Latest Entries »
සුනාමිය නිමාවිය
නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට
මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.
ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.
ආවර්ජනා අර්තගැන්වීම...
මෙය කවි වලින් සැදුම් ලත් දෙබසකි එහි පෙම්වතුන් දෙදෙනෙකි. පේලි හතරක් පිරිමි පාර්ෂවයටත්, තවත් පේලි හතරක් ගැහැණු පාර්ෂවයටත් අයත්ය. මෙය කෙනෙකුගේ යටිසිතේ, සිහිනයකදී මෙන් ඇතිවූ දෙබසක් ලෙසද සැලකිය හැක.
දැන් අර්තකතනය සලකමු......
යම් කිසි නොදන්නා ස්ථානයකදී ඔවුන්ගේ ප්‍රතම හමුව සිදුවේ.
දෙදෙනා එකිනෙකා දැක ගන්නේද පළමු වතාවටය.
දුටු පමණින් දෙදෙනාහට ආදරයක් ඇතිවේ.
මෙය ජන්මාන්තරගත ප්‍රේමයකි.
දෙබස අරඹන්නේ පිරිමි පාර්ෂවෙයනි.
ඔහු ඇගෙන් විමසයි.
ඔබ කව්ද?
ඇය තම ජන්මාන්තරගත පෙම්වතා හොදින් හදුනයි.
ඈ පතා ආ පෙම්වතා ඔහු බව පවසයි.
පෙම්වතාටද එසේ සිතුනත් ඔහු හදවතේ යම් භාදාකාරී හැගීමක් පවතී.
ඔහුට එම හැගීම තේරුම් ගත නොහැක.
ඔහු, පෙර භවයක, ඇයගෙන් වෙන්ව සිටියාක් මෙන් දැනේ.
ඔහු ඒ ගැන ඇගෙන් ප්‍රෂ්ණ කරයි.
ඇය එම මතකය අවදිකරන්නට අකමැතිය.
එය අදුරුය.
පෙම්වතාහට ප්‍රෂ්ණය දැනගැනුමට අවශ්‍යව ඇත.
ඔහු එම අදුරට හේතුව විමසා සිටී.
"අදුරු මතකයන්"
ඔවුන් දෙදෙන වෙන් කළ බව ඇය කියා සිටී.
මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.
සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක.

ආවර්ජනා
කව්දෝ නුඹේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ
පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ
නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ
හිතවත,
අදුර අප වෙන් කළේ
මා ඔබෙන්
පෙර භවේ
අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ
අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ
පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ
නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ
හිතවත,
අදුර අප වෙන් කළේ
මා ඔබෙන්
පෙර භවේ
අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ
අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ
අපි සිංහ______ලේ
සිංහල භාෂාව යනු ලෝකයේ වේගයෙන්ම නැතිවී යන භාෂාවක් යයි කිව්වොත් මා සමග බොහෝ අය අමනාප නොවේවි. ඇත්ත කතාව නම් ඒකය. අප කතා කරන භාෂාව සිංහල, අපේ මව් භාෂාව සිංහල, අප ඉපදුනේ, හැදී වැඩුනේ, සිංහලේය. ඉතින් එවන් සිංහලයක් අනාගතයේදී අපට ඉතිරිවේද?
නැත.
අපගේ භාෂාව වේගයෙන් මේ පෘතිවි තලයෙන් අතුරුදන් වෙමින් පවතී.
කල්පයක් වැනි සංසාරයේ තත්පරයක් බදු මේ ජීවිතයෙන් පසු අප මනුසත් භාවයක් ලබනා දිනකදී අප භාසාව නැතිවී ගොස් තිබේවි.
නමුත් මෙවන් භාෂාවක් තිබුනා යයි කෙනෙක් සොයා ගත්තා යයි කියමු. එසේ නම් එය දිරා පත් වූ පොතක් හෝ පත්තරයක් සොයා ගැනීමෙන් නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයට ආභරණයක් බදු වූ අන්තර්ජාලය පීරීමෙන් ඔහු එය සොයා ගනීවි.
එය එදා මෙදා තුල ලොව පහල වූ සර්ව සම්පූර්ණත්වයට ආසන්නවූ, විවිධ උච්චාරණයන්ගෙන් හැසිරවිය හැකි ලොව එකම භාෂවයි.
අප භාෂාව සංරක්ෂණය විය යුතු යයි මම ඉහත කීවෙමි. නමුදු එයට සුදුසු කතිකාවතක් හෝ පෙනෙන තෙක්මානයකවත් නැත. එවන් වූ යුගයක අප භාෂාව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීම සහ යුතුකමය.
නමුත් මහා කුණාටුවක් අවසන රිදී ඉරක් පායා ඇත.
සිංහලේ තරුණයන්, සිංහලෙන්, අන්තර්ජාලය නම් කුනාටු සපිරි සාගරයේ ගමන් කිරීම ආරම්භකොට ඇත.
ඔවුන්ගේ ධෛර්‍ය හා ශක්තිය මෙම කුණාටුවලට මෙල්ල කළ නොහැක.
අද අප තබනා මේ කුඩා පියවර අනාගතයේ අප භාෂාව ලොවට ඉතිරි කරනු ඇත. අවුරුදු දහස් ගණනකට පසුව හෝ අනාගත විද්වතුන් අප භාෂාව පර්යේෂණයට ලක් කරනු ඇත. මෙවන් භාෂාවක් නිර්මාණය වූ භූමිය නැතිවූ ඇට්ලැන්ටාව මෙන් සොයනු ඇත.
ඔව්න්ට එය සොයා ගෑනීම පහසු නොවනු ඇත. නුමුදු අපගේ මෙම ලිවුම ඔවුන්හට පහසුවක් වනු ඇත.
එසේ නම් සිංහලේ පෞඩ ඉතිහාසයට සිංහල බ්ලොග් කරුවන් ලෙසට අපද එකතුවී නැතැයි කියන්නේ කව්රුන්ද?

අප භාෂාව සංරක්ෂණය විය යුතු භාෂාවකි.

Subscribe to:
Posts (Atom)