ඈට ගමේ ඇත්තන් කියන්නේ බයිසිකලය කියාය. ඔහුගේ නම නිමල්ය. අර අඹ යාළුවෝ එකේ එන නිමල් වගේය. මගේ මාමාය. ඉන්නේ උඩරටය, කරන්නේ ද මාළු බිස්නස්ය. එනමුත් පන්සිල් වල පළමු සිල් පදය හැර අනිත් සිල්පද හතරම හොදින් රකියි. දැනට දින කිහිපයකට පෙර එළඹුණු වෙසක් පෝයදා ඔහුගේ පවුලේ අයත් සමග මමත් කතරගම යෑමට වෑන් රථයට නැග ගත්තෙමි. මා ද අම්බලන්ගොඩ සිට පෙර දිනයේදී මාමලාත් සමග මාතර මාගේ මිත්තනියගේ නිවසට පැමිණ සිටියෙමි.
කතරගමට පිටත්වන අතරතුරදීය අපට ඈ හමුවූවේ. සිටියේද හොදින් පිසදමා අලුතෙන් තීන්තද ආලේප කර මාතර කතරගම ප්‍රධාන පාරට මුහුණලා සකස් කර තිබු බුදු මැදුරක් අසලය. සාම්ප්‍රදානුකූලව කතරගම පිටත්වීමට පෙර මාමා එම බුදු මැදුරේ පිං පෙට්ටියට පඩුරක් දැමීම සිදු කරන්නාමවූ දෙයකි. එහි සැපත් වූ මොහොතේම අපට අසන්නට ලැබුණේ කන පොපියවන කතන්දරයකි. සමහර විට "දවසේ වැරැද්ද" ද විය හැක.
"මෙයා තාමත් අනංගයා වගෙයි"
කොහේවත් සිටි බයිසිකලය මාගේ මාමාට කතා කළ හැටි එසේය. වාහනය තුළ නැන්දාද සිටියාය. "ඕකි මට අහුවුනොතින් ඉතිරි කරන්නෑ" යන සිතුවිල්ල ඈට පහළ නොවුණි නම් පුදුම විය යුතු නැත. වාහනය තුල සිටි අයට නම් ෆන් එක නිම්හිම් නැතිය. මාමාද කාගෙන ගොස් පඩුර පෙට්ටියට දමා ආපසු අවේය. සමහර විටෙක අපට නම් හැට පැන්න චාටර් කෑල්ලෙක් දැකින්නට ලැබුණ අවසන් අවස්ථාවද එයම විය හැක.
කොහොමින් කොහොම හරි වෙසක්දා අපව සවාරියක් රැගෙන ගිය මාමාට මාගේ ස්තූතිය. නැවත මා හට එවැනි සුන්දර වෙසක් දිනයක් ගතකිරීමට ලැබෙනු ඇතයි යන්න මගේ පැතුමය.
~සැමට සුභ වෙසගක් පතමි~