Latest Entries »

ඩාලින්

යෙ මම ගමනක් ගිහින් එන ගමන් බස් එකේ මගේ නෑදෑ වෙන ආච්චි කෙනෙකුයි සීය කෙනකුයි මුණ ගැහුණ. දෙන්නම ගුරුවරු දැන් විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. ඉතින් මම කොළඹ ඉදන් එනකොට ඒ අය දෙහිවලින් බස් එකට නැග්ග. මමත් බස් එකේ ඉන්නව කියල දැක්කෙ කළුතර හරියෙදි. කොහොම හරි කොස්ගොඩදි බස් එකේ බ්‍රේක් නැතෙයි කියල අපි ගිය බස් එකෙන් අම්බලන්ගොඩ එන්න වෙනින් බස් එකකට නැග්ගුව. ඉතින් එතකොට අර ආච්චිට නම් වාඩිවෙන්න සීට් එකක් ලැබුණ. ඒ වුණාට සීයට නම් ලැබුණෙ නැහැ. ඉතින් සීය මගේ එහා පැත්තෙ මගෙත් එක්ක කයියක් දාගෙන යනව. 

සාමාන්යෙන් ඔය බස් වල එහෙම යන කොට දැකල ඇති. ඩ්‍රයිවර්ගෙ සීට් එකට පිටිපස්සෙන් වීදුරුවක් තියෙනව. ඒවයෙ ඉතින් සාමාන්යෙන් අලවල තියෙන්නෙ බුද්ධ රෑප, දේව රෑප වගේ දේවල්නෙ. ඒත් මේ බස් එකේ අලවල තිබුණෙ පුංචි ගෑනු ළමයෙක් මොබයිල් ෆෝන් එකක් කනට කරගෙන ඇස්දෙකත් උඩ යවාගෙන සෑහෙන ඕන කමින් අල්ලන් ඉන්න හුරතල් පින්තූරයක්. 

ඉතින් ඔය පින්තූරෙ දැකල අර සීය හිනා වෙලා මට මෙහෙම කියනව. 

"දරුවො මේ පින්තූරෙ දැකල මට මතක් උණා හොද කතාවක්. ඔන්න මම දැන් අවුරුදු කිහිපයකට කලින් ඉස්කෝලෙක උගන්වපු දවස්වල ගෙදරක හිටපු දෙක වසරෙ වගේ පන්තියක ඉගෙන ගත්තු පුංචි ගෑනු දරුවෙක් එයාගෙ අම්මගෙන් mobile phone එක ඉල්ලගෙන අංක කිහිපයක් press කරල දැන් phone call එකක් ගන්නව වගේ රගපානවලු. දන්නවනේ ඔය පුංචි ගෑනු ළමයි ගෙවල් වලදි කරන්නෙ ඔය වගේ සෙල්ලම්නෙ. ඉතින් ටිකකින් මේ ළමය call එක අරගෙන කියවනවලු. 

Hello Darling
....
...
Yes
....
...
No
...
..
Bye

කියල, අන්තිමේදි phone එකත් kiss කරල, ඒක තිබ්බලු.

ඉතින් මේක බලාගෙන හිටපු ඒ ළමයගෙ අම්මට ප්‍රශ්නයක්ලු. ඉතින් අම්ම ඇහුවලු ඇයි ඔයා phone එක kiss කරේ කියල. ඉතින් මේ ළමය කියනවලු. 

ඒක එහෙම තමයි, අපේ ඉස්කෝලෙ ටීචරුත් හැමදාම phone එකෙන් කතා කරල ඉවර උණාට පස්සෙ කරන්නෙ කියල." 

ඉතින් ඔය කතාව අහගෙන හිටිය මට බකස් ගාල හිනා ගියා. බස් එකේ වාඩි වෙලා ගිහිපු කිහිප දෙනකුත් කතාව අහගෙන ඉදල හොදට හිනාවුණා. ඉතින් සීය කියන්නෙ පුංචි ළමයි හැම වෙලාවකම වැඩිහිටියන් අනුකරණය කරනව කියලයි. පුංචි ළමයි ඒ අය වැඩියෙන් ගෞරව කරන අය, ඒ කියන්න ඉස්කෝලෙ ටීචර් ඊට පස්සෙ එයාගෙ දෙමව්පියන් වගේ අය ගැන සෑහෙන අවධානයෙන් ඉන්නව. ඒ අය තම තමන්ගෙ චරිතය හදාගන්නෙ මේ වගේ වැඩිහිටියන් දෙස බලල. අපි ඉතින් ඒ අය වැඩියෙන් සෙල්ලම් කරනව වගේ දුටුවට විශේෂයෙන් ගැහුණු දරුවන් පොඩිකාලෙ පිරිමි දරුවන්ටත් වඩා ඉගෙනීමට සෑහෙන දක්ෂයි. ඉතින් ඒ අය ගෙදර ඇවිල්ල සෙල්ලම් ගෙවල් දාගෙන අහක යන තමන්ගෙ මල්ලිවත් අකමැත්තෙන් හරි සෙල්ලම් ගෙදරට ඇදගෙන ගිහිල්ල එයා ටීචර් වෙලා මල්ලි ශිෂ්යයා කරගෙන කරන්නෙ ඇත්තටම එයා පාසලෙන් හරි වෙනින් කොහෙදි හරි එයා ගෞරවය දක්වන පුද්ගලයෙකුගෙ චරිත ලක්ෂන නිරීකෂණය කරල මේදේ නිවැරදියි කියල මනසට දාගත්තු දෙයක්. 

පුංචි ළමයි අහින්සකයි හරි වැරැද්ද තේරුම් කරල දෙන්න හරිම අමාරුයි විශේෂයෙන් ලොකු අය කරන වැරදි දේවල් පැහැදිලි කරල දෙන්න ගියාම තමයි ලොකුම අමාරුවේ වැටෙන්නෙ. එක ප්‍රශ්නයකට උත්තර දුන්නම තව ප්‍රශ්න ගොඩක් අහනව. මගහරින්නත් හරිම අමාරුයි. ඒ සීය නම් කිව්වෙ ඉස්කෝලෙක පන්තිකාමරයට mobile phones රැගෙන ඒම නවත්වන්න ඔනෙ කියල. ඒක ගුරුවරයටත් ශිෂයටත් සාධාරණයි. 

කොහොම හරි අම්බලන්ගොඩ කොළඹ බස් එක කැඩුනයින් මට නම් හොද කතාවක්, ජීවිතයට පාඩමක් එකතු කර ගන්න ලැබුණ. ආච්චියි සීයයිත් අම්බලන්ගොඩම තමයි. ඒ අය කොළඹ දූලයි ගෙදර ගිහින් එන ගමන්. ඒ අය නම් ඉතින් බස් එකෙන් තව බස් එකකට මාරු වීම ගැන වැඩිය කැමැත්තක් දැක්වුවෙ නැහැ. ඉතින් මම දන්නව ඒ අය ඉස්කෝලෙ උගන්වන කාලෙදිත් ළමයින්ගෙ විනය ඒ වගේම ඒ අයගෙ විනය ගැනත් හොදට හිතල බලල කටයුතු කරන්න ඇති. අද ඒ අයගෙ දරවනුත් සමාජයේ උසස් තැන් වලට ගිහිල්ල ඉන්නව. 

ඉතින් මේ කථාවෙන් අපට දෙන තවත් වැදගත් පණිවිඩයක් තමයි තමන් කුමන රැකියාවක යෙදුනත් එය තමන්ටත් අනුන්ටත් ආදර්ශයක් වෙන විදියට තමන්ගෙ යුතුකම සහ වගකීම ගැන හොදින් හිතල බලල කටයුතු කරන්න ඔනැයි කියන එක. ඒක අපට විතරක් නෙවෙයි අප දිහා බලාගෙන ඉන්න අයටත් ලොකු සැනසීමක් වගේම පහසුවකුත් වේවි.

4 comments:

  1. ම්ම්.. අපේ ගෙදරත් ඉන්නව මේ වගේම බබෙක්..:D

    ඇත්තටම අද වගේ නෙමේ ඉස්සර හිටපු ගුරුවරු එක්ක බැලුවම දැන් ඉන්න ගොඩක් දෙනා ගැන කතා කරල වැඩක් නැහැ..(හැමෝම නෙමෙයි )

    ReplyDelete
  2. @සිත්රූ සිහින
    ලොකු ළමයින්ට වඩා පොඩි අයට උගන්වන ගුරුවරු ඒ අය ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනෙ.

    ReplyDelete
  3. පුංචි අය එයාල ආදරය කරන ලොකු අයව හරියට අනුකරනය කරනවා. ඒ නිසා විශේෂයෙන් ගුරුවරු පරිස්සම් වෙන්න ඕනෙ. දැන් ඉන්නෙ ගුරුවරු ද? කියලත් වෙලාවකට හිතෙනවා, විශේෂයෙන් ජාත්‍යන්තර පාසැල්වල. කිසිම චාරයක් නෑ.

    ReplyDelete
  4. @Chandi
    අපි නම් වාසනාවන්තයි කියල හිතෙනව. මෙහෙම දේවල් මම නම් කවදාවත් මට උගන්වපු ගුරුවරයෙක්ගෙන් නම් දැකල නැහැ. මට නම් හිතෙන්නෙ මේකට හේතුව නිසි පුහුණුවක් නැති වීම.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL