Latest Entries »

තරුවක කතාව

පෘථිවිය:

සුන්දර තනි තරුවක් ඇත පායා
හිස් අහසක් එය මා වෙත කීවා
රැයකදි සීතල මදනල ගාවා
ඒ තනි තරුවට මේ ලෙස කීවා

තරුවක් කුමකට දැන් පෑයුවේ
දිදුලන අහසක ඇයි පෑයුවේ
හනිකට විපරම් කර බලමින්නේ
ඉතින් තරුවෙ නුඹෙ නම කුමකින්නේ

තරුව:

ෆා ය මගේ නම
තරුවක් නොවෙ මම
අහසේ දිදුලන
ඔබ හට සිතගිය

පෘථිවිය:

තරුවක් නොවෙනම්
එලියක් කොහින්ද
වෛවර්නෙන් නුඹ
දිලිසෙයි මා වෙත

තරුව:

වර්ණය මගෙ නොව ඔබගෙන් ගත්තෙමි
අදුරට මම තව ටිකකින් යන්නෙමි
කාලය මගෙ තව කෙටිය කියන්නෙමි
ඔබ හට සුසුමක් වී මම යන්නෙමි

පෘථිවිය:

දිදුලන තරු වැල් බොහො පවතින්නේ
නුඹගේ එනමුදු වෙනසකි ඇත්තේ
කියන් තරුවේ නුඹ කොයි සිට ආවේ
ඇයි තරුවේ නුඹ ආපසු යන්නේ

තරුව:

වල්ගා තරුවකි එක තැන නොහිදිමි
ඔබගේ සිරුරෙන් උනුසුම් වන්නෙමි
නැවතත් මිදිලා හැරදා යන්නෙමි
නුඹේ සොදුරු සිත හදුනා ගත්තෙමි

9 comments:

  1. මචං උඹ ඉඳලා හිටලා ලියන කවි හරිම අමුතුයි . කැතයි කීව එහෙම නෙවේ . අමුතුම ලස්සනක් තමයි ඒවගේ තියෙන්නේ . මේ කවියත් හොඳයි ...අන්තිම කවියට තමයි මම වැඩිපුරම කැමති


    ඒ ටිකක් වැඩිපුර ලිපං මචං ...

    ReplyDelete
  2. @ හිස් අහස
    අන්තිම කවිය කීවේ මේ කවියෙ අන්තිම කවියටද?

    ReplyDelete
  3. මාතර පැත්තෙ කවියෙක් බ්ලොග් ලියන්න ආව ඵක ගැන මුලින්ම මගෙන් සුභපැතුම්

    ReplyDelete
  4. @ lkgossipnews

    ස්තූතියි ගොඩ වැදිල ගියාට...

    ReplyDelete
  5. හරිම ලස්සන කවියක් ..සුභපැතුම් !

    ReplyDelete
  6. @සිත්රූ සිහින
    සුභපැතූ ඔබටත් ස්තූතියි...

    ReplyDelete
  7. වල්ගා තරුවකි එක තැන නොහිදිමි
    ඔබගේ සිරුරෙන් උනුසුම් වන්නෙමි
    නැවතත් මිදිලා හැරදා යන්නෙමි
    නුඹේ සොදුරු සිත හදුනා ගත්තෙමි ..

    මෙන්න මේක ...

    ReplyDelete
  8. මගේ මල්ලියාගෙ නිර්මාණ කවදත් දාර්ශණිකයිනෙ..සුභ පැතුම් මගේ පුංචි දාර්ශණිකයානෙණි..

    ReplyDelete
  9. මට මේ සිතුවිල්ල කොහෙන් ආවද කියල මම දන්නෙ නැහැ. අන්තිමට ලියවුන විදිය තමයි ඔය තියෙන්නෙ. ස්තූතියි ගී සිතුවම්...

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL