Latest Entries »

ප්‍රෂ්ණ........?

අඩන්නට හිතුනත් අඩන්නට බැරි
කියන්නට හිතුනත් කියන්නට බැරි
හිතේම පැවතී කුණුවවෙලා ඇති
ප්‍රෂ්ණයකට ඇති විසදුම කුම සකි

මේ ආකාරයේ විසදුමක් නැති ප්‍රෂ්ණ ඔබේ සිත් තුල බොහෝ ඇතුවා නිසැකය. කිමද මේ කාල අවකාශයේ ඉපිදී ඇති අපට විවිධ ප්‍රමාණ වලින් ප්‍රෂ්ණ ඇති බැවිනි. ඒවාට විසදුම්ද විවිධ ආකාරය. සමහර විට මෙය කියවන ඔබටද මහ මෙරක් වැනි ඉතාමත් වේදනා බර ප්‍රෂ්ණ තිබිය හැක. එසේ නම් එවැනි ප්‍රෂ්ණයකට ඔබ විසන් යෝජනා කරන විසදුම කුමක්ද?

ඔබට ඇති ඕනෑම ප්‍රෂ්ණයක් නිර්ණාමිකව මෙහි ලියා හිතේ බර සැහැල්ලු කර ගන්න. සමහර විටක එයට විසදුමක් මෙය කියවන කව්රුන් ලග හෝ තිබිය හැක.

7 comments:

  1. හරි වචනය="ප්‍රශ්න"

    ReplyDelete
  2. සහෝදරයා මටත් අම්බානෙට ප්‍රශ්න තියනවා .මම කරන්නේ එකම දෙයයි . ප්‍රශ්න මට විසඳගන්න බැරි තරමට දරුනු නම් . ඒක විසඳන්න කාලයට ඉඩ දෙනවා . නැත්නම් බෝතලයක පිහිට පතනවා මම දන්නේ ඔච්චරයි .

    ඔයාගේ වැඩේ නියමයි ජය වේවා !!

    ReplyDelete
  3. හැමෝටම ගොඩක් ප‍්‍ර‍ශ්න..මේ ලිපිය කියවන මේ දැනුත් මම ඉන්නෙ ප‍්‍ර‍ශ්නෙක..මට තියෙන ලොකුම ප‍්‍ර‍ශ්නෙ මිනිස්සුන් ගේ ආත්මාර්ථකාමී බව..

    ReplyDelete
  4. මගෙ මල්ලියාගෙ හදවතේ ලස්සන..!අනුන්ට වචනයෙන් හරි උදව්වක් කරන්න තියෙනවනම් ඒක මහ පිනක් මල්ලියෙ...වැඩේ හොඳයි..අපි උත්සාහකරමු ගිනිගත් හදවත් වලට සිසිලක් වෙන්න...

    ReplyDelete
  5. ම්ම්... ප්‍රශ්නයක් නම් උත්තරේ කුත් ලගම ඇති.. නැති වෙන්න නම් බැ ...කොහොම හරි එක හොයාගන්න ඔනා... ටිකක් ඉවසන්න වෙනවා.. ප්‍රශ්න එනවා වගේ යන්නේ නැනේ... ඉවසිම..

    ReplyDelete
  6. විවිධ සමාජ මට්ටම් වලට කොටුවී විවිධ මත්ධාරීන් ලෙස විවිධ ජාතීන් ආගමිකන් ලෙස ජීවත් වන අප සැමටම පොදුවේ මෙකී ප්‍රශන සඳහා අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවේ.ජීවත් වීමේ කාර්‍යයේදී එහි සුන්දර බව මෙන්ම අසුන්දර බවද ඇතිවන්නේ ප්‍රශ්ණ , අභියෝග හා එවා සඳහා ලබාගන්නා විසඳුම් වල ගුණාත්මක බව නිසාවෙනි. කෙසේ වෙතත් මට කිවයුතු වන්නෙ මෙයයි අප හැකිතාක් සර්ව සුභවාදී ලෙස ජීවිතය දකිනවානම්, යතාර්තවාදීව ජීවත් වෙනවානම් අපට මනුශ්‍යන් ලෙස ජීවිතය පහන්ව ගතකරන්නට හැකිවෙවි

    ReplyDelete
  7. මුලින්ම ප්‍රශ්නේ ගැන හරියට 10 පාරක් මුල ඉඳන් අගට අග ඉඳන් මුලට හිතන්න.

    ඊලඟට 10 පාරක් අග ඉඳන් මුලට මුල ඉඳන් අගට හිතන්න පටන් ගන්න ඇත්තටම මේක ප්‍රශ්නයක් කියලා හිතන්නේ ඇයි කියලා . . ?

    ඊලඟට හිතන්න තමන් දන්න කියන උන් 10දෙනෙක්ට තියෙන ප්‍රශ්න ගන.

    අනෙක් උන්ට තියෙන ප්‍රශ්නත් එක්ක මේකත් ප්‍රශ්නයක් ද කියලා හිතලා ප්‍රශ්න නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ කියලා හිතලා ජොලියේ ඉන්න .

    සිම්පල් ප්ලෑන් එකක්

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL