Latest Entries »

හික්කඩුව

ඇත්තටම හික්කඩුව මුහුදෙ නාපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට හික්කඩුව මුළු ලංකාව වටේත් ලෝකෙ වටේමත් ප්‍රසිද්ධයි. ඉතින් ඊයෙ මමත් මගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක ගියා හික්කඩුවෙ මූදෙ ටිකක් නාල එන්න. ඉතින් ඒත් එක්කම හික්කඩුව කියන්නෙ මොනවගේ තැනක්ද කියල ඔය අයටත් පෙන්වන්න පින්තූර ටිකකුත් අරගෙන ආව.

කට්ටිය ගාල්ල-මාතර පැත්තට වෙන්න කොහේ හරි සවාරියක් එහෙම යනව නම් හික්කඩු‍වෙ බැහැල මූදෙ නාල යන්න නම් අමතක කරන්න එපා. අපේ ගමේ ඒ කිව්වෙ අම්බලන්ගොඩ ඉදල නම් හික්කඩුවට තියෙන්නෙ කි.මී. 10 ක විතර දුරක්. කොළඹ ඉදගෙන නම් කි.මී 90 ක් විතර දුර තියෙනව. හික්කඩුව තියෙන තැන දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් ඔය පහල තියෙන සිතියමෙන් බලාගන්න.


ප්‍රධාන වශයෙන් හික්කඩුව කියන්නෙ සංචාරක පුරවරයක්. ලොකූ පොඩි හෝටල් වලින් හික්කඩුව පිරිල තියෙනව. ඇත්තටම හික්කඩුව ලංකාවෙත් ඒ වගේම ලෝකෙ වටේමත් ප්‍රසිද්ධ වෙන්න හේතුව කොරල්පරයි. ඉතින් ලංකාවට එන විදෙස් සංචාරකයගෙන් බහුතරයක් හික්කඩුවට එනවමයි. සුනාමිය නිසා නම් දැන් බොහෝ කොරල්පර විනාසවෙලා. ඊට අමතරව කොරල්පර නැරඹීමට මිනිසුන් ගෙන යන බොට්ටු වල හැපිල කැඩිලත් ඒව විනාස වෙනව. ඒත් ඉතින් තාමත් කිහිපයක් ඉතිරිවෙලා තියෙනව.


ඔය අයට කොරල්පර බලන්න යන්න කැමති නම් රුපියල් දෙදහස් පන්සීයකට විතර බොට්ටුවකට ගෙවල යන්න පුළුවන්. ඔය ඉහතින් දාල තියෙන රූප වල වගේ බෝට්ටුතමා තියෙන්නෙ. ඒ බෝට්ටුවල පතුලට වීදුරුවක් එහෙම දාල කොරල් බලන්න පුළුවන් විදියට සකස් කරල තියෙන්නෙ.

ඉතින් ඔය අය මගේ රූප ටික බලල සතුටු උනා කියල හිතනව. (Full Screen දැම්ම නම් වඩා හොදට බලන්න තිබුනා.)

සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි

හික්කඩුවෙ කොරල් විනාස උනේ සුනාමියෙන් නෙවෙයි, 1997 අවුරුද්දෙ ලංකාවෙ මුහුදට ආපු ELMINOW (එල්මිනොව්) කියන විස ජල ප්‍රවාහයක් (Hotwater) නිසා තමයි කොරල් මැරුනෙ, අපි පේරාදෙණිය කැම්පස් එකේ සාගර විද්‍යාව පිළිබද මහාචාර්‍ය සූකී ඒකරත්න සමග එකතුවෙලා වැලිගම ප්‍රදේෂයෙන් හා ඒ අවට නොගැඹුරු මුහුදෙන් ජීවය ඇති ගල්මල් කොටස් කඩාගෙන (ඒවට හානියක් නොවෙන ලෙස) ඒව කෘතිමව වගා කරල 2001/2002 වර්ෂවල හිටවල තමයි ඔය තත්වයට ගෙනාවෙ.

මම වැඩ කළේ  හික්කඩුව International Diving School එකේ.

යන්න සුන්දරත්වය විදින්න වැල්ලෙ පාසටහන් හැරෙන්න කිසිවක් ඉතිරි කර නොඑන්න.

Amila

6 comments:

  1. siyaludenage denageneema pinisai...!!!

    hikkaduwe corel vinasa une Tsunamiyen newei, 1997 awurudde lankawe muhudata apu ELMINOW kiyana visha jala prawahayak(Hotwater ) nisa thami correls merune, api Peradeniya campus eke sdagara vidyawa pilibada mahacharya, Prff. Suki ekarathna samaga ekathuwela WELIGAMA pradeshayen ha e awata nogeburu ha gemburu muhuduwalin jeewwaya ethi galmal kotas kadagena( ewata haniyak nowanalesa) ewa artificially grow up karala 2001/2002 warshawala hitawala thamai oya thathwayata genawe... mama wedakale INternational DIVING School hikkaduwa
    yanna sundarathwaya vidinna welle pasatahanak herenna kisiwak ithirikara noenna...

    ReplyDelete
  2. @amila
    හික්කඩුවෙන් පිට බොහෝ අය නොදැන සිටි කාරණාවක්. ස්තූතියි වැරැද්ද නිවැරදි කරල දුන්නට.

    අඩු ගානෙ දැන් බ්ලොග් අවකාශෙ අයවත් ඒ මහගු කරතව්‍ය සිදුකල මිනිසුන් ගැන දන්නව. ඔබ ඇතුලු ඔබගේ සගයන් සියල්ලටම ඒ කළ මෙහෙවර වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනව. ලංකාවෙ සෑමකෙනෙක්ම ඒ මතේ සිටින බව මට විස්වාසයි.

    අඩු ගානෙ අපිට මෙහෙම දෙයක් වත් බලා ගන්න ඉතිරි කරල දුන්නට, ඒ වගේම බොහෝ පිරිසකගෙ ජීවිකාවත් රැකල දුන්නට. බොහොම පිං.

    ReplyDelete
  3. යන්නනම් ආසයි .. ඒත් කවම දාකවත් හික්කඩුවේ යන්න බැරිවේවි කියලත් හිත කියනවා .

    මචං උඹ වාසනාවන්තයි ...

    වීඩියෝ එක බලන්න සිග්නල් මදි මම අවාසනාවන්තයි..

    ReplyDelete
  4. @හිස් අහස
    දාල තියෙන්නෙ වීඩියෝ එකක් නෙවෙ මචං. ෆොටෝ ටිකක්. play කරන්න නිකම්ම බල තැහැකි.

    කවද හරි ඇවිත් නාල පල...

    ReplyDelete
  5. අපිත් හික්කඩුවෙ ගිහින් නාල කාල බීල ආව හුග කාලෙකට කලින්. පෝස්ට් එක දැක්කම ආයෙත් යන්න හිතෙනව බං.

    ReplyDelete
  6. @Networkදිසා
    මම මේ පෙරේදත් ආයෙමත් සැරයක් ගිහිං ආව :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL