මීට ටික දිනකට කලින් මට දකින්නට සහ අසන්නට ලැබුන සංවාදයකින් හිත හොදටම රිදුන. එදා මම ටවුමෙ කඩේට ගියා බඩු වගයක් ගන්න. එතනට මට කලින් තවත් කෙනෙක් ඇවිත් හිටිය. මුලින්ම බඩු ගත්තෙ ඔහුයි. ඔහු ඉල්ළුවේ අර වයස අවුරුදු එකත් තුනත් අතර ළමයින්ට දෙන පීඩියාප්‍රෝ කියන පිටි පැකට් එක. ඉතින් මුදලාලි ඔහුට එය ගෙනත් දුන්න. එහි මිල රුපියල් හාරසිය පනහක්. සෑහෙන ලොකු ගණනක්. පස්සෙ ඔහු ඇහුව මීට වඩා පොඩි පැකට් තියෙනවද කියල. මුදලාලි කිව්ව නැහැ කියල. පස්සෙ කරන්න දෙයක් නැති කමට චීස් කෑලි දෙකක් අරගෙන ඔහු ඉවත්ව ගියා. පස්සෙ මම චීස් කෑල්ලක මිල අහල බැලුව. ඒක රුපියල් විසිනමයයි. ඒකත් සෑහෙන ගණන්.
සමහර විට මම මේ ලියපු ටික ඔය අයට නොතේරෙන්න පුළුවන්. කමක් නැහැ. අපි හැමෝම ඉපදෙනව මැරෙනව. තව අපි ලොකු ලොකු දේවල් ප්‍රාර්ථනා කරනව. ආයෙමත් සංසාරෙ ගමන් කරනව. අම්මල තාත්තල තමන්ගෙ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම, ඔවුන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් දක්වන දයාව, අනුකම්පාව, කොච්චර විශාලද? සමහර විට ඒ තාත්තට එතනින් එහාට කරන්න දෙයක් නැති වෙන්න ඇති. මෙතනින් එහාට මට ලියන්න බැහැ.
සමහර විට මම මේ ලියපු ටික ඔය අයට නොතේරෙන්න පුළුවන්. කමක් නැහැ. අපි හැමෝම ඉපදෙනව මැරෙනව. තව අපි ලොකු ලොකු දේවල් ප්‍රාර්ථනා කරනව. ආයෙමත් සංසාරෙ ගමන් කරනව. අම්මල තාත්තල තමන්ගෙ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම, ඔවුන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් දක්වන දයාව, අනුකම්පාව, කොච්චර විශාලද? සමහර විට ඒ තාත්තට එතනින් එහාට කරන්න දෙයක් නැති වෙන්න ඇති. මෙතනින් එහාට මට ලියන්න බැහැ.
අපි කරන්නෙ ජීවත් වෙන එකද නැත්තම ජීවිතය ඇදගෙන යාමද...එහෙමත් නැත්තම් මනුස්ස ආත්මයක් ලද පවට කර ගැසීමද කියලා හිතා ගන්න අමාරුයි. ජීවින වියදම ඒ තම ඉහලට ගිහින් විතරක් නෙමේ...මේ හැමදෙයකින්ම තැලෙන තත්වයක් ඇතිවෙලා.....
ReplyDeleteවැරද්ද කාගෙද කියලා හිතන්න කලින් තියෙන සොච්චමෙන් හරි ජීවත් වෙන්න වෙලානෙ
@දිල්
ReplyDeleteමිනිසෙක්ව ඉපදීම පවක් නෙවෙයි. අපි කැමති නම් මේ හැම දෙයකින්ම මිදිල ඉන්නත් ක්‍රම සහ විදි තියනව. ජීවිතය විදින එකට වඩා ජීවිතය ගැට ගහගන්න එක අද ප්‍රශ්නයක් වෙලා.
ඔය කතාව කියෙව්වම ඇත්තමයි මගේ ඇස් වලට කඳුළු ආව. තමන්ගේ දරුවට ඒ කිරි පිටි පැකට් එක ගන්න විදියක් නැතුව ඒ අම්මා තාත්ත කොච්චර දුක් විඳින්න ඇතිද... හිතෙන් කොච්චර විඳවන්න ඇතිද.. එදා වේල වත් හරියට හොයා ගන්න විදියක් නැති මිනිස්සු තව කොච්චරක් නම් මේ ලෝකේ ඉන්නවද? මට හිතා ගන්න බෑ මේවට වැරදි කව්ද කියලා....
ReplyDeleteදෙයියො තියෙන කෙනාට හැමදේම දෙනවා මොනවා කරන්නද?
ReplyDeleteඑදාවේල කන්න නැතුව කීදාහක් නම් බඩගින්නෙ ඉන්නවද?
අපි රසබොජුන් නොකෑවට යන්තම් හරි බඩකට පුරව ගන්න එක ගැන හිතලා සතුටු වෙනවා මිස මේලෝකෙ වෙනස් කරන්න බෑ නේද?
ඔබේ ලිපිය හරිම වැදගත් වගේම සංවේදී , සිදුවීම වගේම බ්ලොග් සටහන පුරාම පවත්වාගෙන යන “පිරිසිදු“ බවට පළමුවෙන් මම ස්තුති කරනවා ,
ReplyDeletehttp://nursinglanka.blogspot.com
හම්!
ReplyDeleteමමත් ඔයිට සමාන අත්දැකිම් ගොඩක් ලැබුව 5/6/2011 ඒ ගැන නොවේ එහිදී සිදුවුනු දේ ගැන ලියලම විස්තරේ කියන්නම්කෝ.
පොඩි උනත් ඒ ලිපියේ හිතන්න දෙයක් තියනවා . සල්ලි තියන අපිටනම් මේවා පේන්නේ නිකම් සාමාන්‍ය දේවල් විදිහට . ඒත් දුප්පතුන්ගේ ලෝකය කොයිතරම් වෙනස්ද ?
ReplyDelete