Latest Entries »

උඹට සුභ අනාගතයක් චන්දිමාල්

ඇත්තටම කවුද මේ චන්දිමාල්. අර එහා ‍ගෙදර මල්ලිද නෑ.... කොහෙද පිස්සුද අර අල්ලපු ගෙදර අංකල් නේද, හපෝ නැහැ, මේ චන්දිමාල් කිව්වේ අපේ රටේ අළුත්ම අළුත් ක්‍රිකට් තරුවටයි.
අද අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන තරුවක් වන දිනේෂ් චන්දිමාල් ගැන මම දන්නා ප්‍රමාණයෙන් ටිකක් සදහන් කිරීමට කැමැත්තෙමි.
අපේ අම්බලන්ගොඩ කොල්ලන්ට නම් ඉතින් ඔහුගේ නම දිනේෂ්, හැබැයි අද වන විට ලංකාවේ හුගක් ‍ක්‍රිකට් රසිකයන්ට නම් ඔහුගේ නම චන්දිමාල්. මා ඔහු ඇසුරු කර නැතත් මෙහිදී මා පවසා සිටිය යුතු කරුණු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන වන්නේ දක්ෂතාව හා වාසනාව යන්නයි.
මා පෙර සදහන් කළ පරිදි ඔහු මා පාසල් කරන කළ අපේ විද්‍යාලයේම මා වියේ පසුවූ සමකාලීන සිසුවෙකි. පසුව ඔහු මගේ මතකය නිවැරදිවේ නම් මා දහය වසරේදී හෝ එකොලහ වසරේදී ක්‍රිකට් පිළිබදව දැක්වු අති විශිෂ්ට කුසලතාව හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව ලැබුනි.
මා මගේ පංතියේ මිතුරෙකුගෙන් ඔහුගේ ඉතිහාසය පිළිබදව දැන ගතිමි. ඉතා දුප්පත් පවුල් පසුබිමක් ඔහුට තිබූ බව මා දැන් පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි ඊටත් වඩා ක්‍රිකට් වලට අපේ රටේ කොතැනකින් හෝ කිසිදු තරාතිරමකින් තොරව දක්ෂයා ආදේෂ වන බව පැවසීමටයි.
ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භයත් මහ පුදුම කතාවකි. එය උදාවූයේ කල්‍යාන මිත්‍ර ආශ්‍රය නිසා යයි මම සිතමි. එසේ මා පවසන්නේ මා හට මේ විස්තරය පැවසු මගේ යහළුවෙකු නිසයි. මගේ මිතුරා ද එදා ක්‍රිකට් පිටියේ සිටියා නම් අද වන විට චන්දිමාල් මෙන්ම ඔහුද ජාතික තලයේ වැජබෙන ක්‍රිකට් තරුවක් වන බව මා විශ්වාස කරනා නිසයි. අද වන විට මා මිතුරා විශ්ව විද්‍යාලයේය, ඔහුගේ මිතුරා චන්දිමාල් අද ලංකාවටම ආඩම්බරයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේය.
ඉතින් මට දිනේෂ් ගැන විස්තර පැවසු පෙර සදහන් කළ යහළුවා කුඩා කළ දිනක අපේ ගම් ප්‍රදේෂය‍ට ඉතාමත්ම සමීප “වැල්ල”, පෑගීමට “තනිවම” ගොස් සිටි අවස්ථාවක චන්දිමාල් ද වැල්ලේ බෝල ගසමින් සිට ඇත. මගේ යහළුවා එවිට අප පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි කාල වකවානුවකි. දිනේෂ් වැල්ලේ බෝල සෙල්ලම් කරමින් සිටිනා දුටු මා මිතුරා “යමං බං ක්‍රිකට් ගහන්නැයි” කියා ඔහු ඇදගෙන එදා අප පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරන්නට එක් කරගෙන ගොස් ඇත. එදා නම් ඔහු අනාගතයේ තමා දිදුලන ක්‍රිකට් තරුවක් වේ යයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අද ඔහු නතර වී සිටින්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහිය.
මට මේ ලිපිය ලිවීමට සිත්වූයේ අද දින ලංකාදීප පුවත්පතේ පලවූ “ලෝක කුසලාන සංචිතයේ පිතිකරුවන් 9 දෙනෙකු සංගක්කාර හදුනා ගනී” යන සිරස්තලය යටතේ පලවූ ලිපිය තුල දිනේෂ්ගේ නම ද ඇතුලත්ව තිබෙනු දුටු විටය.
මීට අමතරව අද දින අප ක්‍රිකට් සංචිතයේ විශිෂ්ටයන් අතර සිටින උපුල් තරංග ද එවන් එක් අපේ ගම් ප්‍රදේෂයෙන් කරලියට පැමිණි කෙනෙකි.
මෙහිදී දිනේෂ් චන්දිමාල් ගැන වැඩිදුරටත් දෙයක් කියන්නට තිබෙනවානම් කියන්න තිබෙන්නේ, “ඔහු” අද දින අපේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකත්වයට පවා සුදුසුකම් සපුරා තිබේ යන්නයි.
ඉතින් දිනේෂ් උඹට සුභ අනාගතයක්.

2 comments:

  1. මචං පොඩි නිවැරදි කිරීමක්.. චන්දි(දිනේශ්) ධර්මාශෝකයෙන් ඉවත්වුනේ(ඉවත්වුනා කිව්වට ක්‍රිකට් අනාගතය සඳහා ඉවත්වෙන්න සිදුවුනේ) උසස් පෙළ ආරම්භක අවුරුද්දේ.. 2006.. දිනේශ්ගේ ක්‍රිකට් හැකියාව සම්පූර්නයෙන්ම හැදුනේ ධර්මාශෝකයේදී... නමුත් දුකට කරුණ ඒ ආඩම්බරය වෙන පිරිසක් අයිතිකරගන්න හදන එක.. ඒත් දිනේශ් හැමවිටම ආඩම්බරයෙන් අපේ පාසල සිහිපත් කරනවා..

    ReplyDelete
  2. ඇත්ත ජයමාල්. ඒ වුනාට අපි ඔහු ගැන මෙහෙම හිතමු. "ඔහු" ලංකාවේ ලොකු කුඩා සෑම පාසලකටම අයිති කෙනෙක්.
    එතොකොට ධර්මාශෝකෙන් යමක් ඉගෙන ගත් අය හැටියට අපිට ඔහු ගැන වඩාත් සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL