Latest Entries »

සුනාමිය නිමාවිය


නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට

මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.

ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.

6 comments:

  1. "ඒ අතීතය
    වලලා දමා
    යළි ගොඩ නගමු දේශය" අපි තවම සූදානම් නෑ නේද ? .. අපි තවම එතනමයි ..

    ReplyDelete
  2. අඩු ගානෙ අපි යුද්ධෙ හරි නතර කර ගත්තනෙ?

    අපිට ඉතින් මිනිස්සු හදන්න බැරි වුනාට,
    අපි අපිම අපේ ඔළුගෙඩිය ඇතුලෙන් වත් හැදුනොත් ඒ ටිකත් ඇතිනෙ.

    ReplyDelete
  3. හැබෑව මල්ලියේ උඹගෙ අදහස්වලට මම සීයට සීයක් එකඟයි...ඇයි අපි පසුගාමී වෙන්නෙ...ඇයි අපිට සීග්‍ර සංවර්ධනයක්..අපිට තවත් එක්සත් ජනපදයක් එහෙම නැත්නම් ජපානයක් වෙන්න ඕනෑ නෑ..අපේ මිනිස්සු අටලෝදහමෙන් කම්පා නොවෙන්න උත්සාහ දරන උදවිය..ජීවිත බොහොම සරලයි..සරල බව තමයි සැනසුම..මමත් මේ කතරෙ ඉඳන් අපව අතැරගිය හිත්වතුන වෙනුවෙන් පහනක් දල්වන්න යන්නයි මේ සූදානම...

    ReplyDelete
  4. අදහස් වලට ස්තූතියි.

    ReplyDelete
  5. සුනාමිය අඳුරු සෙවනැලි අදටත් හොල්මන් කරනවා..අමතක කරන්න බැරි ගොඩක් දේවල් අතීතයට එකතු වෙලා..ඒක ඇත්ත..

    ඒත් රටක් වශයෙන්මොන තරම් සංවර්ධනය වුනත් සුනාමිය උදුරගෙන ගිය අහිංසක ජීවිතවලට පන දෙන්න පුලුවන්ද?ඒ මතකය වලලා දාන්න පුලුවන් සුනාමියෙන් කිසිම කෙනෙක්ට අනතුරක් නොවුන පවුල් වල අයට විතරයි..

    ReplyDelete
  6. @සිත්රූ සිහින
    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඊටත් වඩා පුංචි දරුවෙකුට තමංගේ අම්මයි තාත්තයි අහිමි වීම අපටත් දරා ගන්න බැහැ නේද?

    මේ මගේ දරුව කියල එකම දරුවෙක් වෙනුවෙන් හඩා වැලපුන අම්මල කීදෙනක් හිටියද කියල මතකයි නේද?

    එහෙම වුනත් අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙමු.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL