Latest Entries »

තරුවක කතාව අර්තගැන්වීම

මේ අදුරු අභ්‍යවකාෂයේ සැරිසරන වල්ගාතරුවක් හදිසියේම පෘථිවි කක්ෂයට ඇතුල්වෙයි. අභ්‍යවකාෂයේ සැරිසැරූ දීර්ඝ කාලය තුල එය මිදී සිතක් පපුවක් නැති අයිස්ගොඩක් බවට පත්වී ගොසිනි.
හදිසියේම පෘථිවි කක්ෂයට ඇතුල්වීම තුලින් නැවතත් උණුසුම් වෙයි, ප්‍රාණවත් වෙයි. 
එසේ උණුසුම්වීම හේතුවෙන් අපූරු දීප්තිමත් භාවයක් එයට ඇතිවේ. මේ පාළු අවකාෂයේ තනිකම විද හොදින් හුරුපුරුදු පෘථිවියට ඔහුගේ ප්‍රාණයෙන් උණුසුම් වන බොහෝ ලක්ෂන ඒ තාරකාවට සිත බැදේ. නමුදු ඇය ඇත්ත වශයෙන්ම තාරකාවක් නොවේ. නමුදු තාරකාවක් මෙන් ලක්ෂනය, හැඩය.

එම ලක්ෂන පෘථිවියෙන් උණුසුම ලබන තෙක් පමණක් බව ඇය දනී. තාරකාව, තමන්ට රිසිසේ පෘථිවියෙන් උණුසුම් වෙයි. තවත් කල්ප කාලාන්තරයකට ඇයට පෘථිවිතලය මෙන් ග්‍රහලොවක් මුන ගැසෙනාතාක්  උණුසුමක පහසක් නම් විදින්නට ලැබෙන්නේ නැත. ඉතින් එම තරුව නැවතත් පෘථිවියට තනිකමම ඉතිරි කර යන්නට යයි. තවත් ඈත ග්‍රහලොවක් සොයා ගමන් කරයි. අහෝ පෘථිවිය නුඹට ආදරයක පහසක් විදින්නට ලැබෙන්නේ කවදාද?

මෙය කවි වලින් සැදුම්ලත් දෙබසකි. ප්‍රථම කවි පද දෙක පෘථිවිය කතා කරන ආකාරයටද ඉන්පසු කවියක් හැර කවියක් පිළිවෙලින් තරුව හා පෘථිවිය අතර ඇතිවෙන දෙබස දිගහැරේ. තරුවක කතාව කවි පෙල කියවීමට දී ඇති මාර්ගය හරහා යන්න. 

5 comments:

  1. මචං කලින් පෙනුම මට වැඩිය හොඳයි මේ අලුත් පෙනුම නිසා අකුරු කියවන්න ටිකක් විතර අමාරුයි ..

    ඔයාගේ අර වල්ගා තරුවේ කවිය ගැන අනේද මේ විචාරය දීලා තියෙන්නෙ ? හ්ම්.. ලස්සනයි

    ReplyDelete
  2. @හිස් අහස
    අලුත් theme එක නිසා කියවන්න අමාරු වගෙයි කියල මටත් හිතුන. ස්තූතියි කිව්වට. ඔය post එකේ අකුරු පිටි පස්සෙන් අර දිලිසෙන බල්බ් පේන්නෙ නැතිවෙන්න පෙට්ටියක් වගේ එකක් දාගන්න පුළුවන් නම් හරි. පරණ එකම අයෙමත් දානව.

    ReplyDelete
  3. සුදු හෝ ලා පාට පසුබිම සහ කළු හෝ දත පාට අකුරු තමා කියවන්න හොඳම පරිසරය මවන්නේ.

    ReplyDelete
  4. @මෙලන්ග අයියා - ලොවෙත් නැති සිරා අර්ථකතනයක්..

    @හිස් අහස - රත්ගමයගෙ බ්ලොග් එක ගොඩ ගත්තට තෑන්ක්ස්.. පොර නැතුව පාලුවෙන් හිටියෙගගග :-)

    ReplyDelete
  5. @කතන්දතර
    ස්තූතියි tip එකට :)

    @මාරියෝ
    ස්තූතියි ඔබටත් :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL