Latest Entries »

Quantum of Solace

දිනක මා සිතුවා
යලි යලිත් සිතුවා

විටෙක සිනාසී හඩන
විටෙක හඩමින් සිනාසෙන

මේ හිත

ලංවූ විටදි අවසනට
කෙලෙස නම් මොරදෙයිද

ඊලග භවය ගැන?
ඊලග භවය ගැන?

රත්නපුරේ ගමන

එදා දිනය 2011/12/20 වෙනි අගහරුවාදායි. මගේ මාතර අක්කාට මරදානේ බැංකුවක ජොබ් එකක් ලැබීම හේතුවෙන් ඇගේ කොළඹ ගමන අධීකෂනය කරීමට සිදුවූයේ මටය. මවගේ පැත්තෙන් පවුලේ දෙවනියට වැඩිමලා වූ හෙයින්ද දැනටමත් කොළඹ නගරයේ රෝන්දේ ගොස් පලපුරුද්දක් ඇති නිසාද ඈ වෙනුවෙන් බොඩිම් සෙවීම, දිවා රෑ නොබලා ආරකෂා සම්පන්නව මහරගම වූ ඇගේ නැවතුම්පොල වෙතද රැගෙන ඒම මගේ රාජකාරිය විය.

එදින සවස මාගේ මලයා තුමාගෙන් දුරකතන පණිවිඩයක් ලැබුනේ මාගේ කම්මැලි කමෙන් පිරුණු ජීවිතයට නැවුම් ආලෝකයක් එකතු කරමිනි. මාස දෙකකටත් වැඩි මගේ නිවාඩු කාලය ඔහේ නිකම්ම ගෙවෙමින් පැවතියේ සිතටත් නොදැනීමය. මා සිටියේ නැවතත් SLIIT ජීවිතයේ තවත් එක් සිමාසිකයක් ආරම්භවේ යන ඩිංගිත්තක් සතුටු මානසිකත්වයක පමණි.

ආරුගම්බේ කරා විනෝද චාරිකාවක් ඊලග සෙනසුරාදා යන බව දැන ගැනීමෙන් සිත පිනා ගියේය. විනෝද චාරිකාව සංවිදානය කොට තිබුනේ මගේ පියාගේ පාර්ශ්වයෙන් බැවින් අක්කාගේ රාජකාරියෙන් බැහැර වීමේ නිම්හිම් නැති සතුටෙන් මා එවෙලේම මලයාට කීවේ

“මමත් යනවා කට්ටියට කියන්න” 

යන්නය. ඉතින් ලග එන සෙනසුරාදා දිනය තෙක් කිරීමට වැඩ ටික plan ගැසුවේ ඉන්පසුය. ඒ වන තෙක් මා SLIIT එකේ සිමාසික මුදල ගෙවීම සිදු කොට තිබුනේ නැත. සෙනුසුරාදා දිනයත් සමග දින තුනක විනෝද චාරිකාවට ගියොතින් මා හට මුදල් ගෙවීමට දවසක් ඉතිරි නොවන බැව් මට වැටහුනේ නත්තල් වලට සාමාන්‍යයෙන් දින කිහිපයක් එම ආයතනය වසා තබන බැවිනි. එම නිසා මා ගෙදර යායුතුව තිබුනි. සිකුරාදා SLIIT එකේ නිවාඩු දිනයක් වූ හෙයින් මට මුදල් ගෙවීමත් ඒ කටයුතු සියල්ලමත් නිමා කරන්නට තිබුනේ දින දෙකක් පමණි. එයට ද අමබලන්ගොඩ පැමණිය යුතු විය. එහෙයින් බදාදා රාත්‍රියේ අක්කාව මරදානේ වැඩපොලෙන් ගෙන ඇගේ මවු වන ලොකු අම්මාට බාර දී මම එතනින්ම ගෙදර ඒමට පිටත් වුනෙමි. ගෙදර එන විට රෑ නවයහමාර පමන විය. එහෙම්මම මුහුන කට සෝදා මාගේ ප්‍රියතම ආහාරයක් වූ කොත්තුවක්ද අනුභව කොට නින්දට ගියෙමි.

පසු දින උදෙන්ම නැගිට ඇගපත සෝදා දහය පමන වන විට බැංකුවට මාගේ සිමාසික මුදල්ද ගෙවා හැරෙන තැපෑලේ මාළඹේ ඒමට පිටත් වුනෙමි. ඒ බ්‍රහස්පතින්දා දිනයයි. මාළඹේ ගොසින් ඉන් පිටත් වන විට අක්කාව වැඩ පොළෙන් ගැනීමට කාලයක් ඉතිරි නොවෙන බව දැන සිටි බැවින් කල්තියාම ලොකු අම්මාට ඒ ගැන කියා තබා මම මගේ සුපුරුදු දෙල්කද මා රැදී සිටින ලොකු තාත්ලාගේ ගෙදර පැමිණියෙමි. ඉන්පසු සිකුරාදා දිනයේ සවස අක්කා රැගෙන ඒමේ බාර දූර රාජකාරිය සිදු කළෙමි.

රාත්‍රියේ ගෙදර එන විට මාගේ සිහින මාලිගා සියල්ලම බිද වැටී තිබුනේ. ආරුගම්බේ විනෝද චාරිකාව අහෝසි වී තිබූ නිසාවෙනි. ආරුගම්බේට පෙර නොවූ විරූ ලෙස වැස්ස ඇද හැලීම එයට හේතුවී තිබුනි. නමුත් මගේ ලොකු තාත්තාට නම් යන්නට ලෑස්ති වූ විනෝද චාරිකාව අතහැරීමට කිසිදු කැමැත්තක් නොතිබු නිසා වෙන් මෙවර අළුත් චාරිකාවක් ඔහු විසින් සංවිධානය කරන්නට යෙදුනි. රත්නපුරේ, අපේ අළුත්ම විනෝද චාරිකාවේ නැවතුම් පොලයි.

රත්නපුරේ Finlay තේ වතුයායේ General Manager වශයෙන් කටයුතු කරන මගේ මාමලාගේ බංගලාවට යාම අළුත්ම plan එකයි.



වසර ගණනාවකින් රත්නපුරේ ගොස් නොතිබුන බැවින් එයද මට විනෝද චාරිකාවක්ම විය. ඉන්පසු ආයෙත් යන්නට සිටි කට්ටියට කතා කොට වැඩේ set කර ගත් අපි පසු දිනයේ දහවල් එකොලහට පමණ A4 මාර්ගයේ රත්නපුර බලා පිටත් වූ යෙමු. යන මුලු පිරිස 13 දෙනෙකු පමනය. ගමන් ගත්තේ තම තමන්ගේ වාහන වලිනි.



රත්නපුර යන අතර මග මුන ගැසෙන Leisure World එකටත් ගොඩ වැදී යෑමට ලොකු තාත්තා කල්පනා කොට තිබුනි.




ලංකාවේ තිබෙන එකම Theme Park එක නම් Leisure World එකයි. එය විවෘත්ත කරනු ලැබුවේ 2008 දීය. එහි ඇති Water World එක ලාංකික ජනතාවට අළුත්ම අත්දැකීමක් එක් කරන්නකි. එහි තිබෙන නානාප්‍රකාර Water Slides වල ගමන් කිරීම බොහෝ අයගේ පලමු තෝරා ගැනීමයි.

විවිධ වූ හැඩ වලට සකස් කර තිබෙන Water Slides එහි තිබේ. සෑම water slide එකකම මා එක් වරක් පමණක් ගමන කළෙමි. ඒවායේ ගමන් කිරීම සැබවින්ම ත්‍රාෂ්‍ය ජනකය. නමුත් සෑම කෙනෙකුම ජීවිතයේ එක් වරක් හෝ මෙහි ගොස් අත්දැකීමක් ලද යුතුය. ලංකාවේ ජනතාවටද පිටරට වලදී මෙන් සතුටු වීමට මෙවන් ස්ථානයක් තිබීම පිළිබද මා නම් හුගක් සතුටට පත්වෙමි.

Leisure World එකේ පැය දෙකක් පමන ගත කළ අපි නැවත රත්නපුරේ බලා පිටත් වූවෙමු.


ඒ වන විටත් එහි පැමිණ සිටි මගේ පුංචිලා, නැන්දලා, මාමලා අපව පිළිගත්තේ මෙසේයි.

ලෝක පූජිත Ceylon Tea කෝප්පයක රස බැලුවේ ඉන්පසුවය.

එදින රාත්‍රී ආහාරයගත් පසු කට්ටිය කථා කර ගත්තේ පසුදා උදේ උඩවලව ජලාශයත්, ඇත් අතුරු සෙවනත් බැලන්න යාමටය. යන්නට සිටි ගමන (ආරුගම්බේ) නවතා දමා පැමිණි නිසා බලන්නට යෑමට ඇති තැන් වල හිගයක් පැවතුනි. මා හැරුනු කොට අනෙක් අය නම් බොහෝ විට රත්නපුරේ පැමිණ ඇවිද ගොස් තිබූ බැවිනි.

තාරාවෝ


පසුදා උදේ පාන්දර හතරට පමණ ඇහැරුනේ සීතලටය. කෙසේ හෝ අනික් අයත් නැගිටින කම් ඇස් වහගෙන ඇදේ හාන්සි වී සිටියෙමි. පසුව උදේ තේ පානය කොට මුහුන කට සෝදා ආහාර ගන්නා විට ඉදිරි පස වීදුරුවෙන් දක්නට ලැබුනේ තාරාවන් පිරිසක් වත්තට පැමිනෙන ආකාරයයි.

 උඩවලව ජලාශ වේල්ල

මාළු අල්ලමින්


 සොරොව්වෙන් එහා පැත්ත

 එක් සොරොව්වක් දරා සිටින ජල කද


හිදන් පසුදා උදයේම අප උඩවලව කරා පිටත් උනෙමු. එහිදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් විසින් ඉදිකරනු ලැබූ දැවැන්ත උඩවලව ජලාශයත් එහි dam එකත් නැරඹුවෙමු.

උඩ වලව ජලාශය ඇති මාර්ගයේ මුලුදිගටම පාහේ අලි වැටවල් ගසා තිබුනි. එනමුදු සමහර සංචාරකයන් ඉන් ඔබ්බට ගොස් එහි දියේ පීනමින් විනෝද වනවා අප දුටුවෙමු. නමුත් මා නම් එය අනුමත කරන්නේ නැත. කිමද අලි වැටක් ගසා තිබෙන්නේ යම්කිසි හේතුවක් නිසාය. බැරිවෙලාවකවත් කොහේවත් යන අලියෙක් එතනට පැමින මහා විනාසයක් කරන්නට ඉඩ තිබෙන බැවිනි.

කෙසේ හෝ ඉන් පසුව අප ගියේ උඩ වලව ජලාශයට මදක් ඔබ්බෙන් වූ ඇත් අතුරු සෙවන නැරඹීමටය. නමුත් එහිදී අපට දැන ගන්නට ලැබුනේ එය නැවත අලි පෙන්වන්නට පටන් ගන්නේ සවස තුනට කියායි.



දිවා ආහාරය ගැනීම සදහා ස්තාන බොහොමයක් අප කතා කර ගත්තත් අවසානයේ අපත් සමග සිටි උපුල් මාමා යෝජනා කළේ උඩවලව ජලාශය අසලම පිහිටි Kalu's Hideaway එකෙන් දිවා භෝජනය ගනිමු කියායි. මෙම හෝටලය වනාහි 1996 Wills ලෝක කුසලානය දිනා ගත් කන්ඩායමේ සිටි රොමේෂ් කලුවිතාරනට අයත් හෝටලයකි.



දහවල් එකට පමන අප එහි ගියෙමු. ඉතාමත් අලංකාර ලෙස ඉදිකරමින් පවතින එහිදී අප ඇනවුම් කළේ එහිම වවන එලවළු වලින් සැදුම් ලත් ගමේ ආහාර වේලකි.


 වෙලාවට නාන්නත් ඇදුමක් අරගෙන ගියේ






කලූවිතාරන ඇන්ද ටී-ෂර්ට්



අවසානයේ දවල් තුන පමණ වන විට අපි Kalu's Hideaway එකෙන් පිටත් වුනේ ඇත් අතුරු සෙවන බලන්න යන්න. යන කොට තුනයි විස්සට විතර ඇති ඒ වෙන කොටත් ඒක බලල ඉවර වෙලා මිනිස්සු එලියට එනව. පස්සෙ දැන ගන්න ලැබුනෙ ඒකෙ කරන්නෙ පුංචි ඇත් පැටව්න්ට කිරි පොවන එක පෙන්වන එක විතරයි කියල. ඉතින් ඒව අපි නම් අලි අනාතාගාරෙ බලන්න ගිහිපු වෙලාවල් වලත් දැකල තියෙන නිසා දකින්න නොලැබුනාට දුකක් දැනුනෙ නැහැ. ඒ උනත් ඒ අලි රංචුව වතුර බොන්න උඩවලව ජලාශයට ඇවිත් ඉන්නව නම් අපි බලාගත්ත.


ඉතින් ඔක්කොමත් බලල අන්තිමේ ආපහු රත්නපුරේ බන්ගලාවට ආව. පස්සෙ දවසෙ ඒ කිව්වෙ මේක ලියන අද දවසෙ තමයි අපි එහෙ ඉදල කොළඹ ආවෙ. හරිම ජොලි චාරිකාවක්. හුගක් තැන් බලන්න ගියා. ඊලග සැරේ ඒ ලගම තියෙන පුංචි දඹදිවත් බලන්න යනවයි කියල හිතා ගත්ත. දැන් නම් පාර දන්න නිසා මට තනියම උනත් ගිහින් එන්න පුළුවන්. ඔන්න දැන් නම් ඉතින් මට නිවාඩු කාලයක් ආවහම ගෙදර කම්මැලියි කියල ඉන්න වෙන එකක් නැහැ. එහෙම හිතුන ගමන්ම රත්නපුරේ ගිහින් එනව.




අහන් ඉන්න අහගෙන ඉන්න...

අද කාලයේ නිපදවෙන සිංහල සිංදු බොහොමයක් ගත්තහම ඒවගෙන් ජීවිතයට ගන්න තියෙන දේවල් ගොඩක් අඩුයි. ගොඩක් සින්දුවලට තේමා වෙලා තියෙන්නේ ආදරය වැනි කාරණා පමණයි. නමුත් අද උදේ නැගිට්ට ගමන්ම මගේ google reader එකේ subscribe කරගෙන තියෙන "හන්තාන" කියන blog site එකේ පල වෙච්ච ගීතයක් ඇහුව.

සින්දුවෙ නම "අහන් ඉන්න අහගෙන ඉන්න". සමහර විට ඔය අයත් අහල ඇති. මම නම් පළවෙනි සැරේට ඇහුවෙ අද.

මෙම ගීතය හරිම ලයාන්විතව ගායනා කරන්නෙ මේකලා ගමගේ මහත්මියයි. තව මේ සින්දුවට rock version එකකතුත් තියෙනව. මේ සින්දුවෙන් කියවෙන්නෙ කුමක් ගැනද කියල ඔය අයත් අහලම බලන්න.

කාලෙකට පස්සෙ මම අහපු ලස්සනම ගීතයක්. මේ ගීතය ගැන මාව දැනුවත් කළ "හන්තාන" blog එක කරන CJට මගේ ස්තූතිය. 



ලස්සන කට හඩක්, තනුවක්, සන්ගීතයක්, එකතු උනොත්, මිනිස්සුන්ගෙ පපුව ඈතුලටම යනවා!!!

ආවා ආවා පළමු ලව් හුටපටය ආවා

මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා කිහිපයක්ම තිබෙන නිසාත් දැන් දැන් කපු ආච්චිල ගැනත් අපේ ගෙවල් දොහේ ඇහෙන නිසාත් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල මටම වෙච්ච ලව් සීන් එකකින්ම මම මේ කථා මාලාව ආරම්භ කරනව.

ඉතින් මේ ලව් කතාවෙ කතා නායිකාව මම දැනුත් දන්න අදුනන යෙහෙලියක්, කතා නායකය ඔබ තුමන්ල හොදින් අදුනන අම්බලන්ගොඩ දොහේ Hishan Melanga වන මා ලෙසත් සිතා ගන්න.

ඉතින් අපි ඇත්තටම අපේ ඉතිහාසයට ගිහින් බැලුවොත් හුගක් අයට මේ වගේ ආදර හැගීම් ප්‍රතමයෙන්ම ඇතිවෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි නෙමෙයි?

මම පොඩි කාලෙදි ඉතින් ඔය මම්මල, නැන්දල හෙම ලොකු උනාම බදින්නෙ කවුද කියල ඇහුවහම කියල තියෙන්නෙ අපේ සදුනි අක්කව තමයි. (ඒ ඉතින් මගේ සුදු බාප්පගෙ දුව.) ඉතින් ඔය වගේ කතා අහගෙන අහගෙන යද්දි කාගෙන්දෝ නංගියෙක් ගෙනුත් එක දවසක් එයා බදින්න ඉන්නෙ කාවද කියල ඇහුවම කියල තියෙන්නෙ හත්තලාමෙ මගේ නම.


ඉතින් ඒ ඉතිහාස කතාවත් දැනගෙන දැන් මම නමය වසරෙ ඉගෙන ගන්න කාලෙට එමු. ඉතින් කතාව මෙහෙමයි ඇත්තටම කොල්ලන්ට කලින් කෙල්ලන්ට මේ වගේ හැගීම් ඇතිවෙන එක පොඩි කාලෙදි සාමනයයි. ඒකනේ ඔය දෙමව්පියන් පාසල් යන කාලෙ ඇති වෙන ආදර අන්දර වලට එහෙම කෙලින්ම තිත තියන්නෙ. ඉස්කෝල් කාලෙ නිමා වෙන කොට කතාවත් නිකම්ම ඉවර වෙලා යනව. එතනිනුත් එහාට කතාව යනවය කියන්නෙ අනිවා සිරා ලව් එකක්.

ඉතින් මේ කෙලියත් ඔය උඩින් කියපු කතා කාරියට ඈතිවුනා. ඈට කොතරම් මාව අවශය වී තිබුනේද කිවහොත් එක දවසක් හොරාට මුද්දක් ඉස්කෝලෙ උස්සන් ඇවිල්ල පන්තියෙ හැමෝටම පෙන්නල ඒක මං එයාට දීපු මුද්දය කියල :( 

ඉතින් හිතා ගත් හැකිනෙ ඒ දවස් වල මම හිටි තත්වෙ. (දැන් නම් මතක් වෙනකොටත් හිනා.) ඒ සීන් කෝන් එක කොල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි, නසරානි කෙල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි බේර ගත්තෙ බොහොම අමාරුවෙන්.

ඒ කතාවෙන් කියවෙන එක දෙයක් තමයි කෙල්ලන් හරිම දරුණුයි. ඒ මදිවට සෑහෙන බොරුත් කියනව. එලිපිට blackmailing කරන්නත් හරි දක්ෂයි.

ඉතින් එහෙම කිව්වයි කියල දැන් මේක කියවන කාන්තා පාර්ශවය මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා; අම්බලන්ගොඩ කොල්ලො කෙල්ලන්ට බූට් දෙනව වැඩියි කියලත් හුගක් අය කියනව. හික් හික්.

ඉතින් 
පරන හුට පටයක් මතකයට නැගුනු 
මම 
~Hishan Melanga~

The කපු-ආච්චි Chronicles

එය වූ කලී 2010 වර්ෂයේ සෙනසුරාදා දිනයකි. වෙනත් දිනයන් වලදී නම් සිකුරාදාට අම්බලන්ගොඩ මගේ ගෙදර පැමිණියත් එදින මට කොළඹ මගේ ලොකු තාත්තලාගේ ගෙදර නැවතීමට සිදුවුණේ තවත් සති දෙකකින් අපට සිමාසිකයේ අවසාන විභාගය මුහුන දීමට නියමිතව සිටි බැවිනි. 

ඉතින් ඒ දිනවල සාමාන්‍ය දින චර්යාව වූයේ  රෑ වෙනකම් සිකුරාදාට පාඩම් කොට උදේ හයට විතර නැවතත් නැගිට පාඩම් කළ පසු දිවා ආහාරය ගෙන චුට්ටක් නිදා ගැනීමය . මෙදින කෙසේ හෝ මට දිවා අහාරයෙන් පසු නින්දගොස් සිටියදී ඇහැරුණේ නිවසේ පහල තට්ටුවෙන් කටකාර ගෑහැනියකගේ කටහඩක් ඇසුන නිසාවෙනි. 

පහළ මහා කතා බහකි. කියල වැඩක් නැත පැමිණ සිටියේ කපු-ආච්චි කෙනෙකි. කා ගැනද මේ කතාව? මගේ cousin කාරය ගැනයි. කපු-ආච්චි පැමිණ හොදින් කාබී සප්පායම් වී සවස හයට පමණ යන්නට ගියාය. 

ඉතින් එදා දිනය අපි "කොල්ලන්ට” වැඩි කතා බහකින් තොරව ගෙවී ගියේය. නමුත් පසු දිනක අම්බලන්ගොඩ නැන්දා පැමිණ අම්මලාට මේ ගැන විස්තර කරනු මම අසාගෙන සිටියෙමි. එයද මාරම කථාවකි. මම කලින් කියූ දින ආච්චී අපේ ගෙවල් සොයාගෙන පැමිණ ඇත්තේ මරු ක්‍රමයකටය. 

කපු-ආච්චි ඉතින් අම්බලන්ගොඩින් කොළඹ එන්ට බස් එකක නැගගෙන ඇත. කෙසේ හෝ කොළඹ පැමිණි පසු ආච්චීට අපේ ගෙදරට යන විධිය මතක නැතිවී ඇත. ඉතින් ආච්චිගෙන් ටිකට් ගන්න ආ කොන්දොස්තරට ආච්චි මේ බව පවසා ඇත. වෙලාවට ආච්චි ලග අප නිවසේ phone number එක තිබී ඇත. 

කෙසේ හෝ කොන්දොස්තර ඔහුගේම hand phone එකෙන් අප නිවසට කෝල් එකක් ගෙන නැන්දාගෙන් පාරත් අසාගෙන ආච්චිව නියමිත තැනින් බස්සවා ඇත. ප්‍රශ්නය නම් ආච්චීට නැවතත් අප ගෙදර පැමිණීමට පාර අමතක වීමය. අන්තිමට අප නිවස සොයා ගෙන ඇත්තේ වට පිටාවේ ගෙවල් වලින් අසාගෙනය. 

“අර අර ලොකු මැවිසුරු මහත්තයෙක් ඉන්නෙ. අර තව ලොකු සුදු පුතෙකුත් ඉන්නෙ” 

යනුවෙන් නානාප්‍රකාර විස්තර අසමින්ය හේ අප නිවස සොයා ගෙන ඇත්තේ. දැන් ඉතින් අයියා registered bachelor කෙනෙකි. ගමම සීන් කෝන් එක දනී. ඉතින් මේ ගැන සිතූ මගේ චූටි මොළේට පැමිණි මුල්ම ප්‍රශ්නය උනේ අපේ cousin කාරයා බදින වයසෙ දැයි ඈ දැන ගත්තෙ කෙසේද කියායි.

පසුව දැන ගත් පරිදි ආච්චි නිකම් guess කර එහි පැමිණ ඇති බවයි. (මේ කෙල්ලන්ට බුද්ධිය ලැබෙන්නෙ කොහෙන්ද කියල මට නම් තේරෙන්නෙ නැහැ අනේ ඇත්තමයි.) බැලින්නම් අපේ ලොකු තාත්තාටද නැන්දා set කොට දී ඇත්තේ ආච්චිය. පසුව ලොකු තාත්තාගෙන්ම දැනගත් පරිදි ආච්චි පවුලේ කිහිප දෙනෙක්ම මෙසේ match කොට ඇත. 

ඉතින් ඉන්පසු නැවත මාස දෙකකට පමණ පසු ආච්චි නැවත පැමිණියාය. එසේ පැමිණියත් ගෙදර කවුරුත් සිටියෙ නැත. සිටියේ මා පමණි. දැන් ඉතින් ඇදපංකො ලෙඩ වාට්ටුව. වෙලාවට අප නිවසේ ඒ දිනවල කුස්සි අම්මා කෙනෙකු සිටියාය. ඈ ආච්චීට බොන්නට තේ එකක්  හෙම සකසා දී  ඔය කාන්තා පාර්ශවයේ talks ටික පුරා පැය දෙක තුනක් නිවසේ අය පැමිණෙන තුරු  කර ගෙන ගියාය. 

දැන් සවස හයත් පසු වී ඇත. නමුත් ගෙදර කට්ටිය එන පාටක් නැත. දැන් ආච්චිට යන්නත් හදිස්සිය. ඉතින් මෙසේ කරුණු යෙදුණ හෙයින් කුස්සි අම්මාට කියා ඈ මා කැදවූවාය. යන්නට යන බව ඈ මට පැවසීය. ඉතින් මමත් හොදයි ගිහින් එන්න යයි කියා දැම්මෙමි. නමුදු ඈ යන්නට ටිකක් අදි  මදි  කරයි. දැන් මට මෙය ප්‍රශ්නයකි. යන්නට ඕනෑයැයි කියන මනුස්සයා දැන් මගේ මුහුන බලමින් සිටියි. 

ටික වෙලාවකට පසු ඈ කීවේ යන්නට මුදල් නොමැති බවයි. දැන් මට පොඩ් ප්‍රශ්නයකි. පෙර දිනයේ අවශ්‍ය බඩු වගයක් මිලදීගෙන පසුම්බියේ ඉතිරිව තිබුණේ සුළු මුදලක් පමණි. මම ඇගෙන් කීයක් විතර අවශ්‍ය දැයි ඇසුවෙමි. ඈ කීවේ රුපියල් සීයක් පමණ ප්‍රමාණවත් බවයි. ඉතින් මමත් එය දී දැම්මෙමි. කෙසේ වූවත් ඇගේ නම් සිත හැදුණේ නැති බව මම දැන සිටියෙමි. පසුව ලොකු තාත්තාටද මේ බව කියා තැබුවෙමි. 

ඉතින් ඉන් පසු මාස කිහිපයක් යන තෙක් ඈ අප නිවසට පැමිණියේ නැත. ඉන්පසු දවසක ඈ නැවතත් පැමිණියාය. එදින ලොකු තාත්තා අවුරුද්දට යැයි කියා අළුත් තුවායක් ඈට තෑගි කළේය.

“අපි අපේ යුතුම් ටික හරිහැටි නැන්දට ඉෂ්ට කරන්නම්. හොද ගෑනු ළමයෙක් ඉන්නව නම් හොයල අපට කියන්න" 

මේ වචන ටික කියවා ගැනීමටය ඈ මෙතරම් කලක් අප ගෙදර ගෑටුවේ. එතැන් සිට අපේ එකාට ආච්චී කෙල්ලන් සොයයි. කෙල්ලෙක් සොයන්න යැයි ලොකු තාත්තා බාප්පාටද කිව් බව මට පසුව ආරංචි විය. 

ඉතින් ඒ මතකයන් නැවතත් අළුත් වූයේ ඊයේ දිනයෙදී නැවත වාරයක් ආච්චි නිවසට පැමිණ ගොස් තිබුණ බැවිනි. මෙදා පොටේ නිවසේ සිටියේ මගේ මල්ලිතුමාය. ආච්චි නම් පැමිණ ඇත්තේ results ද සමගිනි. අපේ මල්ලිට ඒ අක්කලාගෙ ගෙදර telephone නොම්මරය ආච්චි ලබා දී ගොස් තිබුණි. 

සමහර විට ඉදිරි දින වලදී මට ද අයියාත් සමග අක්කලා query කිරීම සදහා යන්නට සිදුවනු ඇත. Fun දවස් ඉදිරියට පැමිණීමට නියමිත බව මට දැන් ඉවෙන් මෙන් හැගෙයි. 

ඉතින් කොහොම හරි අපි වගේ අහිංසක කොල්ලන්ටත් ගොඩයන්ට තිබෙන ක්‍රම මේවාය. කපු-ආච්චි යනු අපේ අයියාට කාලෙකට පසුව ලැබුණ හොදම දඩුවමය.
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL