Latest Entries »

Showing posts with label අත්දෑකීම්. Show all posts
Showing posts with label අත්දෑකීම්. Show all posts

Now I Understand

සිහිනෙන් රෑ නුඹ ඇවිදින්
තනිකඩ මා ලග හිදිමින්
දුක පමනක් දී නින්දෙන්
පැනයයි මගෙ සිත් අහසින්

කාලය කෙටි නම් ජීවිතයේ
සිටියත් අපදෙන මී සයුරේ
හැරදා යන්නට සිදුවේ
කෙදිනක‍ හෝ මේ මහ සසරේ

වරද මගේ යයි මෙතුවක් කල්
සිතමින් සිටියා මාස ගනන්
ඔහුවද හැරදා ඔබ යයි නන්
නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්?
 
ස්තූතියි ඔබ මා නිදහස් කෙරුවට
වැලපුන හදවත නිදහස් කෙරුවට
නැවතත් නොසිතමි ඔබව දකින්නට
අවසර මට නුඔ හැරදා යන්නට
 
Don't think for a second that people are perfect.
Then what is "perfect" ?

Ooops, I asked the wrong question.
How can anything be "not perfect" ?

The answer is simple.
Anything that change is "not perfect".

ආවා ආවා පළමු ලව් හුටපටය ආවා

මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා කිහිපයක්ම තිබෙන නිසාත් දැන් දැන් කපු ආච්චිල ගැනත් අපේ ගෙවල් දොහේ ඇහෙන නිසාත් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල මටම වෙච්ච ලව් සීන් එකකින්ම මම මේ කථා මාලාව ආරම්භ කරනව.

ඉතින් මේ ලව් කතාවෙ කතා නායිකාව මම දැනුත් දන්න අදුනන යෙහෙලියක්, කතා නායකය ඔබ තුමන්ල හොදින් අදුනන අම්බලන්ගොඩ දොහේ Hishan Melanga වන මා ලෙසත් සිතා ගන්න.

ඉතින් අපි ඇත්තටම අපේ ඉතිහාසයට ගිහින් බැලුවොත් හුගක් අයට මේ වගේ ආදර හැගීම් ප්‍රතමයෙන්ම ඇතිවෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි නෙමෙයි?

මම පොඩි කාලෙදි ඉතින් ඔය මම්මල, නැන්දල හෙම ලොකු උනාම බදින්නෙ කවුද කියල ඇහුවහම කියල තියෙන්නෙ අපේ සදුනි අක්කව තමයි. (ඒ ඉතින් මගේ සුදු බාප්පගෙ දුව.) ඉතින් ඔය වගේ කතා අහගෙන අහගෙන යද්දි කාගෙන්දෝ නංගියෙක් ගෙනුත් එක දවසක් එයා බදින්න ඉන්නෙ කාවද කියල ඇහුවම කියල තියෙන්නෙ හත්තලාමෙ මගේ නම.


ඉතින් ඒ ඉතිහාස කතාවත් දැනගෙන දැන් මම නමය වසරෙ ඉගෙන ගන්න කාලෙට එමු. ඉතින් කතාව මෙහෙමයි ඇත්තටම කොල්ලන්ට කලින් කෙල්ලන්ට මේ වගේ හැගීම් ඇතිවෙන එක පොඩි කාලෙදි සාමනයයි. ඒකනේ ඔය දෙමව්පියන් පාසල් යන කාලෙ ඇති වෙන ආදර අන්දර වලට එහෙම කෙලින්ම තිත තියන්නෙ. ඉස්කෝල් කාලෙ නිමා වෙන කොට කතාවත් නිකම්ම ඉවර වෙලා යනව. එතනිනුත් එහාට කතාව යනවය කියන්නෙ අනිවා සිරා ලව් එකක්.

ඉතින් මේ කෙලියත් ඔය උඩින් කියපු කතා කාරියට ඈතිවුනා. ඈට කොතරම් මාව අවශය වී තිබුනේද කිවහොත් එක දවසක් හොරාට මුද්දක් ඉස්කෝලෙ උස්සන් ඇවිල්ල පන්තියෙ හැමෝටම පෙන්නල ඒක මං එයාට දීපු මුද්දය කියල :( 

ඉතින් හිතා ගත් හැකිනෙ ඒ දවස් වල මම හිටි තත්වෙ. (දැන් නම් මතක් වෙනකොටත් හිනා.) ඒ සීන් කෝන් එක කොල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි, නසරානි කෙල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි බේර ගත්තෙ බොහොම අමාරුවෙන්.

ඒ කතාවෙන් කියවෙන එක දෙයක් තමයි කෙල්ලන් හරිම දරුණුයි. ඒ මදිවට සෑහෙන බොරුත් කියනව. එලිපිට blackmailing කරන්නත් හරි දක්ෂයි.

ඉතින් එහෙම කිව්වයි කියල දැන් මේක කියවන කාන්තා පාර්ශවය මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා; අම්බලන්ගොඩ කොල්ලො කෙල්ලන්ට බූට් දෙනව වැඩියි කියලත් හුගක් අය කියනව. හික් හික්.

ඉතින් 
පරන හුට පටයක් මතකයට නැගුනු 
මම 
~Hishan Melanga~

පොඩි කොල්ලෙකුගෙ ආසාව

එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පොඩි කුකුසක් නොතිබුණාමත් නෙවෙයි. මොකද මේක ඉතින් හරියට කර ගත්තෙ නැතිවුණොත් එහෙම අයෙම මාස ගාණනක් බලාගෙන ඉන්න වගේ වෙන්න පුළුවන් හින්ද. 

උදේ පාන්දර හරියටම මම උඩින් කියපු වෙලාව වෙද්දි අජිත් අයිය වාහනෙත් අරගෙන පරණ පාරෙ අපි එකතු වෙන්න කියපු තැනට ආව. හරි කට්ටියම ලෑස්තියි දැන් යන්න තමයි තියෙන්නෙ. අජිත් අයිය වෑන් එකට අපේ කට්ටිය සේරම ටික නග්ගගෙන පිටත් උණා. ගිහින් සෙලාන් බැංකුව ලගින් වාහනේ නතර කරල ඇහුව කවුද එන්නෙ කියල. හොදයි උදේ පාන්දරම මම අපේ ලර්නර්ස් වෑන් එක පදවන්න මම භාර ගත්ත. 

එදා තමයි මම මගේ ඩ්‍රයිවින් ට්‍රයල් එකට යන දවස. සති ගාණක් පුරුදුවෙලා ඔන්න එදා තමයි මගේ අතටත් අර හැම කොල්ලෙක්ගෙම ජීවිතේ බලාපොරොත්තුවක් කියන ඩ්‍රයිවින් ලයිසන් එක අතට ලැබෙන්නෙ. 

අපට යන්න වෙලා තිබුණෙ බූස්සෙ තුනී ලෑලි සංස්ථාවට. මේ තැන දැකල තියෙන අය නම් දන්නවත් ඇති. මේ තැන හදල තියෙන්නෙ මුහුදට සමාන්තරව යන ගාලුපාරෙන් එහා පැත්තෙ. හරිම දර්ශනීය ස්ථානයක්. ඒවගේම මේ ලෑලි සංස්ථාවට අයිති ගොඩනැගිලි සෑහෙන දුරකට පැතිරිලා යනව. නමුත් ලංකාවෙ බොහොමයක් රාජයේ ආයතනවල ගොඩනැගිලි වලට වෙලා තියෙනව වගේ මෙහි තියෙන ගොඩනැගිලි වලින් බොහෝ ප්‍රමාණයක් කිසිම පලකට නොගෙන අතහැර දාල තමයි තියෙන්නෙ. මෙහෙම අතඇරල දාල තියෙන ගොඩනැගිල්ලක් හරියට ගත්තොතින් indoor cricket සෙල්ලම් කරන්න හදල තියෙන ගොඩනැගිල්ලකටත් වඩා විශාලයි. 

උදේ හත විතර වෙද්දි අපි ආව අපේ තැනට. මුලින්ම ඉතින් අපි එතනට එනකොටත් සමහර අය ඇවිත් හිටිය. හුගක් අය මෝටර් සයිකල් එහෙමත් දාල තිබුණ හින්ද කටිටියක් ඒවගෙන් ඇවිල්ල තිබුණ. අනේ ඉතින් මට නම් මෝටර් බයික් පුරුදුම නැති නිසා. මම දැම්මෙ ඔය පොඩි වාහන ඒ කිව්වෙ කාර් වෑන් විතරයි. 

ඉතින් කොහොම හරි උදෙන්ම තැනට ඇවිල්ලත් අපි කෙරුවෙ පුරුදුවෙන එක. රිවස් එක ගහන විධිය තමා අමාරුම. ඒකත් අරගන්න තිබුණෙ එල් අකුරෙ හැඩේටනෙ. ඉතින් ඔය එල් අකුර හදල තිබුණෙ ඔය පාරෙ වංගුවල එහෙම තියල තියෙන අර තැබිලි පාට කෝන් තියල තමා. එල් අකුරෙ හැඩේට අර අංශක 90 ගන්න ගිහල්ල තමා හුගක් අය ඇන ගන්නෙ. සමහරු ඉතින් කෝන් එක උඩ වගේම ඒවගේ වෙලාවට ඔළුවට ටොකුත් ඇන ගන්නව අජිත් අයියගෙන්. ඉතින් ඔය වගේ ගුටිත් කාගෙන සෑහෙන අමාරුවෙන් තමා මේ ඩ්‍රයිවින් කෙරුවාවත් ඉගෙන ගත්තෙ.
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL