බහුතරයක් ළමුන් වනාහි ඉගෙනීමෙහිම ඇලී ගැලී සිටිති. ඔවුන් පාසලෙන් පිටවන විට තම ජීවිතයට එකතු කර ගත් දෙයක් නම් නැත. පාසලේ බාහිර ක්රියාකාරකම් තුලින් මා ජීවිතයට ලබා ගත්තේ එකම එක දෙයකි. එනම් හුදෙක් සහතික පත්රයක්ම පමනක් නොවේ, සමාජයේ මිනිසුන් හා ගැටෙන ආකාරය පිළිබද මනා දැනුමක් මා එ තුලින් ඉගෙන ගත්තෙමි.
ඉතින් අවසන අප රගපෑ "ලියොන්කාගේ ලෝකය" නාට්ය සමස්ථ ලංකා ප්රථම ස්ථානය දිනා ගති. එම ජයග්රහනයට පිට දුන් ගෝතමද සිල්වා කාරියවසම් ගුරුමහතා සහ ඔහුගේ දෙමව්පියන් මම අද සිහිපත් කරන්නේ හදපිරි සතුටෙනි. ගෝතම සර් ඔබ සැමදා අනන්තයි.





