් හතරවෙනි අවුරුද්දට යන්නත් සුදුසුකම් තියෙනව. බලමු.

Metro
ජීවිතේ මම හුගක් ආදරේ කරපු දවස් ගෙවිල ගියේ පළවෙනි වසරෙ දෙවනි සිමාසිකයෙ ඉගෙන ගන්න කොට. මම මෙහි ආපු අලුත නිසාත් හුගක් අය වෙද්දිත් අදුනගෙන නොසිටි නිසාත් මතකයන් හරිම නැවුම්, හරිම සුන්දරයි. ආයෙමත් කාලෙට යන්න හිතෙනව. ඔන්න ඔය කාලෙදි තමයි අපට assignment කියල දෙයක් තියෙනවයි කියල අහන්න ලැබුණු පළවෙනි වතාව. අතරිනුත් අපි DBMS වලට කරපු assignment දවස් ටික තමා එහි මගේ මතකෙ තියෙන සුන්දරම කාල වකවානුව.

ඔය කම්පියුටර් අංශෙ ඉන්න අය නම් දන්නවත් ඇති DBMS වල concepts ටිකක් ඉගෙන ගන්න කොට දිරවගන්න ටිකක් අපහසුයි කියල. ඉතින් ඒවත් එක්ක assignment එකක් ආවහම රසේ වැඩියි. දවස් තමයි මගේ SLIIT ජීවිතේ වැඩිපුරම Metro එක ඇතුළෙ කාලය ගත කරපු දින ටික. උදේ ආවම රෑ අටත් පහුවෙලා security එකෙන් එළියට දානකම් ඉදල තමයි ගෙදර ගියේ. කාලෙ හරිම රසවත්. Metro කැම්පස් එකේ කවදත් තියෙන අදුරු පරිසරයට මම ප්‍රියකරා. අනේ මන්ද මොකද කියල. ඒත් එහෙමම සිද්ධවුණා.  

ඉතින් ලබන අවුරුද්දෙ මාලඹේට යන්න බස් තුනක යන්න වෙනව. කොල්ලුපිටියට නම් මට ඕනෙ උනේ එක බස් එකයි. ඉතින් Metro ජීවිතේ ගැන හිතල බලනකොට කාටවත් කියන්න බැරි හරිම ජොලි සිදුවීම් තිබුණෙ නැතිවාමත් නෙවෙයි. දැනට තියෙන සීමා මායිම් ගත්තහම කතා පහු වෙලා කිව්වෙ උපාධිය ගත්තට පස්සෙ කියන්න තියාගෙන ඉන්න කතා මල්ලට දාගෙන ඉන්නව. ඒව තරම් රසවත්. හැබැයි දැනට කියන්න බැහැ. ඉතින් මට දැන් ඉස්සර වගේ සිකුරාදට කොල්ලුපිටියෙ කැම්පස් එක ගාවින් කෙළින්ම ගෙදර එන්න බස් එකට නගින් වෙන එකක් නැහැ. ඒත් රෑ වෙලා Metro කැම්පස් එක ගාවින් බස් එකක නැගල එන්න මම තාමත් ප්‍රිය කරනව

මේව මගේ පිස්සු සිතුවිලි

කියවන ඔය අයගෙ කාලෙ කාල දැම්මනම් මට සමාවෙන්න. සමහර වෙලාවට මම මගේ පාසලටත් වඩා මෙට්‍රොකැම්පස් එකට ආදරෙයි කියලත් හිතෙනව. අපි කවද මැරෙයිද කියල කියන්න බැහැ. ඉතින් අද දැන් මේ මොහොතෙ මගේ හිතට ආපු සිතුවිලි ටික blog අවකාසෙ පාකරල ඇරිය. මට දැන් හරිම සැහැල්ලුවක් දැනෙනව.

 

6 comments:

  1. සුබ පැතුම් යාලුවා !!!!!

    ReplyDelete
  2. හපොයි මළේ...
    මාලඹේ තමයි SLIIT ජීවීතේ ලස්සනම කාලේ.. හරිම සුන්දරයි, ලෙන්ගතුයි. කාලේ ඉක්මනට ගලපු අවුරුදු 4 ක් මමත් එහෙ හිටිය. මතක් වෙද්දීත් දුකයි. හැමදාම සිකුරාදාට කොල්ලුපිටියෙන් බස් එකේ
    එල්ලිලා ගෙදර ගියපු ඔයාට මාසෙකට සැරයක්වත් ගෙදර යන්න හිතෙන එකක් නෑ. අනිත් එක බස් 3 ක යන්න වෙන ඔයා එහෙ ගිහින් මාසෙන් සිරා බෝඩිමකට සෙට් වෙයි. උදේ 8 වෙනකොට SLIIT 1 ට ඇවිත් රෑ 8 ට ආපහු බෝඩිමට යාවි. මෙහෙම කිව්වට හරියන්නේ නෑ, ඔය ගිහින්ම බලන්නකෝ.. Metro මොකක්ද කියල හිතෙයි..

    ReplyDelete
  3. මම නම් මචං අවුරුදු 3 ම හිටියේ මෙට්‍රෝ..මාලබේ ගියේ එක එක වැඩ සෙට් උනාම විතරයි..සිරාම කාලයක් තමා මේ අවුරුදු තුන..කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ ගත කරපු කාලේ නම්..

    ReplyDelete
  4. අයියෙ අපිත් මාලඹේ SLIIT එකේ.දෙයියනේ කියල අපිත් ආව SLIIT කරන්න.මොනවා වෙයිද දන්නෙ නෑ.තාම අපට අපට orientation programme.හිතුමතේ අයියා විව්ව විදිහට උනොත් නම් හොදයි...

    ReplyDelete
  5. @everyone
    අදහස් දක්වපු හැමටම ස්තූතියි.

    ReplyDelete
  6. හික් හික් මේ SLIIT කියන වචනේ දැක්කම මට මතක් වෙන්නේ CLIT

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න