Latest Entries »

නෙතු සිහින දකින

කට්ටිය කවදහරි දැකල තියෙනවද දන්නෙ නැහැ මගේ blog එකේ පහලින්ම Emotion Music කියල image එකක් දාල තියෙනව. ඇත්තටම ඒක click කරාම ඒ අයගෙ website එකට යන විදියට තමා ඒක හදල තිබුනෙ. ඒත් දැන් ඒ website එක ඇත්තෙ නැහැ ඒත් ඒකෙ කට්ටිය තාම ඉන්න නිසා මම ඒක තියාගෙන හිටිය කවද හරි ලංකාවෙ මේ logo එක දැක්කොතින් යාන්තමට හරි මේ වගේ දෙයක් මම කොහෙදි හරි දැකල තියෙනව වගේ සිතුවිල්ලක් ඔය අයගෙ හිතේ පහලවේවි කියල හිතුන නිසා.

ඉතින් මම අද facebook එකේ සැරිසරද්දි හම්බවුනා පොඩි වීඩියෝ කෑල්ලක්. ඒක පළ කරල තිබුනෙ මාස අටක‍ට විතර කලින්. හැබැයි බැලින්නම් තිබුනෙ. Emotion Music group එක හොර රහසෙ කරපු music video එකක්. මම කලින් සින්දුව අහල තිබුනට visual එකක් තියෙනව කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඒත් මේ අය ඇත්තටම එහෙම දෙයක් කරල. කියල වැඩැක් නැහැ. ඔන්න මම ඒක බ්ලොග් අවකාශේ පලකළා.

මේ සින්දුවෙ නම “නෙතු සිහින දකින”

සින්දුව ලියල තියෙන්නෙ අනුෂ්ක ඉදුනිල් මල්ලි, කියන්නෙත් එයාම තමයි. දැන් ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මේකෙ music දෙන්නෙ දැන් මාස කිහිපයකට කලින් අපේ සිංහල බ්ලොග් අවකාසෙට අඩිය තියපු Super Mario. මේක facebook එකේ share කරල තිබුනෙ චාමිකගෙ බ්ලොග් එක ලියන චාමික මල්ලි. අර හිස් අහසෙ සදරුව කියනව වගේ මේ කොල්ලට තියෙන්නෙ digital voice එකක්. මම එහෙම කිව්වෙ මම ඉස්කොලෙ යනකාලෙ ඉදලම මිනිහගෙ හඩ අහල තියෙන නිසා. කට්ටිය අහලම බලන්නකො මේ සින්දුව කොච්චර ගතිද කියල.


සින්දුව Download කරගන්න.

6 comments:

  1. වෙබ් සයිට් එක තවම තියෙනවා.. නමුත් පොඩි ප්‍රශ්ණයක් නිසා ඩොමේන් එක වෙනස් කරන්න උනා.. මෙන්න අලුත් ඩොමේන් එක. http://www.theemotionmusics.tk

    ReplyDelete
  2. මැක්ස සිංදුවක් නේ.......

    ReplyDelete
  3. වීඩියෝව බලන්න බෑ මචා මට සිග්නල් මදි අනික 3ජී කඳුලක් නෑ . කොහොමද සින්දුව පට්ටයිද ..?

    ReplyDelete
  4. @චාමික
    ඔන්න හැදුව

    @MACHAN
    මම කිව්වනෙ

    @හිස් අහස
    අහලම බලපංකො. ඔය iraj, BNS ගහන තරම් හැඩට විෂුවල් එක දෙන්න බැරි වුනාට හොදට හදල තියෙනව.

    ReplyDelete
  5. අද තමයි සිංදුව අහන්න ආවේ. ස්තූතියි. ඩිජිටල් කටහඬක් ගැන නිර්වචනයකට කදිම උදාහරණයක්!!

    ReplyDelete
  6. ඔන්න මටත් අද තමයි සින්දුව අහන්න ලැබුනේ.හොදින් රසවින්දා සින්දුව. ඔයාගෙ අඩවියට ආවෙත් අද. ගොඩක් දේ තියෙනව මට ඉගෙන ගන්නත්. හිමිහිට බලල විස්තර කියන්නම් කො. ස්තූතියි මේ වගේ දේ අපට බලන්න , අහන්න සලස්වනවාට.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL