Latest Entries »

අහන් ඉන්න අහගෙන ඉන්න...

අද කාලයේ නිපදවෙන සිංහල සිංදු බොහොමයක් ගත්තහම ඒවගෙන් ජීවිතයට ගන්න තියෙන දේවල් ගොඩක් අඩුයි. ගොඩක් සින්දුවලට තේමා වෙලා තියෙන්නේ ආදරය වැනි කාරණා පමණයි. නමුත් අද උදේ නැගිට්ට ගමන්ම මගේ google reader එකේ subscribe කරගෙන තියෙන "හන්තාන" කියන blog site එකේ පල වෙච්ච ගීතයක් ඇහුව.

සින්දුවෙ නම "අහන් ඉන්න අහගෙන ඉන්න". සමහර විට ඔය අයත් අහල ඇති. මම නම් පළවෙනි සැරේට ඇහුවෙ අද.

මෙම ගීතය හරිම ලයාන්විතව ගායනා කරන්නෙ මේකලා ගමගේ මහත්මියයි. තව මේ සින්දුවට rock version එකකතුත් තියෙනව. මේ සින්දුවෙන් කියවෙන්නෙ කුමක් ගැනද කියල ඔය අයත් අහලම බලන්න.

කාලෙකට පස්සෙ මම අහපු ලස්සනම ගීතයක්. මේ ගීතය ගැන මාව දැනුවත් කළ "හන්තාන" blog එක කරන CJට මගේ ස්තූතිය. 



ලස්සන කට හඩක්, තනුවක්, සන්ගීතයක්, එකතු උනොත්, මිනිස්සුන්ගෙ පපුව ඈතුලටම යනවා!!!

12 comments:

  1. http://atheethayen.blogspot.com/2011/10/blog-post_21.html

    මම මේ ගැන කලින් ලියලා තියෙනවා...කියවලා බලන්නකෝ

    ReplyDelete
  2. මමනම් Yfm එකේ ඔය Song කිහිප වතාවක් ඇහුවා හරිම ලස්සනයි. පස්සේ Innetnet එකේ Mp3 හෙව්වා කියන කෙනොගේ නම දන්නේ නැති නිසා හොයාගන්න බැරි උනා දැන් නම දන්න නිසා හොයාගන්න පුලුවන් වෙයි ස්තුතිය.

    ReplyDelete
  3. මම අද තමා ඔය සින්දුව ඇහුවේ. ලයාන්විත, අර්ථවත් ගීතයක්...... ස්තූතියි හිශාන්.

    අපි අහන් විතරක් හිටියොත් ඇත්ද කියලා මට හිතුනා.. ඒක අහනකොට.. ඊට වැඩියමක් බැරිද අපිට කරන්ඩ ?

    ReplyDelete
  4. මේ ගීතය මම මුලින්ම ඇහුවෙ දිල්ගෙ අතීතයෙන් අහුලන මතකයෙන්. හරිම සංවේදීයි. ගීතයෙ අරුතටම ගැලපෙන කටහඬ. හරිම ලස්සනයි.

    ReplyDelete
  5. ඔයාල දන්නවත් ඇති ඒ සින්දුව කියන්නේ අන්ධ ගැහැණු ළමයෙක්.

    ReplyDelete
  6. අපි එකතු වෙලා ඒ අදුරු ජීවිත වලට එළිය දුන්නොත් එයාලගෙ ලෝකයත් ලස්සන ලෝකයක් කරන්න අපට පුළුවන්

    ReplyDelete
  7. මේ ගීතය ගායනා කරන ළමයට තියෙන්නෙ හරිම ලස්සන කටහඬක්..

    මම කලින් මේ පෝස්ට් එකට comment එකක් දැන්ම..ඒත් ඒක පුබ්ලිශ් වෙලා නැත්තෙ ඇයි දන්නැහැ..

    ReplyDelete
  8. @සිත්රූ සිහින
    ඔයාගෙ ඒ comment එක මම කියෙව්වා. මගේ දැණුමෙ තරමින් මටත් කියන්න තේරෙන්නෙ නැහැ ඔයාගෙ කලින් comment එක පල නොවෙන්න හේතුව. සමහර විට ඒ වෙලාවෙ ඇතිවුන ප්‍රශ්නයක් වෙන්න ඇති. කොහොමත් cache clear කරල ඔයාට තිබුන කලින් ප්‍රශ්නෙ විසදගන්න පුළුවන් උනානේ?

    ReplyDelete
  9. ම්ම්..ඔව්..ඒකද දන්නෙත් නෑ..
    කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නැත්තෙ තාම රත්නපුරේද..සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  10. @සිත්රූ සිහින
    අනේ නැහැ රත්නපුරේ ගිහින් ආවෙ පෝස්ට් එක දාපු දවසෙමයි. අම්බලන්ගොඩ ගෙදර කම්පියුටර් එක කැඩුන නිසා ඔයාගෙ බ්ලොග් එක කියවන්න බැරිවුනා.

    ඊයෙ රෑ කොළඹ ආපු ගමන් කියවල Happy New Year කියලත් ලිව්ව.

    ReplyDelete
  11. @ Hishan Melanga:ම්ම් ඔයා නැති අඩු පාඩුව දැනුනා comments කියවද්දි..hehe..

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL