Latest Entries »

ආදරය, සිහිනය, හැරයාම



යට විය ආලය අළුගොඩේ
ඔබ පමනයි මගෙ ජීවිතේ
දුටුවෙමි ඔබෙ බොරු දාගරේ
හිදිනෙමි මම තව ගිනි ගොඩේ

කරනට මම තව ආදරේ
බලනෙමි ඔබ කොයි දිවයිනේ
විදිනට ඒ පෙම ජීවිතේ
කැමතිය මම තව මීවිතේ

දුටුවත් මම බොහො වතු සුදුමල්
ඔබ මෙන් එකකද නැත සුවදක්
ඔබගේ මුවගේ ඇති හසරැල්
තවමත් මතකය ඒ හුරතල්

දැන්වත් කරනට ආදරේ
එක්වෙමු අප දෙන ජීවිතේ
දුටුවන් මන බැදි ආදරේ
කරමුද නැවතත් ප්‍රේමියේ

සිහිනෙන් ඔබ අද පැමිණියා
මොහොතක් ඔබ අද මගෙ උනා
ඔබ හා මා අද කතා කළා
සිහිනෙන් වත් නුඔ මගේ වුනා

කොල්ලෙක්. ඔහු හිතින් කෙල්ලෙකුට ප්‍රේම කරයි. ඇය ගැන සොයා බලයි, දුක් වෙයි. නමුත් පසුව ඔහු ඇයට පෙම්වතෙක් ඇති බව දැන ගනී. ඔහුගේ ලෝකය දැවී යයි. කුමක් කරන්නද මේ තමයි ජීවිතේ හැටි. ඔහුට තවමත් ඇය ගැන සිතීම නතර කළ නොහැක. කාලය විසින් ඔහු කෙරෙන් ඇයව අමතක කරවනු ඇත.

Lost Love 
Will Be
Replaced By
New Love

Above picture was taken form the website Photobucket

4 comments:

  1. සිහිනයක් සේ පැමිණ නුබවෙත..
    විසුනු කර නුබෙ දැහැන සමවැදි..
    මිරිගුවක් වූ සිහින කුමරිය
    සිතින් සිහිකර එපා වැළපෙනු..

    නුබේ නාමෙන් පොළෝ තලයේ..
    කුමරියක් ඇත නුබට පෙම්බැද..
    මිරිගුවක් නොව හැබෑවක්මය...
    කරනු පෙම් රිසි සේ ඇයට නුඹ......

    ලියනු පත් ඉරු පුරවමින් කවි..
    නුබේ අරණේ සදවතිය ගැන...
    එපා ලියනට මියුරු කවිපද..
    අහක ඉගිලෙන සමණලුන් ගැන....

    ReplyDelete
  2. @ Asulanjana

    මම අද හීනෙන් දැක්කෙ වෙනිං සමණලියක්ව බං, අහක ඉගිලෙන සමණලියක් ගැන නොවයි. මේ කවි පේලි නුඹ සිතන දෙයින් ස්වායත්තයි.

    කොහොම උනත් ඔබගේ කතාවට මමත් එකග වෙනව සමණලුන් එක තැන රැදෙන්නේ නැහැනේ.

    ගොඩ වැදිල ගියාට ඔබට බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. ඔහොම වෙච්චි එකේ දැන් ඉතින් වෙන කෙනෙක් ගැන හිතුවනම් මොකෝ ???

    ReplyDelete
  4. ඔව් ඔව් දුකා අයියෙ. ගොඩ වැදුනට බොහොම ස්තූතියි.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL