හුග කාලෙකට පස්සෙ ඒ කිව්වෙ ආයෙමත් SLIIT එකේ semester එකක් ඉවර වෙලා දැන් මාසෙකටත් කිට්ටුවෙන්න එනව. සාමාන්‍යයෙන් අපට ලැබෙන දිග නිවාඩු කාලෙදි මම නම් කරන්නෙ නිවාඩුව ගතකරන්න මගේ මවුතුමියගේ උපන්ගම වන මාතර යන එකයි. ඉතින් දැන් එහෙ ගියත් කට්ටිය අඩුයි. ශෂී අක්ක නම් කොළඹ ජොබ් එකක් කරනව, නිල්ම නංගි බැංකුවේ වැඩට යනව, චිරාන් මල්ලිට මේ අගෝස්තු උ.පෙ. ඉතින් මගේ දින තුනක මාතර ගමනත් කිසිම සද්දයක් බද්දයක් නැතුව ඉවර වෙන්න තිබුන; හැබැයි සීය නොසිටින්න.
වාසනාවට වගේ පොසොන් දවස වෙද්දිත් මම හිටියෙ මාතර. මගේ මාමා ඉන්නෙ නුවර; ඉතින් සීයට හිතුන මාමලාගෙ ගෙදර ගිහින් එන්න. කොච්චර හොදද, ඉතින් ඔන්න මටත් අයෙමත් සැරයක් නිවාඩුවෙදි ට්‍රිප් එකක් සෙට් උනා. මුලින්ම කතා කරගත්තෙ අපේ ගෙදර අයත් අරගෙන අම්බලන්ගොඩින් අධිවේගීමාර්ගය හරහා අවිස්සාවේල්ලෙන් නුවර යන්න, හැබැයි ඉතින් කවදත් අළුත් දෙයක් කරන්න බලාගෙන ඉන්න ප්‍රභාත් මාමා නම් ඒකට කැමති උනේ නැහැ. අන්තිමේදි මාතර ඉදන් හම්බන්තොට හරහා නුවර යන්න තීරනය උනා. යන්න තීරනය උනේ පොසොන් පෝය දවසෙ.
අම්මලත් උදේ පාන්දරින් මාතර සීයලගෙ ගෙදර ආවට පස්සෙ අපි අපේ ගමන යන්න පිටත් උනා වෑන් එකෙන්. උදේ හීල දන්සැල් වලින් පිරිමහ ගන්න තීරනය උනා. අන්තිමේදි දවල්ට කන්න ගෙනිච්ච කෑමත් නොකා දියළුම ඇල්ල ගාව තිබුන ෆ්‍රියිඩ් රයිස් දන්සැලකින් දිවා ආහාරය අරගත්ත.
මේ ගමනෙ තිබුනු විශේෂත්වය උනේ පෙර සූදානමක් නොතිබීම. ඇත්තටම එය ගමනෙ සුන්දරත්වය තවතවත් වැඩි කරන්න හේතුවක් උනා. ගමන ආරම්භයෙදි හිතාගෙන හිටියෙ පළවෙනි දවසෙම නුවර යන්න. ඒත් අන්තිමෙදි තීරනය උනා පළවෙනි දවසෙ බන්ඩාරවෙල නතර වෙන්න. කොහේ ගියත් අපේ නෑදෑයො ලංකාව පුරාම ඉන්න නිසා :) මුලින්ම නවතින්න තීරනය කලේ අපේ සීය කෙනෙක්ගෙ ගෙදර. ඉතින් අපිට හවස තුන විතර වෙද්දි අපේ පළවෙනි නවාතැන්පොල වන බණ්ඩාරවෙලට යාගන්න පුළුවන් උනා.
අවුරුදු ගාණනකින් නාපු නැති සෙට් එකක් වගේ ඊලගට අපි කරේ හොද ස්වාභාවික උල්පතකින් වතුර ගලපු පීල්ලකින් නාගනිපු එකයි. හපොයි ඒකෙ සීතල. ඔය අතරෙ මම කළේ මගේ බණ්ඩාරවෙල හිටපු SLIIT යාළුවෙකුට call එකක් ගනිපු එක. ඒ අය දන්සැලක් ලෑස්ති කරල තිබුන. බණ්ඩාරවෙල ටවුමෙ පන්සලේ. ඉතින් පීල්ලෙන් නාල කරල මම ගියා දන් සැලට සහභාගීවෙන්න.
දුන්නෙ පාන්ගෙඩි තුන්සීයක දන්සැලක්. සීනි සම්බල් ඇතුලට දාල හොදට ඔතල කරල එහෙම පාන්පෙති තිබුන නිසා. පිළිගන්වන එක එච්චර අමාරු උනේ නැහැ. පැය එකහමාරෙන් දන්සැල ඉවරයි. රෑ වෙනකම් දන්සැල් කරන්න හිතාගෙන ආපු යාළුවත් එක්ක අන්තිමේදි මම බණ්ඩාරවෙල ටවුමෙ රවුමක් ගැහුව. බණ්ඩාරවෙල බලන්න කියල තැන් නැහැ. තිබුනත් තියෙන්නෙ "එඩිසන් බංගලාව" විතරයි. අන්තිමේදි යාළුවගෙන් සමු අරගෙන මම ආව සීයලගෙ දිහාවට.
ඊට පස්සෙ දවසෙ උදේ අපි පිටත් උනා නුවර යන්න. නුවර ගමන නුවරඑළිය හරහා වැටිල තිබුන නිසා. හක්ගල මල් වත්තත් බලන්න යන්න තීරනය උනා.
මල් වත්ත බලල අපි සේන්දු උනේ නුවර එළිය ටවුමටයි. නුවර එලිය දැන් හරිම ලස්සනයි, පිරිසිදුයි. දැන් ග්‍රෙගරි වැව අවට හරිම ලස්සනයි. වැව වටේ ඇවිදින්න පුළුවන් වෙන විදියට ගල් අතුරල මාර්ගය සකස් කරල තිබුන. මිනිස්සුන්ට නිවීසැනසිල්ලෙ අවිදින්න නම් කියාපු තැන.
පොඩි මල්ලිට අශ්වයො පදින්න ඕනයි කියපු නිසා ඔන්න අපි අශ්වයෙකුත් පැද්ද.
අන්තිමේදි අපි හවස හතර විතර වෙද්දි නුවර නිමල් මාමලැයි ගෙදරට සේන්දු උනා. මාලිගාවට යන්න ඊලග දවසෙ උදේ කියල තීරණය උන නිසා කට්ටිය හොදට විවේක ගත්ත. අන්තිමේදි ඊලග දවසෙ උදේ මාලිගාවත් වැදල අපි අවිස්සාවේල්ල පැත්තෙන් ගෙදර ආව.
මාලිගාවෙ පහන් වැට වටේට වීදුරු වලින් හදල තිබුන ආවරනය අපේ ගමේ අයගෙ ධන පරිත්‍යාගයෙන් කරල තිබුන බව දැකල තව ටිකක් සතුටු හිතුන. හරිම පිළිවලකට ඒක හදල තිබුන.
දැන් ඉතින් අධිවේගී මාර්ගයකුත් තියන නිසා කොලඹ ඉදන් ගෙදර එන්න ගිය පැය දෙකහමාර අඩුවෙලා රෑ අටහමාර විතර වෙද්දි අපි අම්බලන්ගොඩට ආවා.
මේ මුළු ගමනෙදිම මම දැකපු විශේෂ දෙයක් තමයි. අපේ රටේ පාරවල් ටික. හැම පාරක්ම කාපට් කරල තිබුන නිසා ගිය ගමනෙ කිසිම තෙහෙට්ටුවක් දැනුනෙ නැහැ.
හම්මෝ කාලෙකින්...
ReplyDeleteඔව් හුග කාලෙකින්. මමත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි.
Deleteහොඳ ගමනක් හම්බෙලා. ලංකාව වටේම නෑයො ඉන්න එක කොච්චර දෙයක්ද? අර කිව්වත් වගේ, රට තොට බලන්න යනකොට තමයි පේන්නෙ හැමතැනම පාරවල් හොඳට හදලා තියෙන බව.
ReplyDeleteමගේ මාමා කරන්නෙ එළවලු බිස්නස්. ඒ හින්ද එයා රට තොට පාරවල් ගැන හොදට දන්නව. ඒක හින්ද එයත් එක්ක ගමන් යන එක හරිම ලේසියි.
Deleteඔව්. මගේ මවුතුමීගෙ නෑදෑයෝ ලංකවෙ වටේ ගොඩක් ඉන්නව.
මගෙත් එක්ක රැදිල ඉන්නවට ගොඩක් ස්තූතියි.
බන්ඩාරවෙල මී අච්ච්ත් හම්බුනානේ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete