Latest Entries »

මගේ කාලය ආරම්භ වූ වගයි.

මම නමින් හිෂාන් මෙලංග. දකුණු පැත්තෙ විස්තර කරල තියෙන පරිදි මම තවම අධ්‍යාපනය ලබනව. මීට පෙර බ්ලොග් අඩවි කිහිපයක් මා සකස් කර තිබුනත් මගේම නමින් බ්ලොග් අඩවියක් නොතිබීම ගැන මා සිතා බැලුවා. එහි ප්‍රථිපලයක් වෂයෙනුයි "මගේ කාලය" අද පටන් ගත්තෙ. ඉතින් මේ බ්ලොග් එකෙන් මාත් එක්ක කථා කරන්න කැමති අය "කමෙන්ට්" එකක් එහෙම දාල බලන්න.
මම මේ බ්ලොග් අඩවිය හරහා මගේ ජීවිතේ ගැන, මගේ අත්දැකීම් ගැන, මගේ වටපිටාව ගැන ඔක්කොටම වඩා "මගේ කාලය" ගැන ලියන්න බලාපොරත්තු වෙනව.
සිංහලෙන් බ්ලොග් ලිවීම දැන් අන්තර්ජාලයේ අළුත් දෙයක් නොවුනත්, මමත් එක්ක "මගේ කාලය" බෙදාහදා ගන්න ඔය අයට නම් අළුත් අත්දැකීමක් වේවි.
ජීවිතය ගෙවෙන හැටි රස විදිමු, මිතුරන් ගොඩනගා ගනිමු, මගේ කාලය අත්විදිමු.
මෙය කියවන ඔබ හට මගේ ආචාරය.

2 comments:

  1. හා හා ඔන්න එහෙනම් මන් හිෂාන් මල්ලි ගේ බ්ලොග් එකට පොඩි කොමෙන්ට් එකක් දාල වැඩ පටන් ගන්නම් කෝ..
    එල එල...ඔබගේ ඉල්ලීම පරිදි මාත් කැමතියි ඔබත් එක්ක මෙ සියලු තොරතුරු බෙදා හදා ගන්න.නැම නිසා මන් ඔබේ මිතුරු හවුලට එකතු කරගන්න අකමැත්තක් නෑ නේද????

    ReplyDelete
  2. එන්න ඔබව සාදරෙයන් පිළිගන්නව

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL