Latest Entries »

රත්නපුරේ ගමන

එදා දිනය 2011/12/20 වෙනි අගහරුවාදායි. මගේ මාතර අක්කාට මරදානේ බැංකුවක ජොබ් එකක් ලැබීම හේතුවෙන් ඇගේ කොළඹ ගමන අධීකෂනය කරීමට සිදුවූයේ මටය. මවගේ පැත්තෙන් පවුලේ දෙවනියට වැඩිමලා වූ හෙයින්ද දැනටමත් කොළඹ නගරයේ රෝන්දේ ගොස් පලපුරුද්දක් ඇති නිසාද ඈ වෙනුවෙන් බොඩිම් සෙවීම, දිවා රෑ නොබලා ආරකෂා සම්පන්නව මහරගම වූ ඇගේ නැවතුම්පොල වෙතද රැගෙන ඒම මගේ රාජකාරිය විය.

එදින සවස මාගේ මලයා තුමාගෙන් දුරකතන පණිවිඩයක් ලැබුනේ මාගේ කම්මැලි කමෙන් පිරුණු ජීවිතයට නැවුම් ආලෝකයක් එකතු කරමිනි. මාස දෙකකටත් වැඩි මගේ නිවාඩු කාලය ඔහේ නිකම්ම ගෙවෙමින් පැවතියේ සිතටත් නොදැනීමය. මා සිටියේ නැවතත් SLIIT ජීවිතයේ තවත් එක් සිමාසිකයක් ආරම්භවේ යන ඩිංගිත්තක් සතුටු මානසිකත්වයක පමණි.

ආරුගම්බේ කරා විනෝද චාරිකාවක් ඊලග සෙනසුරාදා යන බව දැන ගැනීමෙන් සිත පිනා ගියේය. විනෝද චාරිකාව සංවිදානය කොට තිබුනේ මගේ පියාගේ පාර්ශ්වයෙන් බැවින් අක්කාගේ රාජකාරියෙන් බැහැර වීමේ නිම්හිම් නැති සතුටෙන් මා එවෙලේම මලයාට කීවේ

“මමත් යනවා කට්ටියට කියන්න” 

යන්නය. ඉතින් ලග එන සෙනසුරාදා දිනය තෙක් කිරීමට වැඩ ටික plan ගැසුවේ ඉන්පසුය. ඒ වන තෙක් මා SLIIT එකේ සිමාසික මුදල ගෙවීම සිදු කොට තිබුනේ නැත. සෙනුසුරාදා දිනයත් සමග දින තුනක විනෝද චාරිකාවට ගියොතින් මා හට මුදල් ගෙවීමට දවසක් ඉතිරි නොවන බැව් මට වැටහුනේ නත්තල් වලට සාමාන්‍යයෙන් දින කිහිපයක් එම ආයතනය වසා තබන බැවිනි. එම නිසා මා ගෙදර යායුතුව තිබුනි. සිකුරාදා SLIIT එකේ නිවාඩු දිනයක් වූ හෙයින් මට මුදල් ගෙවීමත් ඒ කටයුතු සියල්ලමත් නිමා කරන්නට තිබුනේ දින දෙකක් පමණි. එයට ද අමබලන්ගොඩ පැමණිය යුතු විය. එහෙයින් බදාදා රාත්‍රියේ අක්කාව මරදානේ වැඩපොලෙන් ගෙන ඇගේ මවු වන ලොකු අම්මාට බාර දී මම එතනින්ම ගෙදර ඒමට පිටත් වුනෙමි. ගෙදර එන විට රෑ නවයහමාර පමන විය. එහෙම්මම මුහුන කට සෝදා මාගේ ප්‍රියතම ආහාරයක් වූ කොත්තුවක්ද අනුභව කොට නින්දට ගියෙමි.

පසු දින උදෙන්ම නැගිට ඇගපත සෝදා දහය පමන වන විට බැංකුවට මාගේ සිමාසික මුදල්ද ගෙවා හැරෙන තැපෑලේ මාළඹේ ඒමට පිටත් වුනෙමි. ඒ බ්‍රහස්පතින්දා දිනයයි. මාළඹේ ගොසින් ඉන් පිටත් වන විට අක්කාව වැඩ පොළෙන් ගැනීමට කාලයක් ඉතිරි නොවෙන බව දැන සිටි බැවින් කල්තියාම ලොකු අම්මාට ඒ ගැන කියා තබා මම මගේ සුපුරුදු දෙල්කද මා රැදී සිටින ලොකු තාත්ලාගේ ගෙදර පැමිණියෙමි. ඉන්පසු සිකුරාදා දිනයේ සවස අක්කා රැගෙන ඒමේ බාර දූර රාජකාරිය සිදු කළෙමි.

රාත්‍රියේ ගෙදර එන විට මාගේ සිහින මාලිගා සියල්ලම බිද වැටී තිබුනේ. ආරුගම්බේ විනෝද චාරිකාව අහෝසි වී තිබූ නිසාවෙනි. ආරුගම්බේට පෙර නොවූ විරූ ලෙස වැස්ස ඇද හැලීම එයට හේතුවී තිබුනි. නමුත් මගේ ලොකු තාත්තාට නම් යන්නට ලෑස්ති වූ විනෝද චාරිකාව අතහැරීමට කිසිදු කැමැත්තක් නොතිබු නිසා වෙන් මෙවර අළුත් චාරිකාවක් ඔහු විසින් සංවිධානය කරන්නට යෙදුනි. රත්නපුරේ, අපේ අළුත්ම විනෝද චාරිකාවේ නැවතුම් පොලයි.

රත්නපුරේ Finlay තේ වතුයායේ General Manager වශයෙන් කටයුතු කරන මගේ මාමලාගේ බංගලාවට යාම අළුත්ම plan එකයි.



වසර ගණනාවකින් රත්නපුරේ ගොස් නොතිබුන බැවින් එයද මට විනෝද චාරිකාවක්ම විය. ඉන්පසු ආයෙත් යන්නට සිටි කට්ටියට කතා කොට වැඩේ set කර ගත් අපි පසු දිනයේ දහවල් එකොලහට පමණ A4 මාර්ගයේ රත්නපුර බලා පිටත් වූ යෙමු. යන මුලු පිරිස 13 දෙනෙකු පමනය. ගමන් ගත්තේ තම තමන්ගේ වාහන වලිනි.



රත්නපුර යන අතර මග මුන ගැසෙන Leisure World එකටත් ගොඩ වැදී යෑමට ලොකු තාත්තා කල්පනා කොට තිබුනි.




ලංකාවේ තිබෙන එකම Theme Park එක නම් Leisure World එකයි. එය විවෘත්ත කරනු ලැබුවේ 2008 දීය. එහි ඇති Water World එක ලාංකික ජනතාවට අළුත්ම අත්දැකීමක් එක් කරන්නකි. එහි තිබෙන නානාප්‍රකාර Water Slides වල ගමන් කිරීම බොහෝ අයගේ පලමු තෝරා ගැනීමයි.

විවිධ වූ හැඩ වලට සකස් කර තිබෙන Water Slides එහි තිබේ. සෑම water slide එකකම මා එක් වරක් පමණක් ගමන කළෙමි. ඒවායේ ගමන් කිරීම සැබවින්ම ත්‍රාෂ්‍ය ජනකය. නමුත් සෑම කෙනෙකුම ජීවිතයේ එක් වරක් හෝ මෙහි ගොස් අත්දැකීමක් ලද යුතුය. ලංකාවේ ජනතාවටද පිටරට වලදී මෙන් සතුටු වීමට මෙවන් ස්ථානයක් තිබීම පිළිබද මා නම් හුගක් සතුටට පත්වෙමි.

Leisure World එකේ පැය දෙකක් පමන ගත කළ අපි නැවත රත්නපුරේ බලා පිටත් වූවෙමු.


ඒ වන විටත් එහි පැමිණ සිටි මගේ පුංචිලා, නැන්දලා, මාමලා අපව පිළිගත්තේ මෙසේයි.

ලෝක පූජිත Ceylon Tea කෝප්පයක රස බැලුවේ ඉන්පසුවය.

එදින රාත්‍රී ආහාරයගත් පසු කට්ටිය කථා කර ගත්තේ පසුදා උදේ උඩවලව ජලාශයත්, ඇත් අතුරු සෙවනත් බැලන්න යාමටය. යන්නට සිටි ගමන (ආරුගම්බේ) නවතා දමා පැමිණි නිසා බලන්නට යෑමට ඇති තැන් වල හිගයක් පැවතුනි. මා හැරුනු කොට අනෙක් අය නම් බොහෝ විට රත්නපුරේ පැමිණ ඇවිද ගොස් තිබූ බැවිනි.

තාරාවෝ


පසුදා උදේ පාන්දර හතරට පමණ ඇහැරුනේ සීතලටය. කෙසේ හෝ අනික් අයත් නැගිටින කම් ඇස් වහගෙන ඇදේ හාන්සි වී සිටියෙමි. පසුව උදේ තේ පානය කොට මුහුන කට සෝදා ආහාර ගන්නා විට ඉදිරි පස වීදුරුවෙන් දක්නට ලැබුනේ තාරාවන් පිරිසක් වත්තට පැමිනෙන ආකාරයයි.

 උඩවලව ජලාශ වේල්ල

මාළු අල්ලමින්


 සොරොව්වෙන් එහා පැත්ත

 එක් සොරොව්වක් දරා සිටින ජල කද


හිදන් පසුදා උදයේම අප උඩවලව කරා පිටත් උනෙමු. එහිදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් විසින් ඉදිකරනු ලැබූ දැවැන්ත උඩවලව ජලාශයත් එහි dam එකත් නැරඹුවෙමු.

උඩ වලව ජලාශය ඇති මාර්ගයේ මුලුදිගටම පාහේ අලි වැටවල් ගසා තිබුනි. එනමුදු සමහර සංචාරකයන් ඉන් ඔබ්බට ගොස් එහි දියේ පීනමින් විනෝද වනවා අප දුටුවෙමු. නමුත් මා නම් එය අනුමත කරන්නේ නැත. කිමද අලි වැටක් ගසා තිබෙන්නේ යම්කිසි හේතුවක් නිසාය. බැරිවෙලාවකවත් කොහේවත් යන අලියෙක් එතනට පැමින මහා විනාසයක් කරන්නට ඉඩ තිබෙන බැවිනි.

කෙසේ හෝ ඉන් පසුව අප ගියේ උඩ වලව ජලාශයට මදක් ඔබ්බෙන් වූ ඇත් අතුරු සෙවන නැරඹීමටය. නමුත් එහිදී අපට දැන ගන්නට ලැබුනේ එය නැවත අලි පෙන්වන්නට පටන් ගන්නේ සවස තුනට කියායි.



දිවා ආහාරය ගැනීම සදහා ස්තාන බොහොමයක් අප කතා කර ගත්තත් අවසානයේ අපත් සමග සිටි උපුල් මාමා යෝජනා කළේ උඩවලව ජලාශය අසලම පිහිටි Kalu's Hideaway එකෙන් දිවා භෝජනය ගනිමු කියායි. මෙම හෝටලය වනාහි 1996 Wills ලෝක කුසලානය දිනා ගත් කන්ඩායමේ සිටි රොමේෂ් කලුවිතාරනට අයත් හෝටලයකි.



දහවල් එකට පමන අප එහි ගියෙමු. ඉතාමත් අලංකාර ලෙස ඉදිකරමින් පවතින එහිදී අප ඇනවුම් කළේ එහිම වවන එලවළු වලින් සැදුම් ලත් ගමේ ආහාර වේලකි.


 වෙලාවට නාන්නත් ඇදුමක් අරගෙන ගියේ






කලූවිතාරන ඇන්ද ටී-ෂර්ට්



අවසානයේ දවල් තුන පමණ වන විට අපි Kalu's Hideaway එකෙන් පිටත් වුනේ ඇත් අතුරු සෙවන බලන්න යන්න. යන කොට තුනයි විස්සට විතර ඇති ඒ වෙන කොටත් ඒක බලල ඉවර වෙලා මිනිස්සු එලියට එනව. පස්සෙ දැන ගන්න ලැබුනෙ ඒකෙ කරන්නෙ පුංචි ඇත් පැටව්න්ට කිරි පොවන එක පෙන්වන එක විතරයි කියල. ඉතින් ඒව අපි නම් අලි අනාතාගාරෙ බලන්න ගිහිපු වෙලාවල් වලත් දැකල තියෙන නිසා දකින්න නොලැබුනාට දුකක් දැනුනෙ නැහැ. ඒ උනත් ඒ අලි රංචුව වතුර බොන්න උඩවලව ජලාශයට ඇවිත් ඉන්නව නම් අපි බලාගත්ත.


ඉතින් ඔක්කොමත් බලල අන්තිමේ ආපහු රත්නපුරේ බන්ගලාවට ආව. පස්සෙ දවසෙ ඒ කිව්වෙ මේක ලියන අද දවසෙ තමයි අපි එහෙ ඉදල කොළඹ ආවෙ. හරිම ජොලි චාරිකාවක්. හුගක් තැන් බලන්න ගියා. ඊලග සැරේ ඒ ලගම තියෙන පුංචි දඹදිවත් බලන්න යනවයි කියල හිතා ගත්ත. දැන් නම් පාර දන්න නිසා මට තනියම උනත් ගිහින් එන්න පුළුවන්. ඔන්න දැන් නම් ඉතින් මට නිවාඩු කාලයක් ආවහම ගෙදර කම්මැලියි කියල ඉන්න වෙන එකක් නැහැ. එහෙම හිතුන ගමන්ම රත්නපුරේ ගිහින් එනව.




අහන් ඉන්න අහගෙන ඉන්න...

අද කාලයේ නිපදවෙන සිංහල සිංදු බොහොමයක් ගත්තහම ඒවගෙන් ජීවිතයට ගන්න තියෙන දේවල් ගොඩක් අඩුයි. ගොඩක් සින්දුවලට තේමා වෙලා තියෙන්නේ ආදරය වැනි කාරණා පමණයි. නමුත් අද උදේ නැගිට්ට ගමන්ම මගේ google reader එකේ subscribe කරගෙන තියෙන "හන්තාන" කියන blog site එකේ පල වෙච්ච ගීතයක් ඇහුව.

සින්දුවෙ නම "අහන් ඉන්න අහගෙන ඉන්න". සමහර විට ඔය අයත් අහල ඇති. මම නම් පළවෙනි සැරේට ඇහුවෙ අද.

මෙම ගීතය හරිම ලයාන්විතව ගායනා කරන්නෙ මේකලා ගමගේ මහත්මියයි. තව මේ සින්දුවට rock version එකකතුත් තියෙනව. මේ සින්දුවෙන් කියවෙන්නෙ කුමක් ගැනද කියල ඔය අයත් අහලම බලන්න.

කාලෙකට පස්සෙ මම අහපු ලස්සනම ගීතයක්. මේ ගීතය ගැන මාව දැනුවත් කළ "හන්තාන" blog එක කරන CJට මගේ ස්තූතිය. 



ලස්සන කට හඩක්, තනුවක්, සන්ගීතයක්, එකතු උනොත්, මිනිස්සුන්ගෙ පපුව ඈතුලටම යනවා!!!

ආවා ආවා පළමු ලව් හුටපටය ආවා

මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා කිහිපයක්ම තිබෙන නිසාත් දැන් දැන් කපු ආච්චිල ගැනත් අපේ ගෙවල් දොහේ ඇහෙන නිසාත් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල මටම වෙච්ච ලව් සීන් එකකින්ම මම මේ කථා මාලාව ආරම්භ කරනව.

ඉතින් මේ ලව් කතාවෙ කතා නායිකාව මම දැනුත් දන්න අදුනන යෙහෙලියක්, කතා නායකය ඔබ තුමන්ල හොදින් අදුනන අම්බලන්ගොඩ දොහේ Hishan Melanga වන මා ලෙසත් සිතා ගන්න.

ඉතින් අපි ඇත්තටම අපේ ඉතිහාසයට ගිහින් බැලුවොත් හුගක් අයට මේ වගේ ආදර හැගීම් ප්‍රතමයෙන්ම ඇතිවෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි නෙමෙයි?

මම පොඩි කාලෙදි ඉතින් ඔය මම්මල, නැන්දල හෙම ලොකු උනාම බදින්නෙ කවුද කියල ඇහුවහම කියල තියෙන්නෙ අපේ සදුනි අක්කව තමයි. (ඒ ඉතින් මගේ සුදු බාප්පගෙ දුව.) ඉතින් ඔය වගේ කතා අහගෙන අහගෙන යද්දි කාගෙන්දෝ නංගියෙක් ගෙනුත් එක දවසක් එයා බදින්න ඉන්නෙ කාවද කියල ඇහුවම කියල තියෙන්නෙ හත්තලාමෙ මගේ නම.


ඉතින් ඒ ඉතිහාස කතාවත් දැනගෙන දැන් මම නමය වසරෙ ඉගෙන ගන්න කාලෙට එමු. ඉතින් කතාව මෙහෙමයි ඇත්තටම කොල්ලන්ට කලින් කෙල්ලන්ට මේ වගේ හැගීම් ඇතිවෙන එක පොඩි කාලෙදි සාමනයයි. ඒකනේ ඔය දෙමව්පියන් පාසල් යන කාලෙ ඇති වෙන ආදර අන්දර වලට එහෙම කෙලින්ම තිත තියන්නෙ. ඉස්කෝල් කාලෙ නිමා වෙන කොට කතාවත් නිකම්ම ඉවර වෙලා යනව. එතනිනුත් එහාට කතාව යනවය කියන්නෙ අනිවා සිරා ලව් එකක්.

ඉතින් මේ කෙලියත් ඔය උඩින් කියපු කතා කාරියට ඈතිවුනා. ඈට කොතරම් මාව අවශය වී තිබුනේද කිවහොත් එක දවසක් හොරාට මුද්දක් ඉස්කෝලෙ උස්සන් ඇවිල්ල පන්තියෙ හැමෝටම පෙන්නල ඒක මං එයාට දීපු මුද්දය කියල :( 

ඉතින් හිතා ගත් හැකිනෙ ඒ දවස් වල මම හිටි තත්වෙ. (දැන් නම් මතක් වෙනකොටත් හිනා.) ඒ සීන් කෝන් එක කොල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි, නසරානි කෙල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි බේර ගත්තෙ බොහොම අමාරුවෙන්.

ඒ කතාවෙන් කියවෙන එක දෙයක් තමයි කෙල්ලන් හරිම දරුණුයි. ඒ මදිවට සෑහෙන බොරුත් කියනව. එලිපිට blackmailing කරන්නත් හරි දක්ෂයි.

ඉතින් එහෙම කිව්වයි කියල දැන් මේක කියවන කාන්තා පාර්ශවය මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා; අම්බලන්ගොඩ කොල්ලො කෙල්ලන්ට බූට් දෙනව වැඩියි කියලත් හුගක් අය කියනව. හික් හික්.

ඉතින් 
පරන හුට පටයක් මතකයට නැගුනු 
මම 
~Hishan Melanga~

The කපු-ආච්චි Chronicles

ය වූ කලී 2010 වර්ෂයේ සෙනසුරාදා දිනයකි. වෙනත් දිනයන් වලදී නම් සිකුරාදාට අම්බලන්ගොඩ මගේ ගෙදර පැමිණියත් එදින මට කොළඹ මගේ ලොකු තාත්තලාගේ ගෙදර නැවතීමට සිදුවුණේ තවත් සති දෙකකින් අපට සිමාසිකයේ අවසාන විභාගය මුහුන දීමට නියමිතව සිටි බැවිනි. 

ඉතින් ඒ දිනවල සාමාන්‍ය දින චර්යාව වූයේ  රෑ වෙනකම් සිකුරාදාට පාඩම් කොට උදේ හයට විතර නැවතත් නැගිට පාඩම් කළ පසු දිවා ආහාරය ගෙන චුට්ටක් නිදා ගැනීමය . මෙදින කෙසේ හෝ මට දිවා අහාරයෙන් පසු නින්දගොස් සිටියදී ඇහැරුණේ නිවසේ පහල තට්ටුවෙන් කටකාර ගෑහැනියකගේ කටහඩක් ඇසුන නිසාවෙනි. 

පහළ මහා කතා බහකි. කියල වැඩක් නැත පැමිණ සිටියේ කපු-ආච්චි කෙනෙකි. කා ගැනද මේ කතාව? මගේ cousin කාරය ගැනයි. කපු-ආච්චි පැමිණ හොදින් කාබී සප්පායම් වී සවස හයට පමණ යන්නට ගියාය. 

ඉතින් එදා දිනය අපි "කොල්ලන්ට” වැඩි කතා බහකින් තොරව ගෙවී ගියේය. නමුත් පසු දිනක අම්බලන්ගොඩ නැන්දා පැමිණ අම්මලාට මේ ගැන විස්තර කරනු මම අසාගෙන සිටියෙමි. එයද මාරම කථාවකි. මම කලින් කියූ දින ආච්චී අපේ ගෙවල් සොයාගෙන පැමිණ ඇත්තේ මරු ක්‍රමයකටය. 

කපු-ආච්චි ඉතින් අම්බලන්ගොඩින් කොළඹ එන්ට බස් එකක නැගගෙන ඇත. කෙසේ හෝ කොළඹ පැමිණි පසු ආච්චීට අපේ ගෙදරට යන විධිය මතක නැතිවී ඇත. ඉතින් ආච්චිගෙන් ටිකට් ගන්න ආ කොන්දොස්තරට ආච්චි මේ බව පවසා ඇත. වෙලාවට ආච්චි ලග අප නිවසේ phone number එක තිබී ඇත. 

කෙසේ හෝ කොන්දොස්තර ඔහුගේම hand phone එකෙන් අප නිවසට කෝල් එකක් ගෙන නැන්දාගෙන් පාරත් අසාගෙන ආච්චිව නියමිත තැනින් බස්සවා ඇත. ප්‍රශ්නය නම් ආච්චීට නැවතත් අප ගෙදර පැමිණීමට පාර අමතක වීමය. අන්තිමට අප නිවස සොයා ගෙන ඇත්තේ වට පිටාවේ ගෙවල් වලින් අසාගෙනය. 

“අර අර ලොකු මැවිසුරු මහත්තයෙක් ඉන්නෙ. අර තව ලොකු සුදු පුතෙකුත් ඉන්නෙ” 

යනුවෙන් නානාප්‍රකාර විස්තර අසමින්ය හේ අප නිවස සොයා ගෙන ඇත්තේ. දැන් ඉතින් අයියා registered bachelor කෙනෙකි. ගමම සීන් කෝන් එක දනී. ඉතින් මේ ගැන සිතූ මගේ චූටි මොළේට පැමිණි මුල්ම ප්‍රශ්නය උනේ අපේ cousin කාරයා බදින වයසෙ දැයි ඈ දැන ගත්තෙ කෙසේද කියායි.

පසුව දැන ගත් පරිදි ආච්චි නිකම් guess කර එහි පැමිණ ඇති බවයි. (මේ කෙල්ලන්ට බුද්ධිය ලැබෙන්නෙ කොහෙන්ද කියල මට නම් තේරෙන්නෙ නැහැ අනේ ඇත්තමයි.) බැලින්නම් අපේ ලොකු තාත්තාටද නැන්දා set කොට දී ඇත්තේ ආච්චිය. පසුව ලොකු තාත්තාගෙන්ම දැනගත් පරිදි ආච්චි පවුලේ කිහිප දෙනෙක්ම මෙසේ match කොට ඇත. 

ඉතින් ඉන්පසු නැවත මාස දෙකකට පමණ පසු ආච්චි නැවත පැමිණියාය. එසේ පැමිණියත් ගෙදර කවුරුත් සිටියෙ නැත. සිටියේ මා පමණි. දැන් ඉතින් ඇදපංකො ලෙඩ වාට්ටුව. වෙලාවට අප නිවසේ ඒ දිනවල කුස්සි අම්මා කෙනෙකු සිටියාය. ඈ ආච්චීට බොන්නට තේ එකක්  හෙම සකසා දී  ඔය කාන්තා පාර්ශවයේ talks ටික පුරා පැය දෙක තුනක් නිවසේ අය පැමිණෙන තුරු  කර ගෙන ගියාය. 

දැන් සවස හයත් පසු වී ඇත. නමුත් ගෙදර කට්ටිය එන පාටක් නැත. දැන් ආච්චිට යන්නත් හදිස්සිය. ඉතින් මෙසේ කරුණු යෙදුණ හෙයින් කුස්සි අම්මාට කියා ඈ මා කැදවූවාය. යන්නට යන බව ඈ මට පැවසීය. ඉතින් මමත් හොදයි ගිහින් එන්න යයි කියා දැම්මෙමි. නමුදු ඈ යන්නට ටිකක් අදි  මදි  කරයි. දැන් මට මෙය ප්‍රශ්නයකි. යන්නට ඕනෑයැයි කියන මනුස්සයා දැන් මගේ මුහුන බලමින් සිටියි. 

ටික වෙලාවකට පසු ඈ කීවේ යන්නට මුදල් නොමැති බවයි. දැන් මට පොඩ් ප්‍රශ්නයකි. පෙර දිනයේ අවශ්‍ය බඩු වගයක් මිලදීගෙන පසුම්බියේ ඉතිරිව තිබුණේ සුළු මුදලක් පමණි. මම ඇගෙන් කීයක් විතර අවශ්‍ය දැයි ඇසුවෙමි. ඈ කීවේ රුපියල් සීයක් පමණ ප්‍රමාණවත් බවයි. ඉතින් මමත් එය දී දැම්මෙමි. කෙසේ වූවත් ඇගේ නම් සිත හැදුණේ නැති බව මම දැන සිටියෙමි. පසුව ලොකු තාත්තාටද මේ බව කියා තැබුවෙමි. 

ඉතින් ඉන් පසු මාස කිහිපයක් යන තෙක් ඈ අප නිවසට පැමිණියේ නැත. ඉන්පසු දවසක ඈ නැවතත් පැමිණියාය. එදින ලොකු තාත්තා අවුරුද්දට යැයි කියා අළුත් තුවායක් ඈට තෑගි කළේය.

“අපි අපේ යුතුම් ටික හරිහැටි නැන්දට ඉෂ්ට කරන්නම්. හොද ගෑනු ළමයෙක් ඉන්නව නම් හොයල අපට කියන්න" 

මේ වචන ටික කියවා ගැනීමටය ඈ මෙතරම් කලක් අප ගෙදර ගෑටුවේ. එතැන් සිට අපේ එකාට ආච්චී කෙල්ලන් සොයයි. කෙල්ලෙක් සොයන්න යැයි ලොකු තාත්තා බාප්පාටද කිව් බව මට පසුව ආරංචි විය. 

ඉතින් ඒ මතකයන් නැවතත් අළුත් වූයේ ඊයේ දිනයෙදී නැවත වාරයක් ආච්චි නිවසට පැමිණ ගොස් තිබුණ බැවිනි. මෙදා පොටේ නිවසේ සිටියේ මගේ මල්ලිතුමාය. ආච්චි නම් පැමිණ ඇත්තේ results ද සමගිනි. අපේ මල්ලිට ඒ අක්කලාගෙ ගෙදර telephone නොම්මරය ආච්චි ලබා දී ගොස් තිබුණි. 

සමහර විට ඉදිරි දින වලදී මට ද අයියාත් සමග අක්කලා query කිරීම සදහා යන්නට සිදුවනු ඇත. Fun දවස් ඉදිරියට පැමිණීමට නියමිත බව මට දැන් ඉවෙන් මෙන් හැගෙයි. 

ඉතින් කොහොම හරි අපි වගේ අහිංසක කොල්ලන්ටත් ගොඩයන්ට තිබෙන ක්‍රම මේවාය. කපු-ආච්චි යනු අපේ අයියාට කාලෙකට පසුව ලැබුණ හොදම දඩුවමය.

නෙතු සිහින දකින බස් එකේ?

තින් දැන් පාරෙ දුවන බස් වලත් TV හයි කරල. කියල වැඩක් නැහැ.අම්බලන්ගොඩ දැන් A/C ඇති නැති හුගක් බස් වල මෙහෙම සෙට් කරල තියෙනව. ඒක හින්ද අපි ගමනක් යනව නම් ඒ ගමන හිතටත්, ගතටත් නොදැනිම යන්න හැකි වෙලා තියෙනව. මම මේ ලගදි දවසක කොළඹ ගියා ඔය වගේ බස් එකක නැගල. ඔය යන අතර තුර අළුත්ගම හරියෙදි හරිම හුරු පුරුදු music video එකක් TV එකේ යන්න පටන් ගත්ත.

බැලින් නම් දෙයියනේ මේ අපේ අනුෂ්ක මල්ලිලයි, Super Mario කොල්ලයි එකතු වෙලා කරපු music video එක නේදැයි මට පැහැදිලි වෙන්න එච්චර වෙලා ගියේ නැහැ. කොහොම උනත් ඒ අය විශේෂයෙන්ම දැනට වෛද්‍ය ශිෂ්‍යයෙක් වන අනුෂ්ක ඉදුනිල් මල්ලි සහ පරිගණක පද්ධති හා ජාල කරන උපාධිය හදාරමින් සිටින Super Mario මල්ලියත් ඒ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරල තිබුනෙ නම් නැහැ. කොහොම හරි මම ඒ මල්ලිලටත් මේ බස් කථාව ගැන කිව්වම ඒ අයත් පුදුම උනා. කොහොම හරි බස් එකක වගේ මහජනතාව යන එන වාහනයක සාමානයයෙන් දාන්නෙ කාගෙත් හිතට අල්ලල යන ගීත නිසා දැන් මේ ගීතයත් කාගෙත් සිත් දිනා ගෙන තියෙනව කියල මට හිතෙනව. ඒ ගීතය ඒ තරම් ලස්සනයි.

ඉතින් මම මේ ගිතය ගැන කලින් පල කළ post එක කියවන්න මේ සබැදිය භාවිතා කරන්න. කොහොම හරි සාකෂි වලටත් එක්ක මම ඒ ගීතයෙන් කොටසක් බස් රථයෙ දර්ශනය වන මොහොතෙදි record කර ගත්ත. පහලින් දාල තියෙන්නෙ ඒ වීඩියෝ clip එක.


ඊලගට තියෙන්නෙ අනුෂ්ක මල්ලියි, Super Mario කොල්ලයි, මෑන්ස්ගෙ අතිජාත කොල්ලො සෙට් එකයි කරපු original video clip එක. මේක ඉතින් ඉරජ්ල, භාතිය සන්තුෂ්ල ගහන video තරම් posh නැතිවුනත් හොදට කරල තියෙනව. හැබැයි music නම් ඉතින් පහර. කට්ටිය එහෙනම් ඒ වීඩියෝ එකත් රස විදින්නකො.


ඉතින් දැන් මේ post එක කියවන අයගෙත් ගීත නිර්මාණ එහෙම තියෙනව නම් අපේ මල්ලිල සෙට් එක සැදී පැහැදිල ඉන්නව කරල දෙන්න. කැමති නම් මට කතා කොරලම දෙන්න පුළුවන්. පහලින් දාල තියෙන image එක click කරල ඒ අයගෙ official web site එකට ගිහිල්ල බලන්න. ඒකෙ තව අළුත් සින්දුත් තියෙනව. ඔයාල කැමති නම් එතනින් download කරගන්න. තව මම අහන්න ආස කරනම තව සින්දු දෙකකුත් පහතින් දාල තියෙනව ඒවත් රස විදලම බලන්නකෝ.

"කුමරියකට කවියක් ලියලා" සින්දුව


"ගිම්හානයේ" සින්දුව


EmotionMusics

ඩාලින්

යෙ මම ගමනක් ගිහින් එන ගමන් බස් එකේ මගේ නෑදෑ වෙන ආච්චි කෙනෙකුයි සීය කෙනකුයි මුණ ගැහුණ. දෙන්නම ගුරුවරු දැන් විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. ඉතින් මම කොළඹ ඉදන් එනකොට ඒ අය දෙහිවලින් බස් එකට නැග්ග. මමත් බස් එකේ ඉන්නව කියල දැක්කෙ කළුතර හරියෙදි. කොහොම හරි කොස්ගොඩදි බස් එකේ බ්‍රේක් නැතෙයි කියල අපි ගිය බස් එකෙන් අම්බලන්ගොඩ එන්න වෙනින් බස් එකකට නැග්ගුව. ඉතින් එතකොට අර ආච්චිට නම් වාඩිවෙන්න සීට් එකක් ලැබුණ. ඒ වුණාට සීයට නම් ලැබුණෙ නැහැ. ඉතින් සීය මගේ එහා පැත්තෙ මගෙත් එක්ක කයියක් දාගෙන යනව. 

සාමාන්යෙන් ඔය බස් වල එහෙම යන කොට දැකල ඇති. ඩ්‍රයිවර්ගෙ සීට් එකට පිටිපස්සෙන් වීදුරුවක් තියෙනව. ඒවයෙ ඉතින් සාමාන්යෙන් අලවල තියෙන්නෙ බුද්ධ රෑප, දේව රෑප වගේ දේවල්නෙ. ඒත් මේ බස් එකේ අලවල තිබුණෙ පුංචි ගෑනු ළමයෙක් මොබයිල් ෆෝන් එකක් කනට කරගෙන ඇස්දෙකත් උඩ යවාගෙන සෑහෙන ඕන කමින් අල්ලන් ඉන්න හුරතල් පින්තූරයක්. 

ඉතින් ඔය පින්තූරෙ දැකල අර සීය හිනා වෙලා මට මෙහෙම කියනව. 

"දරුවො මේ පින්තූරෙ දැකල මට මතක් උණා හොද කතාවක්. ඔන්න මම දැන් අවුරුදු කිහිපයකට කලින් ඉස්කෝලෙක උගන්වපු දවස්වල ගෙදරක හිටපු දෙක වසරෙ වගේ පන්තියක ඉගෙන ගත්තු පුංචි ගෑනු දරුවෙක් එයාගෙ අම්මගෙන් mobile phone එක ඉල්ලගෙන අංක කිහිපයක් press කරල දැන් phone call එකක් ගන්නව වගේ රගපානවලු. දන්නවනේ ඔය පුංචි ගෑනු ළමයි ගෙවල් වලදි කරන්නෙ ඔය වගේ සෙල්ලම්නෙ. ඉතින් ටිකකින් මේ ළමය call එක අරගෙන කියවනවලු. 

Hello Darling
....
...
Yes
....
...
No
...
..
Bye

කියල, අන්තිමේදි phone එකත් kiss කරල, ඒක තිබ්බලු.

ඉතින් මේක බලාගෙන හිටපු ඒ ළමයගෙ අම්මට ප්‍රශ්නයක්ලු. ඉතින් අම්ම ඇහුවලු ඇයි ඔයා phone එක kiss කරේ කියල. ඉතින් මේ ළමය කියනවලු. 

ඒක එහෙම තමයි, අපේ ඉස්කෝලෙ ටීචරුත් හැමදාම phone එකෙන් කතා කරල ඉවර උණාට පස්සෙ කරන්නෙ කියල." 

ඉතින් ඔය කතාව අහගෙන හිටිය මට බකස් ගාල හිනා ගියා. බස් එකේ වාඩි වෙලා ගිහිපු කිහිප දෙනකුත් කතාව අහගෙන ඉදල හොදට හිනාවුණා. ඉතින් සීය කියන්නෙ පුංචි ළමයි හැම වෙලාවකම වැඩිහිටියන් අනුකරණය කරනව කියලයි. පුංචි ළමයි ඒ අය වැඩියෙන් ගෞරව කරන අය, ඒ කියන්න ඉස්කෝලෙ ටීචර් ඊට පස්සෙ එයාගෙ දෙමව්පියන් වගේ අය ගැන සෑහෙන අවධානයෙන් ඉන්නව. ඒ අය තම තමන්ගෙ චරිතය හදාගන්නෙ මේ වගේ වැඩිහිටියන් දෙස බලල. අපි ඉතින් ඒ අය වැඩියෙන් සෙල්ලම් කරනව වගේ දුටුවට විශේෂයෙන් ගැහුණු දරුවන් පොඩිකාලෙ පිරිමි දරුවන්ටත් වඩා ඉගෙනීමට සෑහෙන දක්ෂයි. ඉතින් ඒ අය ගෙදර ඇවිල්ල සෙල්ලම් ගෙවල් දාගෙන අහක යන තමන්ගෙ මල්ලිවත් අකමැත්තෙන් හරි සෙල්ලම් ගෙදරට ඇදගෙන ගිහිල්ල එයා ටීචර් වෙලා මල්ලි ශිෂ්යයා කරගෙන කරන්නෙ ඇත්තටම එයා පාසලෙන් හරි වෙනින් කොහෙදි හරි එයා ගෞරවය දක්වන පුද්ගලයෙකුගෙ චරිත ලක්ෂන නිරීකෂණය කරල මේදේ නිවැරදියි කියල මනසට දාගත්තු දෙයක්. 

පුංචි ළමයි අහින්සකයි හරි වැරැද්ද තේරුම් කරල දෙන්න හරිම අමාරුයි විශේෂයෙන් ලොකු අය කරන වැරදි දේවල් පැහැදිලි කරල දෙන්න ගියාම තමයි ලොකුම අමාරුවේ වැටෙන්නෙ. එක ප්‍රශ්නයකට උත්තර දුන්නම තව ප්‍රශ්න ගොඩක් අහනව. මගහරින්නත් හරිම අමාරුයි. ඒ සීය නම් කිව්වෙ ඉස්කෝලෙක පන්තිකාමරයට mobile phones රැගෙන ඒම නවත්වන්න ඔනෙ කියල. ඒක ගුරුවරයටත් ශිෂයටත් සාධාරණයි. 

කොහොම හරි අම්බලන්ගොඩ කොළඹ බස් එක කැඩුනයින් මට නම් හොද කතාවක්, ජීවිතයට පාඩමක් එකතු කර ගන්න ලැබුණ. ආච්චියි සීයයිත් අම්බලන්ගොඩම තමයි. ඒ අය කොළඹ දූලයි ගෙදර ගිහින් එන ගමන්. ඒ අය නම් ඉතින් බස් එකෙන් තව බස් එකකට මාරු වීම ගැන වැඩිය කැමැත්තක් දැක්වුවෙ නැහැ. ඉතින් මම දන්නව ඒ අය ඉස්කෝලෙ උගන්වන කාලෙදිත් ළමයින්ගෙ විනය ඒ වගේම ඒ අයගෙ විනය ගැනත් හොදට හිතල බලල කටයුතු කරන්න ඇති. අද ඒ අයගෙ දරවනුත් සමාජයේ උසස් තැන් වලට ගිහිල්ල ඉන්නව. 

ඉතින් මේ කථාවෙන් අපට දෙන තවත් වැදගත් පණිවිඩයක් තමයි තමන් කුමන රැකියාවක යෙදුනත් එය තමන්ටත් අනුන්ටත් ආදර්ශයක් වෙන විදියට තමන්ගෙ යුතුකම සහ වගකීම ගැන හොදින් හිතල බලල කටයුතු කරන්න ඔනැයි කියන එක. ඒක අපට විතරක් නෙවෙයි අප දිහා බලාගෙන ඉන්න අයටත් ලොකු සැනසීමක් වගේම පහසුවකුත් වේවි.