Latest Entries »

අපි සිංහ______ලේ

සිංහල භාෂාව යනු ලෝකයේ වේගයෙන්ම නැතිවී යන භාෂාවක් යයි කිව්වොත් මා සමග බොහෝ අය අමනාප නොවේවි. ඇත්ත කතාව නම් ඒකය. අප කතා කරන භාෂාව සිංහල, අපේ මව් භාෂාව සිංහල, අප ඉපදුනේ, හැදී වැඩුනේ, සිංහලේය. ඉතින් එවන් සිංහලයක් අනාගතයේදී අපට ඉතිරිවේද?

නැත.

අපගේ භාෂාව වේගයෙන් මේ පෘතිවි තලයෙන් අතුරුදන් වෙමින් පවතී.

කල්පයක් වැනි සංසාරයේ තත්පරයක් බදු මේ ජීවිතයෙන් පසු අප මනුසත් භාවයක් ලබනා දිනකදී අප භාසාව නැතිවී ගොස් තිබේවි.

නමුත් මෙවන් භාෂාවක් තිබුනා යයි කෙනෙක් සොයා ගත්තා යයි කියමු. එසේ නම් එය දිරා පත් වූ පොතක් හෝ පත්තරයක් සොයා ගැනීමෙන් නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයට ආභරණයක් බදු වූ අන්තර්ජාලය පීරීමෙන් ඔහු එය සොයා ගනීවි.

අප භාෂාව සංරක්ෂණය විය යුතු භාෂාවකි.

එය එදා මෙදා තුල ලොව පහල වූ සර්ව සම්පූර්ණත්වයට ආසන්නවූ, විවිධ උච්චාරණයන්ගෙන් හැසිරවිය හැකි ලොව එකම භාෂවයි.

අප භාෂාව සංරක්ෂණය විය යුතු යයි මම ඉහත කීවෙමි. නමුදු එයට සුදුසු කතිකාවතක් හෝ පෙනෙන තෙක්මානයකවත් නැත. එවන් වූ යුගයක අප භාෂාව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීම සහ යුතුකමය.

නමුත් මහා කුණාටුවක් අවසන රිදී ඉරක් පායා ඇත.

සිංහලේ තරුණයන්, සිංහලෙන්, අන්තර්ජාලය නම් කුනාටු සපිරි සාගරයේ ගමන් කිරීම ආරම්භකොට ඇත.

ඔවුන්ගේ ධෛර්‍ය හා ශක්තිය මෙම කුණාටුවලට මෙල්ල කළ නොහැක.

අද අප තබනා මේ කුඩා පියවර අනාගතයේ අප භාෂාව ලොවට ඉතිරි කරනු ඇත. අවුරුදු දහස් ගණනකට පසුව හෝ අනාගත විද්වතුන් අප භාෂාව පර්යේෂණයට ලක් කරනු ඇත. මෙවන් භාෂාවක් නිර්මාණය වූ භූමිය නැතිවූ ඇට්ලැන්ටාව මෙන් සොයනු ඇත.

ඔව්න්ට එය සොයා ගෑනීම පහසු නොවනු ඇත. නුමුදු අපගේ මෙම ලිවුම ඔවුන්හට පහසුවක් වනු ඇත.

එසේ නම් සිංහලේ පෞඩ ඉතිහාසයට සිංහල බ්ලොග් කරුවන් ලෙසට අපද එකතුවී නැතැයි කියන්නේ කව්රුන්ද?

6 comments:

  1. මම මගේ ජිවිතේ හොදටම පසුතැවෙන්නේ සිංහල ගැන මගේ සිංහල භාෂාව මට තව ප්‍රගුණ කරන්න වෙනවා

    ReplyDelete
  2. කතාව සහතික ඇත්ත ...අපේ දේවල් අපේ අතීතය මේව ආරක්‍ෂා කරගන්න ඕන අපි මිසක් වෙන කවුද ?

    මමත් සිංහ ලේ තියන කෙනෙක් ..

    අපේ ජාතිය වෙනුවෙන් මේක ලීවට ඉස්තූතියි !

    ජයවේවා !!

    ReplyDelete
  3. එංගලුන්ට ඉංග්‍රීසී මෙන්, දෙමලුන්ට දෙමළ මෙන්, සිංහල කතා කරන මට මගේ භාෂාව රැක ගැනීමේ වගකීම ඇත.

    ReplyDelete
  4. මල්ලියේ උඹගෙ සිංහල හැසිරවීම අති විෂිශ්ඨයි...මගෙන් සුභ පැතුම්..තව තවත් ලියන්න..දුරු රට හිටියත් නිතරම සිංහ...ලේ තමයි මලේ...

    ReplyDelete
  5. කෙතරම් අරුමයක්ද දුරු රට සිටිනා අප, භාෂාව වෙනුවෙන් ලං වී අැති සැටි දකින විට.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL