Latest Entries »

රත්නපුරේ ගමන

එදා දිනය 2011/12/20 වෙනි අගහරුවාදායි. මගේ මාතර අක්කාට මරදානේ බැංකුවක ජොබ් එකක් ලැබීම හේතුවෙන් ඇගේ කොළඹ ගමන අධීකෂනය කරීමට සිදුවූයේ මටය. මවගේ පැත්තෙන් පවුලේ දෙවනියට වැඩිමලා වූ හෙයින්ද දැනටමත් කොළඹ නගරයේ රෝන්දේ ගොස් පලපුරුද්දක් ඇති නිසාද ඈ වෙනුවෙන් බොඩිම් සෙවීම, දිවා රෑ නොබලා ආරකෂා සම්පන්නව මහරගම වූ ඇගේ නැවතුම්පොල වෙතද රැගෙන ඒම මගේ රාජකාරිය විය.

එදින සවස මාගේ මලයා තුමාගෙන් දුරකතන පණිවිඩයක් ලැබුනේ මාගේ කම්මැලි කමෙන් පිරුණු ජීවිතයට නැවුම් ආලෝකයක් එකතු කරමිනි. මාස දෙකකටත් වැඩි මගේ නිවාඩු කාලය ඔහේ නිකම්ම ගෙවෙමින් පැවතියේ සිතටත් නොදැනීමය. මා සිටියේ නැවතත් SLIIT ජීවිතයේ තවත් එක් සිමාසිකයක් ආරම්භවේ යන ඩිංගිත්තක් සතුටු මානසිකත්වයක පමණි.

ආරුගම්බේ කරා විනෝද චාරිකාවක් ඊලග සෙනසුරාදා යන බව දැන ගැනීමෙන් සිත පිනා ගියේය. විනෝද චාරිකාව සංවිදානය කොට තිබුනේ මගේ පියාගේ පාර්ශ්වයෙන් බැවින් අක්කාගේ රාජකාරියෙන් බැහැර වීමේ නිම්හිම් නැති සතුටෙන් මා එවෙලේම මලයාට කීවේ

“මමත් යනවා කට්ටියට කියන්න” 

යන්නය. ඉතින් ලග එන සෙනසුරාදා දිනය තෙක් කිරීමට වැඩ ටික plan ගැසුවේ ඉන්පසුය. ඒ වන තෙක් මා SLIIT එකේ සිමාසික මුදල ගෙවීම සිදු කොට තිබුනේ නැත. සෙනුසුරාදා දිනයත් සමග දින තුනක විනෝද චාරිකාවට ගියොතින් මා හට මුදල් ගෙවීමට දවසක් ඉතිරි නොවන බැව් මට වැටහුනේ නත්තල් වලට සාමාන්‍යයෙන් දින කිහිපයක් එම ආයතනය වසා තබන බැවිනි. එම නිසා මා ගෙදර යායුතුව තිබුනි. සිකුරාදා SLIIT එකේ නිවාඩු දිනයක් වූ හෙයින් මට මුදල් ගෙවීමත් ඒ කටයුතු සියල්ලමත් නිමා කරන්නට තිබුනේ දින දෙකක් පමණි. එයට ද අමබලන්ගොඩ පැමණිය යුතු විය. එහෙයින් බදාදා රාත්‍රියේ අක්කාව මරදානේ වැඩපොලෙන් ගෙන ඇගේ මවු වන ලොකු අම්මාට බාර දී මම එතනින්ම ගෙදර ඒමට පිටත් වුනෙමි. ගෙදර එන විට රෑ නවයහමාර පමන විය. එහෙම්මම මුහුන කට සෝදා මාගේ ප්‍රියතම ආහාරයක් වූ කොත්තුවක්ද අනුභව කොට නින්දට ගියෙමි.

පසු දින උදෙන්ම නැගිට ඇගපත සෝදා දහය පමන වන විට බැංකුවට මාගේ සිමාසික මුදල්ද ගෙවා හැරෙන තැපෑලේ මාළඹේ ඒමට පිටත් වුනෙමි. ඒ බ්‍රහස්පතින්දා දිනයයි. මාළඹේ ගොසින් ඉන් පිටත් වන විට අක්කාව වැඩ පොළෙන් ගැනීමට කාලයක් ඉතිරි නොවෙන බව දැන සිටි බැවින් කල්තියාම ලොකු අම්මාට ඒ ගැන කියා තබා මම මගේ සුපුරුදු දෙල්කද මා රැදී සිටින ලොකු තාත්ලාගේ ගෙදර පැමිණියෙමි. ඉන්පසු සිකුරාදා දිනයේ සවස අක්කා රැගෙන ඒමේ බාර දූර රාජකාරිය සිදු කළෙමි.

රාත්‍රියේ ගෙදර එන විට මාගේ සිහින මාලිගා සියල්ලම බිද වැටී තිබුනේ. ආරුගම්බේ විනෝද චාරිකාව අහෝසි වී තිබූ නිසාවෙනි. ආරුගම්බේට පෙර නොවූ විරූ ලෙස වැස්ස ඇද හැලීම එයට හේතුවී තිබුනි. නමුත් මගේ ලොකු තාත්තාට නම් යන්නට ලෑස්ති වූ විනෝද චාරිකාව අතහැරීමට කිසිදු කැමැත්තක් නොතිබු නිසා වෙන් මෙවර අළුත් චාරිකාවක් ඔහු විසින් සංවිධානය කරන්නට යෙදුනි. රත්නපුරේ, අපේ අළුත්ම විනෝද චාරිකාවේ නැවතුම් පොලයි.

රත්නපුරේ Finlay තේ වතුයායේ General Manager වශයෙන් කටයුතු කරන මගේ මාමලාගේ බංගලාවට යාම අළුත්ම plan එකයි.



වසර ගණනාවකින් රත්නපුරේ ගොස් නොතිබුන බැවින් එයද මට විනෝද චාරිකාවක්ම විය. ඉන්පසු ආයෙත් යන්නට සිටි කට්ටියට කතා කොට වැඩේ set කර ගත් අපි පසු දිනයේ දහවල් එකොලහට පමණ A4 මාර්ගයේ රත්නපුර බලා පිටත් වූ යෙමු. යන මුලු පිරිස 13 දෙනෙකු පමනය. ගමන් ගත්තේ තම තමන්ගේ වාහන වලිනි.



රත්නපුර යන අතර මග මුන ගැසෙන Leisure World එකටත් ගොඩ වැදී යෑමට ලොකු තාත්තා කල්පනා කොට තිබුනි.




ලංකාවේ තිබෙන එකම Theme Park එක නම් Leisure World එකයි. එය විවෘත්ත කරනු ලැබුවේ 2008 දීය. එහි ඇති Water World එක ලාංකික ජනතාවට අළුත්ම අත්දැකීමක් එක් කරන්නකි. එහි තිබෙන නානාප්‍රකාර Water Slides වල ගමන් කිරීම බොහෝ අයගේ පලමු තෝරා ගැනීමයි.

විවිධ වූ හැඩ වලට සකස් කර තිබෙන Water Slides එහි තිබේ. සෑම water slide එකකම මා එක් වරක් පමණක් ගමන කළෙමි. ඒවායේ ගමන් කිරීම සැබවින්ම ත්‍රාෂ්‍ය ජනකය. නමුත් සෑම කෙනෙකුම ජීවිතයේ එක් වරක් හෝ මෙහි ගොස් අත්දැකීමක් ලද යුතුය. ලංකාවේ ජනතාවටද පිටරට වලදී මෙන් සතුටු වීමට මෙවන් ස්ථානයක් තිබීම පිළිබද මා නම් හුගක් සතුටට පත්වෙමි.

Leisure World එකේ පැය දෙකක් පමන ගත කළ අපි නැවත රත්නපුරේ බලා පිටත් වූවෙමු.


ඒ වන විටත් එහි පැමිණ සිටි මගේ පුංචිලා, නැන්දලා, මාමලා අපව පිළිගත්තේ මෙසේයි.

ලෝක පූජිත Ceylon Tea කෝප්පයක රස බැලුවේ ඉන්පසුවය.

එදින රාත්‍රී ආහාරයගත් පසු කට්ටිය කථා කර ගත්තේ පසුදා උදේ උඩවලව ජලාශයත්, ඇත් අතුරු සෙවනත් බැලන්න යාමටය. යන්නට සිටි ගමන (ආරුගම්බේ) නවතා දමා පැමිණි නිසා බලන්නට යෑමට ඇති තැන් වල හිගයක් පැවතුනි. මා හැරුනු කොට අනෙක් අය නම් බොහෝ විට රත්නපුරේ පැමිණ ඇවිද ගොස් තිබූ බැවිනි.

තාරාවෝ


පසුදා උදේ පාන්දර හතරට පමණ ඇහැරුනේ සීතලටය. කෙසේ හෝ අනික් අයත් නැගිටින කම් ඇස් වහගෙන ඇදේ හාන්සි වී සිටියෙමි. පසුව උදේ තේ පානය කොට මුහුන කට සෝදා ආහාර ගන්නා විට ඉදිරි පස වීදුරුවෙන් දක්නට ලැබුනේ තාරාවන් පිරිසක් වත්තට පැමිනෙන ආකාරයයි.

 උඩවලව ජලාශ වේල්ල

මාළු අල්ලමින්


 සොරොව්වෙන් එහා පැත්ත

 එක් සොරොව්වක් දරා සිටින ජල කද


හිදන් පසුදා උදයේම අප උඩවලව කරා පිටත් උනෙමු. එහිදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් විසින් ඉදිකරනු ලැබූ දැවැන්ත උඩවලව ජලාශයත් එහි dam එකත් නැරඹුවෙමු.

උඩ වලව ජලාශය ඇති මාර්ගයේ මුලුදිගටම පාහේ අලි වැටවල් ගසා තිබුනි. එනමුදු සමහර සංචාරකයන් ඉන් ඔබ්බට ගොස් එහි දියේ පීනමින් විනෝද වනවා අප දුටුවෙමු. නමුත් මා නම් එය අනුමත කරන්නේ නැත. කිමද අලි වැටක් ගසා තිබෙන්නේ යම්කිසි හේතුවක් නිසාය. බැරිවෙලාවකවත් කොහේවත් යන අලියෙක් එතනට පැමින මහා විනාසයක් කරන්නට ඉඩ තිබෙන බැවිනි.

කෙසේ හෝ ඉන් පසුව අප ගියේ උඩ වලව ජලාශයට මදක් ඔබ්බෙන් වූ ඇත් අතුරු සෙවන නැරඹීමටය. නමුත් එහිදී අපට දැන ගන්නට ලැබුනේ එය නැවත අලි පෙන්වන්නට පටන් ගන්නේ සවස තුනට කියායි.



දිවා ආහාරය ගැනීම සදහා ස්තාන බොහොමයක් අප කතා කර ගත්තත් අවසානයේ අපත් සමග සිටි උපුල් මාමා යෝජනා කළේ උඩවලව ජලාශය අසලම පිහිටි Kalu's Hideaway එකෙන් දිවා භෝජනය ගනිමු කියායි. මෙම හෝටලය වනාහි 1996 Wills ලෝක කුසලානය දිනා ගත් කන්ඩායමේ සිටි රොමේෂ් කලුවිතාරනට අයත් හෝටලයකි.



දහවල් එකට පමන අප එහි ගියෙමු. ඉතාමත් අලංකාර ලෙස ඉදිකරමින් පවතින එහිදී අප ඇනවුම් කළේ එහිම වවන එලවළු වලින් සැදුම් ලත් ගමේ ආහාර වේලකි.


 වෙලාවට නාන්නත් ඇදුමක් අරගෙන ගියේ






කලූවිතාරන ඇන්ද ටී-ෂර්ට්



අවසානයේ දවල් තුන පමණ වන විට අපි Kalu's Hideaway එකෙන් පිටත් වුනේ ඇත් අතුරු සෙවන බලන්න යන්න. යන කොට තුනයි විස්සට විතර ඇති ඒ වෙන කොටත් ඒක බලල ඉවර වෙලා මිනිස්සු එලියට එනව. පස්සෙ දැන ගන්න ලැබුනෙ ඒකෙ කරන්නෙ පුංචි ඇත් පැටව්න්ට කිරි පොවන එක පෙන්වන එක විතරයි කියල. ඉතින් ඒව අපි නම් අලි අනාතාගාරෙ බලන්න ගිහිපු වෙලාවල් වලත් දැකල තියෙන නිසා දකින්න නොලැබුනාට දුකක් දැනුනෙ නැහැ. ඒ උනත් ඒ අලි රංචුව වතුර බොන්න උඩවලව ජලාශයට ඇවිත් ඉන්නව නම් අපි බලාගත්ත.


ඉතින් ඔක්කොමත් බලල අන්තිමේ ආපහු රත්නපුරේ බන්ගලාවට ආව. පස්සෙ දවසෙ ඒ කිව්වෙ මේක ලියන අද දවසෙ තමයි අපි එහෙ ඉදල කොළඹ ආවෙ. හරිම ජොලි චාරිකාවක්. හුගක් තැන් බලන්න ගියා. ඊලග සැරේ ඒ ලගම තියෙන පුංචි දඹදිවත් බලන්න යනවයි කියල හිතා ගත්ත. දැන් නම් පාර දන්න නිසා මට තනියම උනත් ගිහින් එන්න පුළුවන්. ඔන්න දැන් නම් ඉතින් මට නිවාඩු කාලයක් ආවහම ගෙදර කම්මැලියි කියල ඉන්න වෙන එකක් නැහැ. එහෙම හිතුන ගමන්ම රත්නපුරේ ගිහින් එනව.




8 comments:

  1. එළ එළ.. කට්ටිය මාරම ආතල් එකක් අරන් තියෙන්නේ.. ඊරිසියාවෙ බෑ.. ලඟකදී කොහෙවත් ට්‍රිපක් යන්ඩ බැරිඋනා....

    ReplyDelete
  2. හරිම සුන්දර ගමනක් ගිහින් තියෙන්නෙ. කොච්චර හොඳද. නැත්නම් කම්මැලියි ගගානෙ හිටියෙ. ජය! ලබන්නාවූ අළුත් අවුරුද්ද හැම අතින්ම වාසනාවන්ත වේවා!

    ReplyDelete
  3. හදිසියෙ සංවිධානය කළ චාරිකාවක් වුණත් සෑහෙන්න ඇවිදලා තියෙනවනෙ. ලස්සන පින්තූරත් හුඟක් අරගෙන.

    ReplyDelete
  4. @Chandi
    ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔව් ගමන හරිම සුන්දරයි. හුගකාලෙකින් trip එකක් ගියෙ නැති නිසා හරිම ජෝලි. ඇරත් කට්ටියක් එක්කනෙ ගියේ ඒ නිසා තවත් ජොලි.

    @නලිනි චන්දිමා
    ඔව් ඇත්තටම සෑහෙන තැන් වල ගියා. Leasure World එකේදි අරගත්ත පින්තූර ටික මගේ camera එකේ නැති නිසා ඒ ටික දාන්න බැරිවුනා. ඒ ටිකත් ඉදිරි සති දෙක ඇතුලත ලැබුන ගමන් දාල දානව.

    @Senna
    ඔව් සෑහෙන ආතල් එකක්. කන්ද උඩ telephone සිග්නලුත් අඩු නිසා කට්ටියට සෑහෙන විවේකයකුත් ලැබුන :)

    ReplyDelete
  5. ලස්සනයි photes ටික.. ගමන නම් ගොඩක් සුන්දර ඇති..

    (තාරාවො ආවෙ අලුතින් රත්නපුරට ආපු තාරාවා බලන්නද දන්නැහැ..:D )

    ReplyDelete
  6. @සිත්රූ සිහින
    මට වචනෙ පැහැදිලි මදියි තාරාවද තාරාවො ද?

    ReplyDelete
  7. @ Hishan Melanga:මම කිව්වෙ හිශාන් කියල අම්බලන්ගොඩින් ගිය තාරාවා බලන්න රත්නපුරෙන් තාරාව රන්චුවක් ඇවිත් කියල..

    ReplyDelete
  8. @සිත්රූ සිහින
    ඒකනෙ කියන්නෙ කොච්චර කට්ටක් කාලද අවුරුදු ගාණකට පස්සෙ trip එකක් ගියේ. අන්තිමේදි තාරාව කියල නමකුත් අහගන්න සිද්ධ උනානෙ :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL