Latest Entries »

හිස් අහස වෙතටයි

හිස් අහස බ්ලොග් එකේ ලොවට හොරෙන් සිදුකළ මගේ කසාදය ලිපිය හා බැදේ,


අන්න එහෙම තමා සදරු. ඔය මොන දේටත් වඩා වටින්නෙ හිතේ සතුටයි. මිනිස්සුන්ගෙ හිත් ඇතුලට සතුට අරගෙන එන්න කරන්න තියෙන්නෙ හරිම පොඩි දේවල් කිහිපයක් විතරයි. සතුට කියන එක කාටවත් දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න ගන්න කොට හිතාන හිටියෙ සිංහලෙන් බ්ලොග් ලියන්නෙ මේ ලංකාවෙ මම ම විතරක් වෙන්න ඇති කියල. ඒව කියවන්නත් කවුරුවත් නැහැ. ඔහේ පාළුවෙන් තනිකමෙන් ලියල දැම්ම. හරියට මේ පාළු විශ්වයේ එක තැනක තනිවෙලා ඉන්න අපේ පෘථිවිය වගේ. එයා වගේ තව කවුරුවත් ඉන්නවද කියල දන්නෙවත් නැහැ. ඒත් මගේම වාසනාවට කොහොම හරි මගේම SLIIT එකේ මගේ සීනියර් අක්ක කෙනෙක් කවියක් තමන්ගෙ බ්ලොග් එකක ලියනව මම දැක්ක. අන්න එදා තමා ජීවිතේ පළවෙනි පාරට මේ විශ්වයේ මම තනි වෙලා නැහැ කියල තේරුම් ගත්තෙ. ඊට පස්සෙ උඹට වගේම මටත් බ්ලොග් ලිවීම සතුටක් උනා. කවුරුවත් කමෙන්ට් කරේ නැති උනාට, බ්ලොග් රීඩර් එකක ඉන්න නිසා කියවල හරි යනව ඇතියි කියල දන්න නිසා.

ඉතින් පහුවෙන කොට මම මගේ හිත ඇතුලෙ හැංගිලා කවදාවත් එලියට දාන්නෙ නැහැයි කියල "උඹ වගේම" හිතාගෙන හිටපු හැගීම් බ්ලොග් එකේ ලියල මේ හිස් අවකාශෙ පාකරල ඇරිය. මගේ හිතත් ප්‍රශ්න වලින් එන්න එන්නම මිදෙන්න පටන් ගත්ත. දැන්තමා තේරෙන්නෙ ප්‍රශ්න හිතේ තියන් ඉන්නවට වඩා කාට හරි කියලදාල හිත නිදහස් කර ගන්න එකේ පහසුව. දැන් නම් බ්ලොග් ලිවිල්ල අත්හරින්න බැහැ. කමෙන්ට් එකක් ලියන්න ගිහින් මම ගැන ලියවුනාද මන්ද. කමක් නැහැ. අන්තිමට සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත මුල්ම පරපුරේ අය වශයෙන් අපේ නම් ඉතිහාස පොතේ ලියවේවි. අපි ඒ ගැන හිතුවද? ඒක කොච්චර වැදගත්ද. අපි ඒ ගැන කොච්චර සතුටු වෙන්න ඕනෙද. අපි වයසට ගියාම අපේ පොඩි උන් මේ මගේ තාත්තගෙ බ්ලොග් එක, මේ මගේ සීයගෙ බ්ලොග් එක කියල කියාවි. ඉතින් අර්තයක් නැතිව ඔහේ ගලා ගිය අපේ ජීවිත වලට නැවතත් අළුත් අර්තයක් ලැබිල තියෙනව නේද මටත් වඩා උඔට? ඉතින් කොච්චර සතුටක් උඹට දැනෙනව ඇත්ද, ඒ ලබාගත් සතුට ආයෙත් මොන දේ කරල හරි අර ගන්න පුළුවන්ද?

9 comments:

  1. මමත් ඉස්සරනම් කමෙන්ට් ගැන හරියට වද වුනා. දැන්නම් ඉතින් ඒ ගැන එච්චරම හිතන්නෙ නෑ. ලිපියකට කමෙන්ට් වැටෙන්න බොහෝ දුරට ලීපියෙ අන්තර්ගතය වගේම ඒ ඒ රචකයන්ගෙ සහ පාඨකයන්ගෙ පුද්ගලික දැනහැඳුනුම් කම් එහෙමත් බලපාන බව මං විශ්වාස කරනවා....

    ReplyDelete
  2. ඔයාගෙ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි.... ඔයත් දිගටම ලියන්න... කොමෙන්ට් ලැබුනත් නැතත්.... ඔයාටත් සඳරුටත් දෙන්නටම මම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  3. වැඩේ කියන්නේ මම සිංඩිකේටර් ගැන දැනගත්තේ Blog එක ලියන්න අරන් මාස තුනක් විතර ගියාට පස්සේ. එතකම් මගෙ ලිපි කියෙව්වේ මං විතරයි..ලොල්

    ReplyDelete
  4. ඇත්ත තමා බං....

    ReplyDelete
  5. මම දැනුයි මචං මේක දැක්කේ . මාවත් මතක් කරාට ගොඩක් ස්තූතියි මිත්‍රයා . බ්ලොග් ලිවිල්ල නිකමට පටන් ගත්තට දැන් ඒක මත්ද්‍රවය වලට ඇබ්බැහි උනා වගේම තමයි . හැබැයි බොහොම සුන්දර ප්‍රයෝජනවත් ඇබ්බැහිවීමක් .

    උඹත් දිගටම බ්ලොග් ලියපං මචං . උඹ වැඩිය ලියන්නේ නෑ නේ ඉඳලා හිටලා තමයි උඹ මොනවා හරි ලියන්නේ. ඔයා මාසෙට ලිපි 10 විත ලීවොත් මට හොඳටම සුවර් උඹ මේ සිංහල බ්ලොග් අවකාසේ සද්දන්තයෙක් වෙනවා සුවර් . උඹව මේ මුරුංගා අත්තේ තියන්න හදවා නෙවේ . සඳරු එහෙම එකෙක් නෙවේ ..සිරාවටම කියන්නේ . ඉගන ගන්න ඒව කරන අතරේම ලැබෙන පොඩි විවේකයෙන් මොනවා හරි දෙයක් ලියලා යන්න ..

    මේ බ්ලොග් ලිවිල්ලෙන් සමහර විට අපි නැති වෙයි ! සමහරවිට අපි හැදෙයි ! ඒක නිසා තමන්ගේ නම නොකියා ඉන්න එක ගොඩක් ආරක්ෂිතයි . ඒකෙන් අපට අවංකව අපේ හඟීම් බ්ලොග් එකේ ලියන්න පුලුවන් කම ලැබෙනවා ..

    එහෙනම් මචෝ උඹට ජය වේවා !! දිගටම ලියපන්

    ReplyDelete
  6. බ්ලොග් ලිවිල්ල හරිම රහ දෙයක්. ඒ ලියන දේවල් තවකෙනෙක් කියවනව දකින එක ලොකු සතුටක් බං. හැබැයි කමෙන්ට්ස් බලාගෙන ලියන්නයන්න එපා. මනුස්සයෙක්ට කියවල දැනුමක්, වින්දනයක් ලැබෙන දෙයක් ලියන්න. කිසිම වෙලාවක ලොකු කම් ලියන්න එපා. අවංක අදහස් විතරක්ම ලියන්න. එතකොට මිනිස්සු එක්ට එකතුවෙයි.

    මම අදමයි මේ බ්ලොග් එකෙට ආවෙ. ඒ ආවෙත් සඳරුවගෙ නම තියනව දැකල. ඒ මිනිස්සුන්ගෙ හැටි. තමන් දන්න කියන දේවල් ආශ්‍රය කරගන තමයි මිනිස්සු අළුත් සම්භදතා ඇතිකරගන්නෙ.

    ReplyDelete
  7. හිතේ ජොලියක් තියෙන කං ලියන්න.
    නැති දාට අල්ලලා දාන්න.
    නැට්ට පිටින් අලි මැරෙන්නේ!
    (හිස් අහස යට දැක්කා ෆෝටෝ එක්ක)

    ReplyDelete
  8. ස්තූතියි හැමෝටම. මේ ලිපිය ඇත්තටම මම හිස් අහස බ්ලොග් එකේ ලියපු comment එකක්. දිග වැඩි කම නිසාද මම දන්නෙ නැහැ කොහොම හරි දෙපාරක් තුන්පාරක් උත්සාහ කරා ඇතුල් කරන්න. හරි ගියේ නැහැ. පස්සෙ ඉතින් කරන්න දෙයක් නැති නිසා මගේ බ්ලොග් එකේ ලියල දැම්ම.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න