Latest Entries »

X-Fighter Jams

ඔන්න ඉතින් ඊයෙ දවසෙ, ඒ කිව්වේ 30ස් වෙනි සෙනසුරාද, මමයි මගේ ගැන්සියේ සෙට් එකයි ගියා Galleface එකට. වෙන මොනවටවත් නෙවෙයි X fighter jams බලන්න. එහි හවස හතරට විතර පටන්ගත්ත ෂෝ එක සෑහෙන ගති. මිනිස්සුත් මේක බලන්න සෑහෙන ඇවිත් හිටිය. ටිකට් රුපියල් සීයටයි පන්සීයටයි තමයි විකුනන්න තිබුනෙ.


සමහර විට කට්ටිය ටීවී එකේදි නම් ඔය මෝටර් බයිසිකල් උඩින් පන්නන සීන් එහෙම දැකලත් ඇති. ඒත් ඉතින් ඒව ඇස් දෙකෙන් අපට බලා ගන්න ලැබෙන්නෙ හුගක් කලාතුරකින්නේ? ඉතින් මේ මෝටර් සයිකල් කරනම් දාන්න ලංකාවට ඇවිල්ල හිටියෙ ලෝක ශූරයො හතර දෙනෙක්. ජයිල්ස්, නික්, රොකී සහ ඩැනියෙල්.





ඉතින් මේ අය හතර දෙනා එකතුවෙලා ඊයෙ පැය දෙකක ත්‍රිස්‍යජනක ජවනිකා කිහිපයක් ඉදිරිපත් කරල පෙන්නුව. ඉතින් දැන් මේව දැකල නැති කට්ටිය ඉන්නවනම් ඒ අයට බලන්න කියල මම පින්තූර ටික දානව. බෙල්ල කඩා ගන්න වගේ ආසාවක් තියෙනව නම් ගෙදරදි උත්සාහ කරල බැලුවට කමක් නැහැ කියල තමා එතන හිටිය announcer මහත්වරු නම් කිව්වෙ. ඒක නිසා ඔය මොටර් බයිසිකල් තියෙන මහත්වරු ටිකක් පරෙස්සමෙන් කරන දෙයක් කරන්න.

තව දෙයක් කියන්න තියෙනව. ඒ තමයි මේ වගේ දේවල් බලන්න ගියහම ඒ ප්‍රසංගය ඉදිරිපත් කරන අයව අපි දිරිමත් කරන්න ඕනෙ. එක විසිල් පාරක්, එක අත්පුඩියක් මේ වගේ මිනිස්සුන්ට සෑහෙන වටිනව. එවැනි පොඩි පොඩි දේවල් අපේ ප්‍රේකෂකයන්ගෙන් අඩුවෙන් දක්නට ලැබීම සෑහෙන අඩුපාඩුවක් කියල තමයි මට නම් එවෙලෙ හිතුනෙ. පහල තියෙන slide show එක full screen දාගෙන බැලුවනම් වඩා හොදයි.


දැනට ලංකාවෙ තියෙන සාමකාමී පරිසරයත් එක්ක මේවගේ ප්‍රසංග ඉදිරියෙදි තවත් සෑහෙන වැඩිවේවි. ඉතින් මට නම් හිතෙන්නෙ ඒක හොද ප්‍රවනතාවක්. ඔය අය මොකද ඒ ගැන හිතන්නෙ?

6 comments:

  1. ආ.... ලංකාවෙ මිනිස්සු ඔය තරම් ම නිවිච්ච තැන්පත් පුද්ගලයො වෙලාද?? ඔය වගේ දේකට අත්පුඩි වත් ගහන්නෙ නැතිවෙන්න...???

    ReplyDelete
  2. @තාරා
    මම කියන්න හැදුවෙ දැක්කෙම නැහැ කියල නෙවෙයි. අඩුයි කියල. මම ඒ වාක්‍ය වෙනස් කරනව.

    ReplyDelete
  3. අනේ අම්මෝ දකිද්දිත් බයයි...හැබයි මරු ඇති..

    ReplyDelete
  4. ආසාවෙන් රූප ටික බැලුවා . මාරයි බං . උඹට වීඩියෝ පාරක් කරගෙන එන්නයි තිබ්බේ ..

    වැරදිලාවත් මේ අය වැටුන්නැද්ද බං .. එක සැරයක්වත් ?

    ReplyDelete
  5. මට මේක මිස් උනානේ ලෙක්චර්ස් හින්දා.හැබැයි ඉවර වෙලා ගියපු උන්ව පාරේ දැක්ක.උනුත් ගියේ ඒ ගැම්මෙන්.පාර පුරා එක එක සද්ද දාගෙන

    ReplyDelete
  6. සුපිරියි මචං...!

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL