Latest Entries »

මට කවි නොලියවෙන්නේ ආලය නැති නිසාද?



මගේ කාලයේ 
තනිව සැරිසරන 
~මට~
 
හරිම ප්‍රශ්නයක්. කවියක් ලියපු කාලයක් මතක නැහැ. ඒත් මගේ අවට‍ ඉන්න මිතුරන්ට නම් හිතට එන කවි බොහොමයි. එකෙක්ගෙන් ඇසූ විට ඔහු කියන්නේ ඒ ඔහු ආලය කරන නිසා බවයි. ඒ මදිවට තවකෙක්ගෙන් ඇසුවෙමි. ඔහු ආලයෙන් පැරදුනු කෙනෙකි. ඔහු කියන්නේ ඇගෙන් වෙන්වීම දරාගනු නොහැකිව තමන් කවි ලියන බවයි. මෙය මට මහත් ප්‍රෙහෙලිකාවකි. එතකොට මට කවි නොලියවෙන්නෙ ආලයක් හෝ ආලයක පැරදුමක් මසිත තුල නොවන නිසාද? ඒ මගේ සිත වියළුනු සිතක් නිසාද? 

9 comments:

  1. කාලෙකින් මිත්‍රයා

    ReplyDelete
  2. @හිස් අහස
    කොහොමෙයි. ඔව් කාලෙකින්. උඹේ blog එකත් පුළුවන් පුළුවන් වෙලාවට කියවනව. බස් radio එකේ කතාව නම් නියමයි.

    ReplyDelete
  3. ශුංගාරේ කියන එක සල්ලි වලට ගන්න බෑ....

    ReplyDelete
  4. ඔව් ... ඔය කියන කතාව තරමක් දුරට හරි. ආලයෙන් මත් වී ඉන්න එකා නිතරම තම ආදරය ගැන කල්පනා කරනවා... ඉතින් ඌට කවි සිතුවිලි පහල වෙනවා ඇති. ඒ වගෙම ප්‍රේමයෙන් පැරදුනු එකාත් ඒ ගැන නිතරම කල්පනා කරන නිසා දුක්බර කවි සිතුවිලි තමයි එනවා ඇත්තේ.
    මේකෙ ඇත්ත නැත්ත බලාගන්න ඕන නම් ඔය අපේ සුනිල් ආරියරත්න මහත්තයාගෙන් හරි අජන්තා රණසිංහ මහත්තයාගෙන් හරි අහලා බලන්න.
    ඉතින් ඔයාටත් කවි ලියන්න ඕනම නම් .. ආදරයක පැටලෙන්නම වෙනවා.
    [මේ සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍යනම් ජිප්සීස් ලගෙන් අරගන්න]

    ReplyDelete
  5. @kumaraya
    "අපේ සුනිල් ආරියරත්න මහත්තයාගෙන් හරි අජන්තා රණසිංහ මහත්තයාගෙන් හරි අහලා බලන්න"

    හික් හික්. එතකොට ඒ අයට සින්දු ලියවෙන්නෙ බූට්සීන් හරි ලවුසීන් හරි තියෙන නිසාද? සමහර විට දැන් ඒ අයට නැගල යන සින්දු නොලියවෙන්නෙ ඒ කේස් අමකක වෙලා කියෙන නිසත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  6. කවි ලියන්න ආලයක් ඕනෙමද?

    ReplyDelete
  7. @සිත්රූ සිහින
    මම නම් දන්නෙ නැහැ ඔයාම කියන්න බලන්න :) මට නම් ඉතින් ඔයා ලියන තරම් ලස්සනට පද ගොතන්න කොහොමත් බැහැ. ස්තූතියි ගොඩ වැදිල ගියාට.

    ReplyDelete
  8. කවි ලියවෙන්න ආදරයක් තියෙන්නම ඕනෙද? ආදරය ගැන විතරමද? ලියන්න තියෙන්නෙ? අනේ මන්දා, මම නම් හිතන්නේ හැම තැනම කවිය තියෙනවා. ඒ දිහා බලන්න සොඳුරු ඇසක් විතරයි ඕනෙ. සංවෙදී හිතකට ඒ දේ පහසුවෙන් දකින්න පුලුවන්නේද?.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL