Latest Entries »

ලියොන්කාගේ ලෝකය


ඉහත රූප පෙල වනාහි මීට වසර ගණනකට පෙර මා සිදු කළ යුතුව තිබුනු මතක සටහනක ආවර්ජනයකි. ඒ දැනට වසර හතරකට පමන පෙර මා මගේ පාසල් සහෘදයින් සමග එකට රගපෑ අවසන් වේදිකා නාට්‍යයි. එය නමින් "ලියොන්කාගේ ලෝකය" වෙයි. මීට වසර ගණනකට පෙර මා හට හමුවු ඒ මිතුරු මිතුරියන් අද කිනම් අන්තවල සිටිනවා ඇත්ද? එය මම නොදනිමි. එනමුදු මේ රූප පෙල දකින වාරයක් වාරයක් පාසා ඔවුන් හට මාවද, මා හට ඔවුන්වද මතක් වෙනු ඇතුවා නිසැකය. පාසල් ජීවිතය වනාහි කෙතරම් සුන්දරද? ඒ ගැන අපිට වගක්වත් නොතිබුන හැටි?

බහුතරයක් ළමුන් වනාහි ඉගෙනීමෙහිම ඇලී ගැලී සිටිති. ඔවුන් පාසලෙන් පිටවන විට තම ජීවිතයට එකතු කර ගත් දෙයක් නම් නැත. පාසලේ බාහිර ක්‍රියාකාරකම් තුලින් මා ජීවිතයට ලබා ගත්තේ එකම එක දෙයකි. එනම් හුදෙක් සහතික පත්‍රයක්ම පමනක් නොවේ, සමාජයේ මිනිසුන් හා ගැටෙන ආකාරය පිළිබද මනා දැනුමක් මා එ තුලින් ඉගෙන ගත්තෙමි.

ඉතින් අවසන අප රගපෑ "ලියොන්කාගේ ලෝකය" නාට්‍ය සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය දිනා ගති. එම ජයග්‍රහනයට පිට දුන් ගෝතමද සිල්වා කාරියවසම් ගුරුමහතා සහ ඔහුගේ දෙමව්පියන් මම අද සිහිපත් කරන්නේ හදපිරි සතුටෙනි. ගෝතම සර් ඔබ සැමදා අනන්තයි.

3 comments:

  1. අපේ Hishan කොල්ල එතකොට හොඳ නලුවෙක් ...

    ReplyDelete
  2. අප සැම ජීවිතය රඟ දක්වමින් ජීවන වේදිකාවේ සැරිසරයි ... නමුත් , ඒ ජීවිතය තුල තවත් ඔහු වැනිම ජීවත්වන්නෙකු පිනවීම උදෙසා අතිශෝක්ති රංගනයක යෙදෙන පුදගලයා අප රංගධරයෙක් ලෙස හදුන්වයි. මිනිසෙකුට කලාව තුලින් තවත් අයෙක් පිනවන්නට හැකිනම් එය භාග්‍යකි... ඒ භාග්‍ය ඔබ ලබා තිබේ... ඔබට සතුට හා ජය !

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL