අඩන්නට හිතුනත් අඩන්නට බැරි
කියන්නට හිතුනත් කියන්නට බැරි
හිතේම පැවතී කුණුවවෙලා ඇති
ප්‍රෂ්ණයකට ඇති විසදුම කුම සකි
මේ ආකාරයේ විසදුමක් නැති ප්‍රෂ්ණ ඔබේ සිත් තුල බොහෝ ඇතුවා නිසැකය. කිමද මේ කාල අවකාශයේ ඉපිදී ඇති අපට විවිධ ප්‍රමාණ වලින් ප්‍රෂ්ණ ඇති බැවිනි. ඒවාට විසදුම්ද විවිධ ආකාරය. සමහර විට මෙය කියවන ඔබටද මහ මෙරක් වැනි ඉතාමත් වේදනා බර ප්‍රෂ්ණ තිබිය හැක. එසේ නම් එවැනි ප්‍රෂ්ණයකට ඔබ විසන් යෝජනා කරන විසදුම කුමක්ද?
ඔබට ඇති ඕනෑම ප්‍රෂ්ණයක් නිර්ණාමිකව මෙහි ලියා හිතේ බර සැහැල්ලු කර ගන්න. සමහර විටක එයට විසදුමක් මෙය කියවන කව්රුන් ලග හෝ තිබිය හැක.
Latest Entries »
සුනාමිය නිමාවිය
නැගී සෝසුසුම්
දුක් කදුළු
අහිමි වූ ජීවිත
මව, පියා
සොහොයුරා, සොහොයුරිය
එකම වලක මිහිදන් කළ ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය
දෙවෙනි නැති
ලොව, අන්, කිසි රටකට
මේ පදවැල් ලියවුනේ මීට වසර හය කට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය සිහිපත් කිරීම සදහා 2005 වර්ෂයේ අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලය මගින් වේදිකා ගත කළ, සමස්ථ ලංකා නාට්‍ය තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගත් "සුනාමිය නිමාවිය" නම් වේදිකා නාට්‍ය සදහාය. මෙහි පද රචනය හා නාට්‍ය නිර්මාණය නීතීඥ ගෝතම ද සිල්වා කාරියවසම් මහතා විසිනි.
ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
සියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
එය සමස්ථ මිනිස් වර්ගයාගේ හිත සුව පිණිසම වනු ඇත.
ආවර්ජනා අර්තගැන්වීම...
මෙය කවි වලින් සැදුම් ලත් දෙබසකි එහි පෙම්වතුන් දෙදෙනෙකි. පේලි හතරක් පිරිමි පාර්ෂවයටත්, තවත් පේලි හතරක් ගැහැණු පාර්ෂවයටත් අයත්ය. මෙය කෙනෙකුගේ යටිසිතේ, සිහිනයකදී මෙන් ඇතිවූ දෙබසක් ලෙසද සැලකිය හැක.
දැන් අර්තකතනය සලකමු......
යම් කිසි නොදන්නා ස්ථානයකදී ඔවුන්ගේ ප්‍රතම හමුව සිදුවේ.
දෙදෙනා එකිනෙකා දැක ගන්නේද පළමු වතාවටය.
දුටු පමණින් දෙදෙනාහට ආදරයක් ඇතිවේ.
මෙය ජන්මාන්තරගත ප්‍රේමයකි.
දෙබස අරඹන්නේ පිරිමි පාර්ෂවෙයනි.
ඔහු ඇගෙන් විමසයි.
ඔබ කව්ද?
ඇය තම ජන්මාන්තරගත පෙම්වතා හොදින් හදුනයි.
ඈ පතා ආ පෙම්වතා ඔහු බව පවසයි.
පෙම්වතාටද එසේ සිතුනත් ඔහු හදවතේ යම් භාදාකාරී හැගීමක් පවතී.
ඔහුට එම හැගීම තේරුම් ගත නොහැක.
ඔහු, පෙර භවයක, ඇයගෙන් වෙන්ව සිටියාක් මෙන් දැනේ.
ඔහු ඒ ගැන ඇගෙන් ප්‍රෂ්ණ කරයි.
ඇය එම මතකය අවදිකරන්නට අකමැතිය.
එය අදුරුය.
පෙම්වතාහට ප්‍රෂ්ණය දැනගැනුමට අවශ්‍යව ඇත.
ඔහු එම අදුරට හේතුව විමසා සිටී.
"අදුරු මතකයන්"
ඔවුන් දෙදෙන වෙන් කළ බව ඇය කියා සිටී.
මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.
සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක.
දැන් අර්තකතනය සලකමු......
යම් කිසි නොදන්නා ස්ථානයකදී ඔවුන්ගේ ප්‍රතම හමුව සිදුවේ.
දෙදෙනා එකිනෙකා දැක ගන්නේද පළමු වතාවටය.
දුටු පමණින් දෙදෙනාහට ආදරයක් ඇතිවේ.
මෙය ජන්මාන්තරගත ප්‍රේමයකි.
දෙබස අරඹන්නේ පිරිමි පාර්ෂවෙයනි.
ඔහු ඇගෙන් විමසයි.
ඔබ කව්ද?
ඇය තම ජන්මාන්තරගත පෙම්වතා හොදින් හදුනයි.
ඈ පතා ආ පෙම්වතා ඔහු බව පවසයි.
පෙම්වතාටද එසේ සිතුනත් ඔහු හදවතේ යම් භාදාකාරී හැගීමක් පවතී.
ඔහුට එම හැගීම තේරුම් ගත නොහැක.
ඔහු, පෙර භවයක, ඇයගෙන් වෙන්ව සිටියාක් මෙන් දැනේ.
ඔහු ඒ ගැන ඇගෙන් ප්‍රෂ්ණ කරයි.
ඇය එම මතකය අවදිකරන්නට අකමැතිය.
එය අදුරුය.
පෙම්වතාහට ප්‍රෂ්ණය දැනගැනුමට අවශ්‍යව ඇත.
ඔහු එම අදුරට හේතුව විමසා සිටී.
"අදුරු මතකයන්"
ඔවුන් දෙදෙන වෙන් කළ බව ඇය කියා සිටී.
මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.
සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක.
ආවර්ජනා
කව්දෝ නුඹේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ
පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ
නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ
හිතවත,
අදුර අප වෙන් කළේ
මා ඔබෙන්
පෙර භවේ
අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ
අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ
පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ
නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ
හිතවත,
අදුර අප වෙන් කළේ
මා ඔබෙන්
පෙර භවේ
අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ
අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ
Subscribe to:
Posts (Atom)




