Latest Entries »

නිමල් සහ බයිසිකලය

ඈට ගමේ ඇත්තන් කියන්නේ බයිසිකලය කියාය. ඔහුගේ නම නිමල්ය. අර අඹ යාළුවෝ එකේ එන නිමල් වගේය. මගේ මාමාය. ඉන්නේ උඩරටය, කරන්නේ ද මාළු බිස්නස්ය. එනමුත් පන්සිල් වල පළමු සිල් පදය හැර අනිත් සිල්පද හතරම හොදින් රකියි. දැනට දින කිහිපයකට පෙර එළඹුණු වෙසක් පෝයදා ඔහුගේ පවුලේ අයත් සමග මමත් කතරගම යෑමට වෑන් රථයට නැග ගත්තෙමි. මා ද අම්බලන්ගොඩ සිට පෙර දිනයේදී මාමලාත් සමග මාතර මාගේ මිත්තනියගේ නිවසට පැමිණ සිටියෙමි.

කතරගමට පිටත්වන අතරතුරදීය අපට ඈ හමුවූවේ. සිටියේද හොදින් පිසදමා අලුතෙන් තීන්තද ආලේප කර මාතර කතරගම ප්‍රධාන පාරට මුහුණලා සකස් කර තිබු බුදු මැදුරක් අසලය. සාම්ප්‍රදානුකූලව කතරගම පිටත්වීමට පෙර මාමා එම බුදු මැදුරේ පිං පෙට්ටියට පඩුරක් දැමීම සිදු කරන්නාමවූ දෙයකි. එහි සැපත් වූ මොහොතේම අපට අසන්නට ලැබුණේ කන පොපියවන කතන්දරයකි. සමහර විට "දවසේ වැරැද්ද" ද විය හැක.

"මෙයා තාමත් අනංගයා වගෙයි"

කොහේවත් සිටි බයිසිකලය මාගේ මාමාට කතා කළ හැටි එසේය. වාහනය තුළ නැන්දාද සිටියාය. "ඕකි මට අහුවුනොතින් ඉතිරි කරන්නෑ" යන සිතුවිල්ල ඈට පහළ නොවුණි නම් පුදුම විය යුතු නැත. වාහනය තුල සිටි අයට නම් ෆන් එක නිම්හිම් නැතිය. මාමාද කාගෙන ගොස් පඩුර පෙට්ටියට දමා ආපසු අවේය. සමහර විටෙක අපට නම් හැට පැන්න චාටර් කෑල්ලෙක් දැකින්නට ලැබුණ අවසන් අවස්ථාවද එයම විය හැක.

කොහොමින් කොහොම හරි වෙසක්දා අපව සවාරියක් රැගෙන ගිය මාමාට මාගේ ස්තූතිය. නැවත මා හට එවැනි සුන්දර වෙසක් දිනයක් ගතකිරීමට ලැබෙනු ඇතයි යන්න මගේ පැතුමය.

~සැමට සුභ වෙසගක් පතමි~

14 comments:

  1. මමාගේ පින තමා ඉතිං...

    ReplyDelete
  2. හරියටම හරි පිනම තමා ඒත් පරක්කු වැඩි.

    ReplyDelete
  3. මාමාගේ වෙලාව හොඳයි ......

    ReplyDelete
  4. @කල්හාර දිසානායක

    මාමගෙ වෙලාව නම් කොහොමත් හොදයි. අපේ අම්ම හැමදාම කියන කතාවක් තමයි.

    ReplyDelete
  5. ඕවට ඉතින් තරහ අරන් කරන්න දෙයක් නෑ. මාමගෙ ලැබීම. ;-)

    ReplyDelete
  6. @නලිනි චන්දිමා

    හෙපායි නැහැ. එහෙම දෙයක් කියවිලා තියෙනවද? මගේ post එක ලියවිලා තියෙන්නෙ ඒ විදියටද? අපට එවෙලෙ හොදටම හිනා ගියා. ලේ ටිකත් පිරිසිදු වුණා.

    ReplyDelete
  7. පුදුමයි නැන්ද කෙහෙවලු පටල ගන්න ගියේ නැතුව

    ReplyDelete
  8. @දුකා
    ඕවට පැටලෙන්නෙ කවුද? නැන්දටත් වැඩේට හොදටම හිනා. ඇරත් නැන්දා එවැනි මෝඩ පහේ කාන්තාවක් නොවේ...

    ReplyDelete
  9. ඒවගේ මාමා කෙනෙක් සිටීම ගැන ආඩම්බර වෙන්න ඕන නේද මචෝ !

    බෑනටත් කවුරුවත් ඔහොම කියාවි දවසක

    ReplyDelete
  10. @හිස් අහස
    "බෑනටත් කවුරුවත් ඔහොම කියාවි දවසක"
    ෂුවර් එකටම හැට පැන්නම පස්සෙ වෙන්න ඕනෙ.

    ReplyDelete
  11. අප්පා එහෙම කාන්තාවෝ ඉන්නවා කියල අහන්න ලැබෙන එකත් සතුටත් . . නැන්දටයි මාමටයි ජයවේවා කිව්වා කියන්න මළේ . .

    ReplyDelete
  12. එහෙමයි එහෙමයි යාළුවා. අයෙමත් ආවට ස්තූතියි.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL