Latest Entries »

Rap කවිය



ඉකි ගසමින් හඩන
පිස්සුවකින් පෙලෙන
උමතු කොල්ලෙකු දුටුවෙද

චින්තනය උපරිමයි
මෝඩකම අනන්තයි
පැහැදිලි කමක් නැති හැඩයි
ඔහු පවසන වදන් ඔහුම නොදනියි

කවි ලියන්නේ කුමකටද
අනුන්ට නොතේරෙන තමන්ටම පමනද
කියා සිතුනා උමතු කොල්ලට
නොතෙරේ අන් කියවන අයටද

විදවයි ඔහු
පැරදියි ඔහු
කුමකින් වැරදුනු
නොදනියි ඔහු දේදුනු

අර්තවත් කවි පදයක්
සොය සොයා වෙහෙසෙත්
දැන් දැන් මහන්සියි ලියලත්
සිතට නොතේරේ වෙහෙසක්

අද නම් පුදුම දිනයකි
කවිම ලියවුනි
උදෙන් පටන් ගති
දැනටම තුනක් ලිව්වෙමි

කවුරුද මේ කවි ලියනා පිස්සා
සොයල බලනා ඔහෙලා
ලියු rap කවිය කියෝලා
සිනා සෙන්නකො මන්මත් වීලා


අද කාලයේ හැම දෙයකම් rap වී යන නිසා මටත් rap කවියක් ලියන්න හිතුනා. Rap කවි ලිවීම හරිම පහසුයි. මොකද ඒව කාටවත් තේරෙන්නෙ නැහැනෙ. ඇත්තටම rap සිංදු වගේ.

1 comment:

  1. " Rap කවි ලිවීම හරිම පහසුයි. මොකද ඒව කාටවත් තේරෙන්නෙ නැහැනෙ. ඇත්තටම rap සිංදු වගේ."

    හඃ හඃ හා . .

    ඔයා කියන කතාව ඇත්ත එහෙම බැලුවාම මේක රැප් කවියක් නෙමෙයි මොකද මෙකේ කියන්න හදන දේ තේරෙනවනේ . .

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL