Latest Entries »

නෙතු සිහින දකින බස් එකේ?

තින් දැන් පාරෙ දුවන බස් වලත් TV හයි කරල. කියල වැඩක් නැහැ.අම්බලන්ගොඩ දැන් A/C ඇති නැති හුගක් බස් වල මෙහෙම සෙට් කරල තියෙනව. ඒක හින්ද අපි ගමනක් යනව නම් ඒ ගමන හිතටත්, ගතටත් නොදැනිම යන්න හැකි වෙලා තියෙනව. මම මේ ලගදි දවසක කොළඹ ගියා ඔය වගේ බස් එකක නැගල. ඔය යන අතර තුර අළුත්ගම හරියෙදි හරිම හුරු පුරුදු music video එකක් TV එකේ යන්න පටන් ගත්ත.

බැලින් නම් දෙයියනේ මේ අපේ අනුෂ්ක මල්ලිලයි, Super Mario කොල්ලයි එකතු වෙලා කරපු music video එක නේදැයි මට පැහැදිලි වෙන්න එච්චර වෙලා ගියේ නැහැ. කොහොම උනත් ඒ අය විශේෂයෙන්ම දැනට වෛද්‍ය ශිෂ්‍යයෙක් වන අනුෂ්ක ඉදුනිල් මල්ලි සහ පරිගණක පද්ධති හා ජාල කරන උපාධිය හදාරමින් සිටින Super Mario මල්ලියත් ඒ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරල තිබුනෙ නම් නැහැ. කොහොම හරි මම ඒ මල්ලිලටත් මේ බස් කථාව ගැන කිව්වම ඒ අයත් පුදුම උනා. කොහොම හරි බස් එකක වගේ මහජනතාව යන එන වාහනයක සාමානයයෙන් දාන්නෙ කාගෙත් හිතට අල්ලල යන ගීත නිසා දැන් මේ ගීතයත් කාගෙත් සිත් දිනා ගෙන තියෙනව කියල මට හිතෙනව. ඒ ගීතය ඒ තරම් ලස්සනයි.

ඉතින් මම මේ ගිතය ගැන කලින් පල කළ post එක කියවන්න මේ සබැදිය භාවිතා කරන්න. කොහොම හරි සාකෂි වලටත් එක්ක මම ඒ ගීතයෙන් කොටසක් බස් රථයෙ දර්ශනය වන මොහොතෙදි record කර ගත්ත. පහලින් දාල තියෙන්නෙ ඒ වීඩියෝ clip එක.


ඊලගට තියෙන්නෙ අනුෂ්ක මල්ලියි, Super Mario කොල්ලයි, මෑන්ස්ගෙ අතිජාත කොල්ලො සෙට් එකයි කරපු original video clip එක. මේක ඉතින් ඉරජ්ල, භාතිය සන්තුෂ්ල ගහන video තරම් posh නැතිවුනත් හොදට කරල තියෙනව. හැබැයි music නම් ඉතින් පහර. කට්ටිය එහෙනම් ඒ වීඩියෝ එකත් රස විදින්නකො.


ඉතින් දැන් මේ post එක කියවන අයගෙත් ගීත නිර්මාණ එහෙම තියෙනව නම් අපේ මල්ලිල සෙට් එක සැදී පැහැදිල ඉන්නව කරල දෙන්න. කැමති නම් මට කතා කොරලම දෙන්න පුළුවන්. පහලින් දාල තියෙන image එක click කරල ඒ අයගෙ official web site එකට ගිහිල්ල බලන්න. ඒකෙ තව අළුත් සින්දුත් තියෙනව. ඔයාල කැමති නම් එතනින් download කරගන්න. තව මම අහන්න ආස කරනම තව සින්දු දෙකකුත් පහතින් දාල තියෙනව ඒවත් රස විදලම බලන්නකෝ.

"කුමරියකට කවියක් ලියලා" සින්දුව


"ගිම්හානයේ" සින්දුව


EmotionMusics

7 comments:

  1. මහ මග TV මාත් බලල තියෙනවා.
    පහල ලින්ක් එක වැඩ නැ‍තෝ..

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    ස්තූතිය link එක ගැන දැනුවත් කළාට. ඔන්න හැදුව. ගිහිං බලන්නකො.

    ReplyDelete
  3. ආ ඔව් ඔව්..මේ අම්බලන්ගොඩ ගොඩක් බස් වල තියෙනවා..ඒත් ඉතින් ගොඩක් වෙලාවට මම නම් හොද ගීතයක් යනවනම් දැකල නැහැ..Musical show එකක් තමා යන්නෙ..

    මට නම් ගිම්හානයේ ගීතය ලස්ස්නයි.. :)

    ReplyDelete
  4. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මම signin වෙලා හිටියට නිතරම මට මගේ profile එක edit කරන්න යාලුවෙක්ට comment කරන්න මගේ comment එකකට reply කරන්න බැහැ..signinවෙලා නැහැ කියල තමා පේන්නේ..ඒත් dashboard එකට එහෙම යන්න පුලුවන්..ඔන්න දැන්නම් පුලුවන් ?ඔයාට එකක් දාන්න..ඒත් ගොඩක් දවසට බැහැ..ඔයාට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම එහෙමයි.. ..ඒකට හේතුව මොකක්ද කියල ඔයා දන්නවද?.පුලුවන්නම් මට ඒක හදාගන්න උපදෙසක් දෙනවද.?

    ReplyDelete
  5. මම එ්කට උත්තරයක් ඔයාගෙ blog එකෙ අන්තිම post එකෙ comment එකක් විදියට ලිව්ව.

    ReplyDelete
  6. දැන් හරි..ගොඩක් ස්තූතියි උදව්වට.. :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL