ඉකි ගසමින් හඩන
පිස්සුවකින් පෙලෙන
උමතු කොල්ලෙකු දුටුවෙද
චින්තනය උපරිමයි
මෝඩකම අනන්තයි
පැහැදිලි කමක් නැති හැඩයි
ඔහු පවසන වදන් ඔහුම නොදනියි
කවි ලියන්නේ කුමකටද
අනුන්ට නොතේරෙන තමන්ටම පමනද
කියා සිතුනා උමතු කොල්ලට
නොතෙරේ අන් කියවන අයටද
විදවයි ඔහු
පැරදියි ඔහු
කුමකින් වැරදුනු
නොදනියි ඔහු දේදුනු
අර්තවත් කවි පදයක්
සොය සොයා වෙහෙසෙත්
දැන් දැන් මහන්සියි ලියලත්
සිතට නොතේරේ වෙහෙසක්
අද නම් පුදුම දිනයකි
කවිම ලියවුනි
උදෙන් පටන් ගති
දැනටම තුනක් ලිව්වෙමි
කවුරුද මේ කවි ලියනා පිස්සා
සොයල බලනා ඔහෙලා
ලියු rap කවිය කියෝලා
සිනා සෙන්නකො මන්මත් වීලා
අද කාලයේ හැම දෙයකම් rap වී යන නිසා මටත් rap කවියක් ලියන්න හිතුනා. Rap කවි ලිවීම හරිම පහසුයි. මොකද ඒව කාටවත් තේරෙන්නෙ නැහැනෙ. ඇත්තටම rap සිංදු වගේ.
" Rap කවි ලිවීම හරිම පහසුයි. මොකද ඒව කාටවත් තේරෙන්නෙ නැහැනෙ. ඇත්තටම rap සිංදු වගේ."
ReplyDeleteහඃ හඃ හා . .
ඔයා කියන කතාව ඇත්ත එහෙම බැලුවාම මේක රැප් කවියක් නෙමෙයි මොකද මෙකේ කියන්න හදන දේ තේරෙනවනේ . .