මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා
කිහිපයක්ම තිබෙන නිසාත් දැන් දැන් කපු ආච්චිල ගැනත් අපේ ගෙවල් දොහේ ඇහෙන නිසාත් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල මටම වෙච්ච ලව් සීන් එකකින්ම මම මේ කථා මාලාව
ආරම්භ කරනව.
ඉතින් මේ ලව් කතාවෙ කතා නායිකාව මම දැනුත් දන්න අදුනන යෙහෙලියක්, කතා නායකය ඔබ තුමන්ල හොදින් අදුනන අම්බලන්ගොඩ දොහේ Hishan Melanga වන මා
ලෙසත් සිතා ගන්න.
ඉතින් අපි ඇත්තටම අපේ ඉතිහාසයට ගිහින් බැලුවොත් හුගක් අයට මේ වගේ ආදර හැගීම් ප්රතමයෙන්ම ඇතිවෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි නෙමෙයි?
මම පොඩි කාලෙදි ඉතින් ඔය මම්මල, නැන්දල හෙම ලොකු උනාම බදින්නෙ කවුද කියල ඇහුවහම කියල තියෙන්නෙ අපේ සදුනි අක්කව තමයි.
(ඒ ඉතින් මගේ සුදු බාප්පගෙ දුව.)
ඉතින් ඔය වගේ කතා අහගෙන අහගෙන යද්දි කාගෙන්දෝ නංගියෙක් ගෙනුත් එක දවසක් එයා බදින්න ඉන්නෙ කාවද කියල ඇහුවම කියල තියෙන්නෙ හත්තලාමෙ මගේ නම.
ඉතින් ඒ ඉතිහාස කතාවත් දැනගෙන දැන් මම නමය වසරෙ ඉගෙන ගන්න කාලෙට එමු. ඉතින් කතාව මෙහෙමයි ඇත්තටම කොල්ලන්ට කලින් කෙල්ලන්ට මේ
වගේ හැගීම් ඇතිවෙන එක පොඩි කාලෙදි සාමනයයි. ඒකනේ ඔය දෙමව්පියන් පාසල් යන කාලෙ ඇති වෙන ආදර අන්දර වලට එහෙම කෙලින්ම තිත තියන්නෙ.
ඉස්කෝල් කාලෙ නිමා වෙන කොට කතාවත් නිකම්ම ඉවර වෙලා යනව. එතනිනුත් එහාට කතාව යනවය කියන්නෙ අනිවා සිරා ලව් එකක්.
ඉතින් මේ කෙලියත් ඔය උඩින් කියපු කතා කාරියට ඈතිවුනා. ඈට කොතරම් මාව අවශය වී තිබුනේද කිවහොත් එක
දවසක් හොරාට මුද්දක් ඉස්කෝලෙ උස්සන් ඇවිල්ල පන්තියෙ හැමෝටම පෙන්නල ඒක මං එයාට දීපු මුද්දය කියල :(
ඉතින් හිතා ගත් හැකිනෙ ඒ දවස් වල මම හිටි තත්වෙ. (දැන් නම් මතක් වෙනකොටත් හිනා.) ඒ සීන් කෝන් එක කොල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි,
නසරානි කෙල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි බේර ගත්තෙ බොහොම අමාරුවෙන්.
ඒ කතාවෙන් කියවෙන එක දෙයක් තමයි කෙල්ලන් හරිම දරුණුයි. ඒ මදිවට සෑහෙන බොරුත් කියනව. එලිපිට blackmailing කරන්නත් හරි දක්ෂයි.
ඉතින් එහෙම කිව්වයි කියල දැන් මේක කියවන කාන්තා පාර්ශවය මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා; අම්බලන්ගොඩ කොල්ලො කෙල්ලන්ට බූට් දෙනව වැඩියි කියලත් හුගක් අය කියනව. හික් හික්.
ඉතින්
පරන හුට පටයක් මතකයට නැගුනු
මම
~Hishan Melanga~
කව්ද දන්නෙ ඇත්තටම ඔයා දුන්නද කියල.. :P
ReplyDeleteකොහොම උනත් නියම කථාව..ඇත්තටම ඉස්සර අපේ ස්කොලෙ යාලුවොත් හිටිය ඔහොම එක එක්කෙනා දුන්න කියල එක එක ගේනවා...බලද්දි බොරුනෙ කියල තියෙන්නෙ..:D
හික් හික් අපි දන්නා කියන කෙනෙක්ද දන්නේ නෑ මෙලංග ? :P
ReplyDeleteචෝලේ තම බ්ලොග් එකේ ලින්ක් එක එව්වේ එල බුක්මාර්ක් කරා
ඉතින් මොකද බන් අන්තිමට උනේ... කතාව පැදිලි මදිද ? මම ටියුබ් ලයිට්ද ?
ReplyDeleteමට හිතෙන්නෙම මුද්ද දුන්නේ මේකා කියලමයි
ReplyDelete@everyone
ReplyDeleteමං මුද්දක් ඒකිට දුන්නෙ නැහැ බං. ඒකිට පයිත්තියං. එක්කො මාව අමාරුවෙ දාන්න කරල තියෙන්නෙ. නැත්නම් සමහර විට වෙනිං එකෙක් හොරාට දාපු එකක් ඒකි මාව ඔළුවෙ තියං ඉදල සුවර් එකට හිතන්න ඇති මමය දුන්නෙ කියල.
@Dar[K]
ReplyDeleteඋඹ අපේ බැච් එකෙ නම් අනිවා දන්නව. උඹ කව්ද කියල නම් මට හිතා ගන්න බැහැ මචං. මම උඹෙ
sites ටිකත් බැළුව. ආයෙම ලියන්න පටන් ගනින්. චෝලෙ දැන් SLIIT කරල ඉවරයි මචං.
@Senna
ReplyDeleteඅන්තිමට ඉතින් උනේ කියන්නෙ බං කොහොමත් මම කරපු දෙයක් නෙමෙයි නිසා ඒකිට ඕනෙ බම්බුවක් කරගන්නෙයි කියල මම මගේ වැඩ ටික කරගෙන ගියා.
අපිත් ආවා ඔං ඈ..
ReplyDeleteහොඳ වෙලාවට.... කොහොමද ඔය මුද්ද වෙනුවට ළමයෙක් එහෙම ආදේශ උනානම්.. එහෙනම් ඉන්ඩද ඔහොම... ? :-)
ReplyDelete@Senna
ReplyDeleteනැතුව නැතුව :)
ඔව් ඔව් මන් උබලගේ බැජ් එකේ තමා :P අර නලින් කාරියවසම් කියන්නේ අන්න ඌ :P :P
ReplyDeleteබ්ලොග් එක තවම කරනවා බන් ලියන්නේ ඉදල හිටලා මෙන්න අලුත් ලින්ක් එක
http://dayariya.dcreation.info/
හා හා නියමයි .ඉතින් අපේ ඉස්කෝලෙනම් ආයේ මොන කතාද මල්ලී ?.අට වසරේ නවය වසරේ වෙද්දි ලවු ස්ටෝරි දිග ඇරෙනවනේ :)
ReplyDeleteඅයියෝ අට වසර කියන්නෙ මොන වයසක්ද? මම දන්න තරමින් හය වසරෙදි අපෙ ඉස්කෝලෙදි පටන් ගත්ත ලව් ස්ටෝරියක් ඉවරවුනේ මේ යාන්තම් අවුරුද්දකට විතර කලින්. හික් හික් හික්. අයිය මම අදුරන කෙනෙක්ද?
Deleteමලේ මම අක්ක කෙනෙක්ය .සමහරවිට මලයාව දන්නවා ඇති :)
Delete