Latest Entries »

ඊයේ මරු පහරකින් බේරුනෙමි


බිත්තියේ ලස්සන ලාම්පුවක් සවිකිරීමට ඉනිමග තබා ඩ්‍රිල් එකක්, ස්කුරුප්පු නියනක්, උල්සහිත අඩුවක් ගෙන ඉහලට නැග්ගෙමි. බිත්තිය ඩ්‍රිල් කර ඇන දැමීමට ගුල් දෙකක් සකසා අළුත් ලාම්පුවේ හෝල්ඩරයට වයර්ද අමුනා සකස් කර ඩ්‍රිල් එකත් රැගෙන නැවත පහලට බැස්සෙමි. පසුව හේත්තු කර තිබු ඉනිමග කැරකෙන විදුලි පංකාවේ වැදෙන්නට නොදී අස් කරන්නට ගියෙමි. ඉනිමග උඩ මා තබා ගොස් තිබූ දෑ සියල්ලම බිම වැටුනි. වාසනාවක මහත තබා තිබු ස්කුරුප්පු නියනේ අල්ලන කොටස වැටුනේ හරියටම මගේ නාසය උඩය. බැරි වෙලාවක වත් තුඩ සහිත අඩුව ඒ ආකාරයට වැටුනි නම් ජීවිතෙත් හමාරය. එම නිසා කරන වැඩය නිරන්තර සිහියෙන් කරන්න. අනතුරක් අත වනන්නේ කිනම් මොහොතක දැයි සිතිය වත් නොහැක.

3 comments:

  1. ඔයා කියනවා වගේ කල්පනාව තියෙන්න ඕනේ තමා

    ReplyDelete
  2. සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු...කල්පනාව තමා වැදගත්...

    ReplyDelete
  3. මොන දේ කලත් කල්පනාව , ඉවසීම තියාගන්න ඕන තේරුනයි ? මට නම් නැත්තෙම ඔය දෙක තමයි ..

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL