Latest Entries »

වෙනස




රුදුරු සිත
නිසල විය
දුටිමි මම
නුඔ එදා

පහන් විය
මගේ දිවි මග
සිතුනි ඔබ
මගෙ කියා

නමුත් නුඹෙ සිත
හැරුනි  වෙනතක
දැන දැනත් ඔබ මගෙ කියා

සිතේ සතුටක්
ඉතිරි කර නුඔ
මගේ මනසින් හැර ගියා


තමන් ආදරය කළ තමන් පෙම්වතිය හැර ගියත් ඒ ගැන අංශුමාත්‍රයකින් වත් පසු නොතැවෙන පෙම්වෙතක්.

පෙමිවතිය පෙම්වතා ගැන තැකීමක් නොකරයි නම් ඒක පාර්ශවීය ආලෙයන් පලක් කුමකටද?

ඔහු එම ආලයෙන් නිදහස් වීම සතුටක් ලෙස දකියි.

එය වගකීමකින් මිදීමක් බව ඔහු හදුනා ගනියි.

ඇත්තටම ආලය කිරීම යනු තවත් කෙනෙකු පිළිබද වගකීමක් දරන්නට සිදුවීමම නොවෙද ?

ඔහු අපට පාඩමක් කියා දෙයි. එය නම්,

ආලය කරන්නා තමන් ගැන මෙන්ම අනුන් ගැනද සිතනා, වගකීම් දැරිය හුකි පුද්ගලෙයකු විය යුතු බවයි.

පිරිමියෙකු ගැහැනියකගේ ගැහැණුකම මෙන්ම ගැහැනියද පිරිමියාගේ පිරිමිකම තේරුම් ගත යුතුය.


Find A Person
Who Can Love You
And
Take Care Of You
So Responsibly

This picture was taken form the blog Clopi

6 comments:

  1. ඇත්ත...ජීවිතය විඳිය යුතු දෙයක් මිස විඳවියයුතු දෙයක් නොවේ...

    ReplyDelete
  2. ස්තූතියි ගී සිතුවම් ඇවිත් ගියාට...

    ReplyDelete
  3. සිතේ සතුටක්
    ඉතිරි කර නුඔ
    මගේ මනසින් හැර ගියා

    ලස්සන පදවැලක්. සිතේ යම් සතුටක් ඇතිවුණානම්, ඇති කළානම්, ඒ ගැන සිතා සැනසීම ජීවිතයේ ඉදිරියට යාම පිණිස හිත හදාගන්න ලොකු රුකුලක්.

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා
    අපි මැරෙන දවස එන තුරු ජීවිතේ අතපසු උන වැරදි බොහෝ දුරට නිවැරදි කරගෙන සතුටින් ජීවත් වීමයි අවශ්‍ය වෙන්නෙ.

    අපි ඉපදුනේ ජීවත් වෙන්න මිසක්, ලැබුන ජීවිතයෙන් බයෙන් පැන යන්න නොවේ.

    ජීවිතය විඳිය යුතු දෙයක් මිස විඳවියයුතු දෙයක් නොවේ...
    - ගී සිතුවම්

    ReplyDelete
  5. සිතක් පහලවිය
    සමවැදෙන්නට.....
    ආලකමන්දාවේ, පාරභෞතික සමාධියකට....
    අරිනු ඇස්....
    මිදෙනු සිහිනෙන්.....
    මොන විල්ලැජ්ජාවක්ද මේ....
    නැවත එන්න මේ ලෝකෙට...
    ජීවිතේ විදින්න උබට මොනාද අඩු...
    සතුටු වෙයන්
    පැරදුනේ නෑ නුඹ දිනුම්...
    හැරගිය නිසාම නුඹ දිනුම්......

    ReplyDelete
  6. මගේ සෙබළුනි
    ඉදිරියට......
    යවු.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL