Latest Entries »

හූනියම පිටුපස විද්‍යාව


හූනියම්. බොහෝ දෙනාට ඇසු පමණින් භිය උපදවන සිතුවිලි ඇති කරන වචනයක් බව සැබෑය. ඒ එම වචනය අප නිතරම අසන්නේ කෙනෙකුට විපතක් හෝ නස්පැත්තියක් යන දෙකෙන් එකක් සිදුවූ විට පමණි. නමුදු හූනියම් යනු එසේ කෙනෙකුට වින කිරීමට යොදාගන්නා වචයක් නොවේ. මම අසා දැන ගත් පරිදි හොද දේ සිද්ධ කිරීම සදහාද හූනියම යන වචනයම භාවිත වේ. පහත දැක්වෙන හූනියම කියවන්න.

ඕං හ්‍රීං ශ්‍රී ඝනේෂාය නමඃ
ඕං වන්ද කමලනී හර හර
ශ්‍රී නාරංයන නමඃ
ඕං ඒං සර්වනේ සිද්ධි භගවතී නමඃ
ඕං ඕං මාර දේව පුත්‍ර අසුර නාරායනය නමඃ
ඕං කාමුක්තෝලි ගරුඩද්වජමුඛාය නමඃ
ඕං ශ්‍රී අවර ගිති පේසු පේසු වල්ලි අම්මා
ගිනි ගිනියේ නමඃ
නමෝ ජය ජය ජය නමඃ

ඔබ විශ්වාස කරනවාද මේ හූනියම ලියා ඇත්තේ මතක ආවර්ජන ශක්තිය (recollection power) වර්ධනය කිරීමට බව? ඔව් එය සත්‍යකි. මෙයද හූනියමකි. නමුත් මෙය තමන් හට ආවර්ජන ශක්තිය වැඩි කර ගැනීමට යොදාගන්නා හූනියමකි.

දැන් අප මොහොතක් නැවතී වසර පනහකට පමණ පෙර අතීතයට යමු. තොවිල් ගැන ඔබ අසා ඇතුවාට කිසිම සැකයක් නැත. නොවිලය යනුද හූනියමේම ශාකාවකි(derivative).

ඔබේ අච්චි හෝ සීයා තොවිල් ගැන කියා පුරසාරම් දොඩා ඇතුවාට සැකයක් නැත.

එක් අතක යකෂයා ආවේස වූ ගැහැනියකි. ඇයට කිසිදු වෙදකමක් ඵල දෙන්නේ නැත. යකෂයා ඇයට ආවේස වේ. තොවිලයක් නැටුවා පමණි ඇය සුවපත් විය. මෙසේ සිදුවූයේ ඇයි?

නැවත වර්තමානයට පැමිණෙමු. සමහරක් විට නූතන ඉංග්‍රීසි වෛද්‍යවරුන්පවා යම් කිසි විටක තොවිලයක් නැටීම අනුමත කරයි. මෙසේ කියන්නේ ඇයි? නූතන විද්‍යාවට දෙයක් මග හැරුණාවත්ද?

මෙයට සරලම පිළිතුර නැත යන්නයි.

හූනියමෙන් හෝ තොවිලයකින් වේවා ප්‍රතිකාර කරන්නේ මිනිස් සිතටයි.

මා ඉහත සදහන් කළ හූනියමේ වචන පෙළ අධ්‍යනය කරන්න. එහි කියවීමට අපහසු අකුරු ඇති බව පෙනී යාවි. ඔබ එක සැරයක් එය කියවා බලන්න. පළමු සැරයට කට තැපැලවෙන්නේ නැතිව එය කියවා ගෑනීමට ඔබට අපහසු වේවි. එය මෙවැනි දේවල් වල ලකෂණයකි.

හොදයි ඇයි හූනියමකට මෙතරම් භර අකුරු යොදා ඇත්තේ?

මා පෙර සදහන් කළ හූනියම ආවර්ජන ශක්තිය වැඩි කිරීමට යොදාගන්නා එකක් බව කීවෙමි. එනම් අප මේ හූනියම "මතුරන්නේ", මා හට මතක ශක්තිය වැඩි වෙවා, යන සිතුවිල්ලක් ද සමගයි. එනම් මහා භර අකුරු තොගයක් තුල එක් සිතුවිල්ලක් රජ කරයි. එනම් මගේ මතක ශක්තිය වර්ධණය වේවා යන්නයි.

මා මදකට තාකෂණික පැත්තට දැන් යොමු වෙන්නම්. Blog කියවන අය බොහෝ දෙනා තවමක් පරිගණක ක්ෂේත්‍රයේ බැවින් මා මේ කියන දෙය තේරුම් යාවි. අන් අය මේ කියන ටික මෙහෝතකට අමතක කරන්න.

ඔබ සමහරක් දන්නවා ඇති පරිගණක දත්ත පද්ධති (data bases). එම දත්ත පද්ධතියකින් යම් තොරතුරක් ලබා ගැනීමට ඔබ කුවරියක් ලියයි. එනම් ඒ කුවරිය පරිගණක දත්ත පද්ධතිය පීරා අවශ්‍ය result එක ඔබට ලබාදෙයි.

හූනියමෙන් සිදුවන්නේද? මේ ටිකමය. මතකය නැමති දත්ත ගබඩාව ඔබ කුවරි (query) කරයි. අප පරිගණකයට ලියනා කුවරිය මෙන් අපේ හිතට ලබාදෙන්නේ හූනියමයි. හූනියම ලස්සනට අවශ්‍ය දත්ත අප වෙත ලබා දේ. මේ උදාහරණයේදී නම් අමතකවූ මතකය ලබාදේ.

මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ හූනියම ලිවීමට භාවිතා කර ඇති අකෂර වින්‍යාසයයි. එම භර අකුරු යොදා ඇත්තේද ඉහත මා සදහන් කළ කාර්යයන් පහසු කිරීමටය. එනම් සිතට පණිවිඩයක් දීමටය.

හොදයි. ඒක මේච්චර සරල දෙයක් නම් ඇයි දොස්තරලත් මේක අනුමත කරන්නේ?

සරලම පිළිතුර නම් ලෙඩා සනීප කර ගැනීමය. ලෙඩක් සුවපත් වීම යනු ශරීරය මෙන්ම මානසද සුවපත් වීමය. සමහර විට කෙතරම් බෙහෙත් කළද ලෙඩය සුවපත් නොවිය හැකිය, mental factor එකටද බෙහෙත් කළ යුතුය. ඉතින් ලෙඩා තොවිල් හෙම විෂ්වාස කරයි නම් ලෙඩය නිට්ටාවටම සුව කර ගැනීමට ලෙඩාගේ මානසික පරතරය අනුව වෛද්‍ය වරයා තොවිලයක්ද තම වාර්තාවට පිටින් (බොහෝ වෙලාවට කටවහරෙන්) නිර්දේශ කරණු ලබයි. ඇත්තටම ද්‍යෛවරයා සිදුකරන්නේ මිත්‍යදෘෂ්ටික දෙයක් ලෙස පෙනුනත් එය එසේ වන්නේම නැත.

හොදයි මම එහෙනම් තවත් හූනියමකින්ම ලිපිය අවසන් කරන්නම්.

මෙය වෂී ගුරුකමකි. මෙය පාඩම් කර ගැනීම බොහෝ දෙනාට නුවණට හුරුය.

ඕං නමඃ ශිවාය ශ්‍රී හ්‍රීං
හිරනස ගර්හා රාවනා
ගෝවින්ද ගනේෂ ස්කන්ධ නමඃ
සමර්තාර්ථ සිද්ධි ඒස්වාහක්

ප.ලි : මෙහි `හ්‍රීං` ශබ්ද කරන්නේ "රීං" යනුවෙනි.


ඉහත පළ කල ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න blog අඩවියෙනි.

9 comments:

  1. අනේ ඔය දෙකම මට ඉතින් වැඩක් නෑ නෙ එච්චර.
    දැන් ඉතින් විභාගත් ඉවරයි, කෙල්ලෙකුත් ඉන්නවනෙ. (මේකෙන් ඕනෙම කෙනෙක් වෂී කරගන්න පුලුවන්ද? මම interview එකකට ගියාම interview panel එක වෂී කරගන්න පුළුවන් උනොත් නියමයිනෙ.) :D
    මේ ලිපිය ඉතාම වටිනා ලිපියක්. බෙදාහදා ගත්තාට තුති.

    ReplyDelete
  2. මම දන්නා ආකාරයට, අවසානයේ, සදහන් කළ හූනියම සාමාන්‍යයෙන් ව්‍යපාරිකයන් භාවිතා කරන වෂියකි. (මට මෙම තොරතුරු ලබා දුන් තැනැත්තාට අනුව).
    නමුත් ඉතින් ,කෝකටත්, පොඩි පරීකෂණයක් එහෙම කරල බැළුවට පාඩුවක් නැහැ නේද?

    ReplyDelete
  3. මේ බ්ලොග් එක මම මීටකලින් දැනං හිටියේ නෑ .. අපරාදේ මාරම වටින ඒව මේකේ තියනවා .

    හූනියං ගැන කීවොත් මමනම් ඒව හොඳටම විස්වාස කරනවා මොකද අපේ පලාතේ ඕව බොහෝම ලස්සනට සිද්ධවෙනවා .

    නියම ලිපිය

    ජයවේවා !!

    ReplyDelete
  4. ඇත්තටම මමත් මේ ගැන වැඩිය දැනං හිටියෙ නැහැ. හැබැයි මගේ මාම කෙනෙක් නිසා තමයි ඉගෙන ගන්න ලැබුනේ.
    මාමා නම් මේක ප්‍රසිද්ධ කළා කියල දැන ගත්තොතින් මට විසුමක් නැතිවේවි.
    ඒත් ඉතින් ඒගොල්ලන් blog කියවන්නෙ නැති නිසා ප්‍රෂ්ණයක් නැහැ.

    ReplyDelete
  5. වැදගත් ලිපියක්.

    ReplyDelete
  6. බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. මන්ත්‍ර ගුරුකං අකුරු කොරන්න ඇහැකි කියාල අහල තිබුනට හූනියම් අකුරු කොරනවා කියාලා ඇහුවෙ අද ඕං.....!

    ReplyDelete
  8. උඹත් ඉතින් සිංහල ගැන දන්නවනෙ මට වඩා... :)

    ReplyDelete
  9. මට නාම වෂීයක් කරගන්න ඹනි. දන්න තැනක් නැද්ද?

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL