Latest Entries »

මගේ කාලය

අද සදුද. හොද දවසක්. මට දැන් ගිය අවුරුද්දෙ මේ කාලේ මතක් වෙනව. හරිම සැහැල්ලුවෙන් අළුත් යාළුවොත් එක්ක SLIIT එකට ඇවිල්ල mid term test එක එහෙම ලියල EE වලට එහෙම ලකුණු 13 ක් ලැබිල මගේ schol එකට මොනව වේවිද කියල හිත හිත හිටිය කාලෙ තමා. ඒ දවස්වල සිකුරාදා වැඩ ඉවරවෙලා කෙල්ලත් බලාගෙන ගෙදර දුවපු හැටි මට තාමත් මතකයි. දැන් හුගක් දේවල් වෙනස් වෙලා. ඒ කිව්වේ ඒ කාලෙ හිටපු අදුන ගන්නවත් බැරිව, කතා කරන්නෙවත් නැතිව, හිටි යාළුවො දැන් මගේ හොදම මිත්‍රයො වෙලා. හරිම පුදුමයි. ඒත් ඇත්තයි.

ඇත්තටම මම හරි වාසනාවන්තයි A\L ඉවර කරල වෙනින් මොහොකටවත් එහෙම ගියා නම් විශේෂයෙන්ම CINEC ගිහිල්ල නැව් නැග්ග නම් අද මට මෙච්චර සතුටක් ලබන්න වෙන්නෙ නැහැ. ඒ දවස් වල ඉගෙන ගනිපු එකම programing language එක, මම ජීවිතේ පළවෙනි පාරට ඉගෙන ගනිපු programing language එක, master කරන්න මම දගලපු දැගලිල්ල. SLIIT එකේ lab අස්සෙ විදපු දුක. ඒකාලෙ මම ගත කරපු ජීවිතය මට තාම මතකයි. හරිම සුන්දරයි. ඒ මදිවට පුස්ථකාලෙ පුටු රත්කිරීමට cup ගහපු හැටිත් මට හොද හැටි මතකයි. අද මම SLIIT එකේ දෙවෙනි අවුරුද්දෙ, තව දවස් කිහිපයකින් ඒ වාරෙත් ඉවර වෙනව final exam එක ලිව්වට පස්සෙ දිග නිවාඩුවක් ලැබෙනව. ඉතින් ඒ නිවාඩුවෙදි මගේ යාළුවො දාල යන්න දුකයි. Facebook හිටියට අපි හැමෝම එකට එකතු වෙලා කතා කරන එක, හිනා වෙන එක, ගහ මරා ගන්න එක, කෑගහන එක, පිස්සු නටන එක ආයෙමත් ටික කාලෙකට නවත්තන්න වේවි.

මට මෙහෙම ලිපියක් ලියන්න හිතුනෙ ඇයි කියල මම දන්නෙ නැහැ. එහෙම වුනේ දැන් මගේ හිතේ, මේ මොහොතෙ තියෙන නිදහස් මානසිකත්වය වෙන්න ඇති. හරිම සතුටුයි. දැන් දවස් කිහිපයක ඉදල මගේ හිතට පුදුම සතුටක් ඇතිවෙලා. ඇයි මෙච්චර සතුටක් දැනෙන්නේ? ඒකට හේතුව මට තේරෙන්නෑ. හැමදාම දැන් මේ විදියට තියෙනව නම් කොච්චර ලස්සනද? කොච්චර සුව පහසුද? කොච්චර අනර්ඝද?

අපේ ජීවිත තව ටික කාලෙකින් කොහොම වෙනස් වේවිද කියල කියන්න මම නම් දන්නෙ නැහැ. සමහරක් විට තව පැයකින්, සමහර විට ඊලග තත්පරේදි මම මැරිල යන්න පුළුවන්. ජීවිතේ ඒ තරමටම වෙනස්වෙන සුළුයි. හරියට ක්‍රිෂාන්ත්ට සිද්ධ උනා වගේ. ඒත් තාමත් මම ජීවත්වෙනවනේ? ඔව් මම තාමත් ජීවත් වෙනව. මම මැරෙන කම් අරන් යන මේ ජීවිතේ. හරි ලස්සනයි සතුටෙන් සාමයෙන් ගෙවිල යනව. හැම දෙයක්ම හොදින් සිදුවේවා! දැනට නවතින්නම්. බුදු සරණයි!

5 comments:

  1. ජීවිතේදී අපට තුන්කල් උදා වෙනවා බං උදේ දවල් රෑ . උදේ පට්ට ලස්සනයි . දවල් තරමක් අසීරු කාල. රෑ කියලා වැඩක් නෑ නේ . අපිට හැමදාම සතුටෙන් ඉන්න බෑ බං . උඹට මට තියා ඔබාමට වත් බෑ !

    මේ උඹ අඳුරනවද . "රජිත් කල්පන හරිප්පිය" කියලා එකෙක් . ස්ලිට් එකේ ! අන්න මගේ බොක්කක්

    ReplyDelete
  2. ජීවිතේ ගැන නිර්වචන කෙසේ වෙතත්. උබේ ජීවිතේ ගැන නම් සතුටුයි. මම දැකපු මිනිස්සුන්ගෙන් උඹව මට මැරෙනකල්ම මතක තියෙයි . උඹගෙන් මිනිස්සුන්ගෙ ජීවිතේ පිලිබද මට අලුත් අද්දැකීම් කීපයක් එකතු උනා. උබ තුල දැක්ක දුටු සමහර දේවල් ජීවිතාවබෝදය පිණිස මා යන ගමනේ මට සැබෑවටම රුකුල් උනා..

    ReplyDelete
  3. @හිස් අහස
    "රජිත් කල්පන හරිප්පිය" දෙවෙනි අවුරුද්දෙද? IT ද කරන්නෙ? මාළඹේද කොල්ලුපිටියෙද?

    @වික්‍රමේ
    උඔ ඉතින් මං ගැන දන්නවනේ...

    ReplyDelete
  4. දෙවැනි වසරේ මාලබේ

    ReplyDelete
  5. @හිස් අහස
    එහනෙම් IT කරන කෙනෙක් වෙන්න ඕනේ. මම කරන්නේ Networking ඒක නිසා තාම ඉන්නෙ කොල්ලු පිටියෙ. තුන්වෙනි අවුරුද්දෙ තමා අපට මාළඹේට යන්න වෙන්නෙ. අවුලක් නැහැ මම හොයල බලන්නම් :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL