Latest Entries »

Living memory of Gamini

1991 ජුලි 10 වන බදාදා පන්දහසක් තරම් ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් අලිමංකඩ යුද හමුදා බල කොටුව වටකරන ලදී. හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව රයිෆල් කරුවෙකු ලෙස සිටි ගාමිණී සහ ඔහුගේ කණ්ඩායමට භාරව තිබුණේ ත්‍රස්තවාදීන් ඇතුළ්විය හැකි ස්ථාන ආරකෂා කිරීමයි. මේසේ දින කිහිපයක් ගෙවී ගිය තැන 1991 ජුලි 14වෙනි දින සනධ්‍යා කාලයේදී කදවුරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් සිදුවිය.

මෙම සිදුවීම් මාලාව සිදුවී සුළු මොහොතකට පසු කැවැසුම් තහඩු වලින් වටකරන ලද යුද ටැංකියක් ආකාරයට සකස් කළ විශාල බුල්ඩෝසර් රථයක් කදවුර දිශාවට එනු සොල්දාදුවන් විසින් දක්නා ලදී. එය දුටු මොහොතේ සිට කදවුරේ තිබු සියලු අවි ඒ දෙසට යොමුව එදෙසට ප්‍රහාර එල්ල කරන්නට වූ නමුත් ඩෝසර් රථය නවතින්නේ නොවේ.

එවිටම ග්‍රෙනේඩ දෙකක් අතින් ගත් ලාන්ස්කෝප්රල් කුලරත්න ත්‍රස්තවාදීන්ගෙන් වෙඩිකමින් ඉදිරියට එන රථය දෙසට දිවගොස් රථයේ ඉණිමග නැග බෝම්බ දෙක එතුළට විසිකරන ලදී. තත්පර කිහිපයක් තුළදී විශාල ගිනිජාලා විහිදුවමින් ඩෝසරය පුපුරා ගියේ දින හතරක් පුරා පැවති බිහිසුණු සටනද නිමාවට පත් කරමිනි.

කෝප්රල් කුලරත්න නිසසලව වැතිර සිටියා.
කෝප්රල් ගාමිණී කුලරත්න (සැප්තැම්බර් 4, 1966 - ජුලි 14, 1991)  එහෙමත් නැත්නම් හසලක වීරයා. සොල්දාදුවෙකුට ලබාගත හැකි ඉහලම පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම්ලත් පුද්ගලයා වන්නේ ඔහුයි. සොහොයුරන් හතර දෙනෙකුගෙන් සහ එක් සොහොයුරියකගෙන් යුත් පවුලේ දෙවනියා ලෙස උපන් ගාමිණී කුලරත්න ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ හසලක ප්‍රේමදාස මධ්‍ය මහා විද්‍යාලයෙනි. කලක් මහියංගණයේ ධම්මජෝති හිමියන් ලෙස බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් වැඩසිටි එතුමා අරන්තලාව භිකෂු ඝාතනයේදී ජාතියේ වාසනාවට දිවි රැක ගති. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මෙම ම්ලේච්ඡ ක්‍රියාව දුටු පසු උන්වහන්සේ තම නායක හිමිපාණන් වහන්සේගෙන් සිවුරුහැරදා යන්නට අවසරගෙන 1987 අගෝස්තු 27 වෙනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැදුනේ ඔහුගේ පියාණන් වන එස්.ජී බබානිස් සහ මවුතුමිය වූ එස්.ජී. ජූලියට් මහත්මියගේ ආශීර්වාදයත් සමගිනි.

Sources : http://en.wikipedia.org/wiki/Hasalaka_Gamini

6 comments:

  1. සුපර්මැන් අර මෑන් මේ මෑන් ගගා පුම්බන කාඩ්බෝඩ් වීරයො වෙනුවට මේ වගේ සදාකාලික වීරයො ගැන අපේ පුංචි පැටවුන්ගේ හිත් වලට දෙන්න පුලුවන්නම් අපී මීට වඩා පෙරගාමී ජාතියක් වේවි!!

    ReplyDelete
  2. 1991 ජූලි මස 14 දාත් පෝය දිනයක් වීම තවත් එක කරුණකි. එදින රාත්රීග 7 ට පමණ අලිමංකඩ කඳවුරෙහි නිළධාරීන් බලාපොරොත්තු වූ පරිදිම කඳවුරට ප්රණහාරයක් එල්ල විය. මෙම බරපතල ප්රාහාරය හමුවේ කඳවුරේ අණදීම අපහසු වූ බැවින් තම තමන්ගේ හැකියාව අනුව සටන් කරන ලෙස නියෝග ලැබී තිබුණ.
    ඒ වන විට කඳවුරෙහි පසු පස බංකරයක සිටියේ ලාන්ස් කෝප්ර ල්වරුන් වන ගාමිණී කුලරත්තන සහ පීටර් යන දෙදෙනාය.ආර්.පී.ජී ප්රපහාර නොතකා කඳවුර දෙසට කොටි බුල්ඩෝසරය ඉදිරි ආරක්ෂක වලල්ල බිඳගෙන එන බවත්, ඊට පසු පසින් කොටි 600ක් පමණ කඳවුර දෙසට ඇදෙන බවත් ඔවුහු දුටුවෝය.
    ඒ සමඟම තම දෑතට අත් බෝම්බ දෙකක් රැගෙන බංකරයෙන් ඉවතට පැනගත් ලාන්ස් කෝප්රමල් ගාමිනී කුලරත්න වෙඩි ප්රගහාර නොතකා කොටි බුල්ඩෝසරය දෙසට දිව යනු ඔහුගේ සඟයා වූ පීටර් දුටුවේය. නවතින ලෙස පීටර් කෑ ගැසුවද තම කඳවුර බේරා ගැනීමට දිවගිය ගාමිනී කුලරත්න වෙඩී කාගෙනම ගොස් මාරක බුල්ඩෝසරයේ ඉනිමඟේ ඉල්ලුනේය. අනතුරුව තම අත් දෙකෙහි තිබූ බෝම්බ දෙක දමනු පීටර්ට දැක ගත හැකිවිය.
    කොටීන් විසින් දිගු කාලයක් නිර්මාණය කල යුද ටැංකි ආකෘතියකින් වූ බුල්ඩෝසරය මහා හඬින් පුපුරා ගිය අතර ගාමිනී කුලරත්න ඉවතට විසි විය. ඔහුගේ සිරුර සොයා ගත්තේ පසුදිනය. එය වෙඩි උණ්ඩ රැසකින් සිදුරු වී තිබිණි.

    තම ජීවිතය පරදුවට තබා කඳවුර බේරා ගැනීම වෙනුවෙන් ඔහුට " පරම වීර විභූෂණ " පදක්කම රජය විසින් පිරි නැමූ අතර ශ්රීම ලංකා ඉතිහාසයේ පළමු වරට මෙම පදක්කම හිමිකරගත් ශ්රීි ලාංකිකයා වූයේද ගාමිනී කුලරත්නය.

    මෙවැනි වීරවරයෙකු සිහිපත් කොට අපේ ආචාර පිරි නැමීම අපේ යුතු කමකි.

    ReplyDelete
  3. විරුවානෙනි ඔබට මගේ ආචාරය

    ReplyDelete
  4. හසලක අපෙ වීර පුතා ගාමිණී ..ඒ නියම සිංහල කොල්ලෙක් .!!

    ඔහුට මගෙත් ආචාරය

    ReplyDelete
  5. නියම වීරයෙක්....ආඩම්බරයි හුඟාක්.:/

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL