Latest Entries »

ආවර්ජනා අර්තගැන්වීම...

මෙය කවි වලින් සැදුම් ලත් දෙබසකි එහි පෙම්වතුන් දෙදෙනෙකි. පේලි හතරක් පිරිමි පාර්ෂවයටත්, තවත් පේලි හතරක් ගැහැණු පාර්ෂවයටත් අයත්ය. මෙය කෙනෙකුගේ යටිසිතේ, සිහිනයකදී මෙන් ඇතිවූ දෙබසක් ලෙසද සැලකිය හැක.

දැන් අර්තකතනය සලකමු......


යම් කිසි නොදන්නා ස්ථානයකදී ඔවුන්ගේ ප්‍රතම හමුව සිදුවේ.

දෙදෙනා එකිනෙකා දැක ගන්නේද පළමු වතාවටය.

දුටු පමණින් දෙදෙනාහට ආදරයක් ඇතිවේ.

මෙය ජන්මාන්තරගත ප්‍රේමයකි.

දෙබස අරඹන්නේ පිරිමි පාර්ෂවෙයනි.

ඔහු ඇගෙන් විමසයි.
ඔබ කව්ද?

ඇය තම ජන්මාන්තරගත පෙම්වතා හොදින් හදුනයි.
ඈ පතා ආ පෙම්වතා ඔහු බව පවසයි.

පෙම්වතාටද එසේ සිතුනත් ඔහු හදවතේ යම් භාදාකාරී හැගීමක් පවතී.
ඔහුට එම හැගීම තේරුම් ගත නොහැක.

ඔහු, පෙර භවයක, ඇයගෙන් වෙන්ව සිටියාක් මෙන් දැනේ.
ඔහු ඒ ගැන ඇගෙන් ප්‍රෂ්ණ කරයි.

ඇය එම මතකය අවදිකරන්නට අකමැතිය.
එය අදුරුය.

පෙම්වතාහට ප්‍රෂ්ණය දැනගැනුමට අවශ්‍යව ඇත.
ඔහු එම අදුරට හේතුව විමසා සිටී.

"අදුරු මතකයන්"
ඔවුන් දෙදෙන වෙන් කළ බව ඇය කියා සිටී.

මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.

සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක.

4 comments:

  1. මට තේරුනා ..

    කලින් කවි පන්තිය බලද්දී මගේ ගොං මොලේට කිසිම දෙයක් වැටහුනේ නෑ .මේක බලල ආයෙත් කවිය බැලුවා එතකොට මට හොඳටම මීටර් උනා .ලස්සන අර්ථවත් කවියක් ..

    දිගටම මොනවා හරි ලියපං මචං මෙහේ ආවට මට පාඩුවක් උනේ නෑ ! මම නිතරම මෙහෙන් යන්නේ මොනවා හරි දෙයක් අරගෙන .

    ජය වේවා !!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. නුඹගේ කවිත්වය ප්‍රසංසනීයයි මචන්..උඹේ ජීවිතේ එක් තර අවස්ථාවක් උබ මෙකෙන් කියනව කියල මට හිතෙනවා..

    ReplyDelete
  4. "Art is something that lies in the slender margin between the real and the unreal."

    "සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ"

    - Chikamatsu Monzaemon

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL