Latest Entries »

සුනාමිය නිමාවිය

සුනාමිය ඇවිල්ල හෙටට හරියටම අවුරුදු අටක්. ඒත් මට නම් ඒ සිදුවීම අද ඊයෙ සිද්දවුන දෙයක් වගේ තමයි දැනෙන්නෙ. අම්බලන්ගොඩ තියෙන්නෙ මුහුදට කිට්ටුවෙන්. ඉතින් අම්බලන්ගොඩත් සුනාමියෙන් අන්ප්‍රදේශ තරම් නොවුනත් හානියක් සිද්ද වුනා. මිනිස්සු පන පිටින් වැලලුනා. අම්ම තාත්තට දුවා දරුවන් අහිමිවුනා, දුවා දරුවන්ට අම්ම තාත්ත අහිමිවුනා, තවත් සමහරුන්ට තමන් හරි හම්බ කරගත්ත ගේදොර ඉඩකඩම් අහිමි වුනා.

අවුරුදු අටකට පස්සෙ ඒ ගැන හිතනකොට මට නම් හරිම පුදුම හිතෙනව. සුනාමිය නිසා නැත්තටම නැතිවෙලා ගිය රේල් පාර හදන්න අවුරුදු හතරක් විතර යාවි කියල තමයි ඒ දවස් වල කිව්වෙ. ඒත් ඒක මාස තුනක් වගේ කෙටි කාලෙකින් හැදුන. අපේ මිනිස්සු එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ. 2009 යුද්දෙ නැවතුනාට පස්සෙ අද මේ මුහුදු බඩ පලාත් හරිම දියුණුයි. සංචාරක ව්‍යාපාෙර ආරම්භ වෙලා එදා නොදැකපු සශ්‍රීකත්වයක් මම අද අපේ ගමේ දකිනව.

පහත දැක්වෙන වීඩියෝව 2005 අවුරුද්දෙ සමස්ත ලංකා නාට්‍ය තරගවාලියෙදි අපේ ඉස්කෝලෙන්, ඒ කිව්වෙ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ඉදිරිපත් කරපු නාට්‍යක්. ඒ තරගාවලියෙන් සමස්ථ ලංකා තුන්වෙනි තැන දිනාගන්න අපට පුළුවන් වුනා. එයට මටත් සම්බන්දවෙන්න ලැබීම ගැන අද මම සතුටුවෙනව. මේ නාට්‍ය ලිව්වෙ ඒ කාළෙ අප විද්‍යාලයේ ආචාර්්‍යවරයෙක්ව හිටිය නිතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් ගුරුමහතා. පස්සෙ මේ නාට්‍ය ITN නාලිකාවෙන් ප්‍රදර්ශනය කළා බදාද හවස ගිය "ළහිරු මඩල" වැඩ සටහනේන්. ඉතින් ඔය හැමෝටම බලන්න එම වීඩියෝව මම youtube එකට ඇතුලත් කළා. ආයෙමත් එන සුනාමියකට මුහුන දෙන්න අපි ලෑස්තියි කියල මම දන්නව.
හෙට පැරෑලියේ සුනාමි ස්මාරකය ලගට පුළුවන් නම් ඇවිත් යන්න එන්න. එදාට වඩා අද ඒ පරිසරය හරිම නිස්කලංකයි.

The Realization

I've always believed that no body created the universe. Because people said so. But today I've realized that blindly believing what people say is the worst thing that any human being can do. If you believe something or someone; it must be using proper logic and reasoning.

Today I've realized that the world's most celebrated scientists like Albert Einstein, Stephen Hawking and our ultimate spiritual leader himself lord Buddha never said to believe them blindly but with proper reasoning. I can not imagine how satisfied they must have felt after figuring out the whole reason for our existence. 

Because ultimately, the person who "said so" does not matter, what matters is the realization that they obtained from proper logic and reasoning.

"The truth"


final විභාගෙට කලින් කියන කවි හෙවත් "නිකම් කවි"

රිදෙනව කොන්ද ඉදලා මේ මගෙ පුටුව උඩ
ඔලුවද කැක්කුමයි දැකලා කොල මිටිය
කරපුව මෙලෝ දෙයක් මතකේ නෑ මෙදා මට
යන්නේ කෙලෙස දැයි මං අනිද්ද විභාගෙට

අනුරය කියයි කරනට NSD
රජිතය කියයි කරනට lab කුට්ටි
ඒ දෙකටම සතියක් ගතවෙච්චි // විතරක් කළ මට
ඊලග ටිකට සොහොනම සෙට් වෙච්චි

මුල ඇත, අග ඇත, මැද "නැත", project එකේ
කෙලෙසක කොරම්දැයි නොදනිමි සිතිල පුතේ
ඉසුරුයි, උදයයි මෙහි හිද සොමි කරතේ
මොනවා වෙයිද මම නොදනිමි මෙදා පොටේ

Now I Understand

සිහිනෙන් රෑ නුඹ ඇවිදින්
තනිකඩ මා ලග හිදිමින්
දුක පමනක් දී නින්දෙන්
පැනයයි මගෙ සිත් අහසින්

කාලය කෙටි නම් ජීවිතයේ
සිටියත් අපදෙන මී සයුරේ
හැරදා යන්නට සිදුවේ
කෙදිනක‍ හෝ මේ මහ සසරේ

වරද මගේ යයි මෙතුවක් කල්
සිතමින් සිටියා මාස ගනන්
ඔහුවද හැරදා ඔබ යයි නන්
නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්?
 
ස්තූතියි ඔබ මා නිදහස් කෙරුවට
වැලපුන හදවත නිදහස් කෙරුවට
නැවතත් නොසිතමි ඔබව දකින්නට
අවසර මට නුඔ හැරදා යන්නට
 
Don't think for a second that people are perfect.
Then what is "perfect" ?

Ooops, I asked the wrong question.
How can anything be "not perfect" ?

The answer is simple.
Anything that change is "not perfect".

ආදරය

ආදරය
අද කියන්නත්
හෙට කියන්නත්
මැසෙජ් එකක් දාන්නන්....

ශයන්ගගෙ බ්ලොග් එක කියවපු මට හිතුනෙ උඩින් ලියපු සිතුවිල්ලක්. හික් හික්...

නුවර ගමන

හුග කාලෙකට පස්සෙ ඒ කිව්වෙ ආයෙමත් SLIIT එකේ semester එකක් ඉවර වෙලා දැන් මාසෙකටත් කිට්ටුවෙන්න එනව. සාමාන්‍යයෙන් අපට ලැබෙන දිග නිවාඩු කාලෙදි මම නම් කරන්නෙ නිවාඩුව ගතකරන්න මගේ මවුතුමියගේ උපන්ගම වන මාතර යන එකයි. ඉතින් දැන් එහෙ ගියත් කට්ටිය අඩුයි. ශෂී අක්ක නම් කොළඹ ජොබ් එකක් කරනව, නිල්ම නංගි බැංකුවේ වැඩට යනව, චිරාන් මල්ලිට මේ අ‍ගෝස්තු උ.පෙ. ඉතින් මගේ දින තුනක මාතර ගමනත් කිසිම සද්දයක් බද්දයක් නැතුව ඉවර වෙන්න තිබුන; හැබැයි සීය නොසිටින්න.

වාසනාවට වගේ පොසොන් දවස වෙද්දිත් මම හිටියෙ මාතර. මගේ මාමා ඉන්නෙ නුවර; ඉතින් සීයට හිතුන මාමලාගෙ ගෙදර ගිහින් එන්න. කොච්චර හොදද, ඉතින් ඔන්න මටත් අයෙමත් සැරයක් නිවාඩුවෙදි ට්‍රිප් එකක් සෙට් උනා. මුලින්ම කතා කරගත්තෙ අපේ ගෙදර අයත් අරගෙන අම්බලන්ගොඩින් අධිවේගීමාර්ගය හරහා අවිස්සාවේල්ලෙන් නුවර යන්න, හැබැයි ඉතින් කවදත් අළුත් දෙයක් කරන්න බලාගෙන ඉන්න ප්‍රභාත් මාමා නම් ඒකට කැමති උනේ නැහැ. අන්තිමේදි මාතර ඉදන් හම්බන්තොට හරහා නුවර යන්න තීරනය උනා. යන්න තීරනය උනේ පොසොන් පෝය දවසෙ.

අම්මලත් උදේ පාන්දරින් මාතර සීයලගෙ ගෙදර ආවට පස්සෙ අපි අපේ ගමන යන්න පිටත් උනා වෑන් එකෙන්. උදේ හීල දන්සැල් වලින් පිරිමහ ගන්න තීරනය උනා. අන්තිමේදි දවල්ට කන්න ගෙනිච්ච කෑමත් නොකා දියළුම ඇල්ල ගාව තිබුන ෆ්‍රියිඩ් රයිස් දන්සැලකින් දිවා ආහාරය අරගත්ත.

මේ ගමනෙ තිබුනු විශේෂත්වය උනේ පෙර සූදානමක් නොතිබීම. ඇත්තටම එය ගමනෙ සුන්දරත්වය තවතවත් වැඩි කරන්න හේතුවක් උනා. ගමන ආරම්භයෙදි හිතාගෙන හිටියෙ පළවෙනි දවසෙම නුවර යන්න. ඒත් අන්තිමෙදි තීරනය උනා පළවෙනි දවසෙ බන්ඩාරවෙල නතර වෙන්න. කොහේ ගියත් අපේ නෑදෑයො ලංකාව පුරාම ඉන්න නිසා :) මුලින්ම නවතින්න තීරනය ක‍ලේ අපේ සීය කෙනෙක්ගෙ ගෙදර. ඉතින් අපිට හවස තුන විතර වෙද්දි අපේ පළවෙනි නවාතැන්පො‍ල වන බණ්ඩාරවෙලට යාගන්න පුළුවන් උනා.

අවුරුදු ගාණනකින් නාපු නැති සෙට් එකක් ‍වගේ ඊලගට අපි කරේ හොද ස්වාභාවික උල්පතකින් වතුර ගලපු පීල්ලකින් නාගනිපු එකයි. හපොයි ඒකෙ සීතල. ඔය අතරෙ මම කළේ මගේ බණ්ඩාරවෙල හිටපු SLIIT යාළුවෙකුට call එකක් ගනිපු එක. ඒ අය දන්සැලක් ලෑස්ති කරල තිබුන. බණ්ඩාරවෙල ටවුමෙ පන්සලේ. ඉතින් පීල්ලෙන් නාල කරල මම ගියා දන් සැලට සහභාගීවෙන්න.



දුන්නෙ පාන්ගෙඩි තුන්සීයක දන්සැලක්. සීනි සම්බල් ඇතුලට දාල ‍හොදට ඔතල කරල එහෙම පාන්පෙති තිබුන නිසා. පිළිගන්වන එක එච්චර අමාරු උනේ නැහැ. පැය එකහමාරෙන් දන්සැල ඉවරයි. රෑ වෙනකම් දන්සැල් කරන්න හිතාගෙන ආපු යාළුවත් එක්ක අන්තිමේදි මම බණ්ඩාරවෙල ටවුමෙ රවුමක් ගැහුව. බණ්ඩාරවෙල බලන්න කියල තැන් නැහැ. තිබුනත් තියෙන්නෙ "එඩිසන් බංගලාව" විතරයි. අන්තිමේදි යාළුවගෙන් සමු අරගෙන මම ආව සීයලගෙ දිහාවට.

ඊට පස්සෙ දවසෙ උදේ අපි පිටත් උනා නුවර යන්න. නුවර ගමන නුවරඑළිය හරහා වැටිල තිබුන නිසා. හක්ගල මල් වත්තත් බලන්න යන්න තීරනය උනා.



මල් වත්ත බලල අපි සේන්දු උනේ නුවර එළිය ටවුමටයි. නුවර එලිය දැන් හරිම ලස්සනයි, පිරිසිදුයි. දැන් ග්‍රෙගරි වැව අවට හරිම ලස්සනයි. වැව වටේ ඇවිදින්න පුළුවන් වෙන විදියට ගල් අතුරල මාර්ගය සකස් කරල තිබුන. මිනිස්සුන්ට නිවීසැනසිල්ලෙ අවිදින්න නම් කියාපු තැන.




පොඩි මල්ලිට අශ්වයො පදින්න ඕනයි කියපු නිසා ඔන්න අපි අශ්වයෙකුත් පැද්ද.



අන්තිමේදි අපි හවස හතර විතර වෙද්දි නුවර නිමල් මාමලැයි ගෙදරට සේන්දු උනා. මාලිගාවට යන්න ඊලග දවසෙ උදේ කියල තීරණය උන නිසා කට්ටිය හොදට විවේක ගත්ත. අන්තිමේදි ඊලග දවසෙ උදේ මාලිගාවත් වැදල අපි අවිස්සාවේල්ල පැත්තෙන් ගෙදර ආව.


මාලිගාවෙ පහන් වැ‍ට වටේට වීදුරු වලින් හදල තිබුන ආවරනය අපේ ගමේ අයගෙ ධන පරිත්‍යාගයෙන් කරල තිබුන බව දැකල තව ටිකක් සතුටු හිතුන. හරිම පිළිවලකට ඒක හදල තිබුන.


දැන් ඉතින් අධිවේගී මාර්ගයකුත් තියන නිසා ‍කොලඹ ඉදන් ගෙදර එන්න ගිය පැය දෙකහමාර අඩුවෙලා රෑ අටහමාර විතර වෙද්දි අපි අම්බලන්ගොඩට ආවා.

මේ මුළු ගමනෙදිම මම දැකපු විශේෂ දෙයක් තමයි. අපේ ‍රටේ පාරවල් ටික. හැම පාරක්ම කාපට් කරල තිබුන නිසා ගිය ගමනෙ කිසිම තෙහෙට්ටුවක් දැනුනෙ නැහැ.

Quantum of Solace

දිනක මා සිතුවා
යලි යලිත් සිතුවා

විටෙක සිනාසී හඩන
විටෙක හඩමින් සිනාසෙන

මේ හිත

ලංවූ විටදි අවසනට
කෙලෙස නම් මොරදෙයිද

ඊලග භවය ගැන?
ඊලග භවය ගැන?
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL